UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය 15 වන දා මහනුවරදී

චාරිත්‍රානුකූල හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 15 දින පෙරවරු 11.04 ට යෙදෙන සුබ නැකතට අනුව මහනුවර ශ්‍රී දළදා චතුරස්‍රයේ ශ්‍රී නාථ දේවාල භූමියේ දී පැවැත්වෙයි. මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් සහභාගිවීමට නියමිතය.

ඉතිරිය»

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය

මහනුවර, මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය ත්සවයන් මෙම වර්ෂයෙහි (2017) මැයි මස 10 වෙනි බදාදා සිට (වෙසක් පුන් පෝය දින) ආරම්භවී ජුනිමස 8 වෙනි බ්‍රහස්පතින්දා (පොසොන් පුන් පෝය දින) අවසන් කොට පහත සඳහන් පොහෝ දිනවල පෙරහර සහිතවද සෙසු දිනවල පෙරහර රහිතවද සිදු කෙරෙන බව ,මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ ශාසන ගෞරවයෙන් නිවේදනය කර ඇත.

ඉතිරිය»

සාමය, සමඟිය, මානුෂිකත්වය පිරි අලුත් අවුරුදු මංගල්‍යය

බක් මාසය යනු පිරුණු සශ්‍රීක යන අරුත් ඇති දේශීය වචනයකි. බක් මාසය යනු ශ්‍රී ලාංකේය සිංහල හා හින්දු බැතිමතුන්ගේ ද ආකර්ශනය දිනාගත් සතුට ජනනය කරන කාල පරිච්ඡේදයක් ලෙසින් අතීතයේ සිට නූතනය දක්වා සිහිපත් කෙරේ. කාලගුණික දේශගුණික වශයෙන් සෞම්‍ය කාලගුණයකින් හෙබි විසිතුරු තුරු ලතාවන් මලින් ඵලින් බරව නානාවිධ සියතුන්ගේ කන්කළු නාදයන්ගෙන් ප්‍රබෝධිත වූ අස්වැන්නෙන් සශ්‍රීකව ගිය බක් මස සැම සතනට ආශ්වාසය ජනනය කරන කාලයකි.  දහඩිය මහන්සියෙන් වැඩ කොට ලත් ඵලය අස්වැන්න ලෙසින් කපා ගොඩ ගෙන එමඟින් සතුටුවන වකවානුවක උදාවන මෙම මාසය සැමට වාසනාව හා සෞභාග්‍ය උදාකළ මාසයක් ලෙසින් සලකමින් සිය කටයුතු කර ගැනීමට උපකාර කළ සැම එක්ව නව්‍යත්වය පෙරදැරිකොට සතුටුවන කාලයක් සේද සැලකේ.

ඉතිරිය»

 

බුදුරදුන් නාගදීපයට වැඩම කළ බක් පොහොය

"බෞද්ධ ඥානමාර්ගයේ ආරම්භය ශ්‍රද්ධාව බව නැවත පසක් කරමින් බුද්ධ රූපය දුටු සැනින්ම නාගයන් උන්වහන්සේ පිළිබඳ පැහැදී වන්දනා කළහ. ශ්‍රද්ධාව නිසා එළඹි සියලු නාගයන්ට බුදුරදහුන් ධර්ම දේශනා කළහ. දහම අසා කරුණු අවබෝධ කරගත් නාගයෝ යුද්ධයට හේතුව වූ මැණික් පුටුව බුදුරදුන්ට පූජාකළහ. අත්හැරීම ගැටුමෙන් නිදහස් වීමට මඟක් බව ඔවුන් තේරුම් ගත්හ.' දොළොස් පොහොය අතර සිංහල සංස්කෘතියට අනුව ඉතා වැදගත් පොහොය බක් පොහොයයි. හෙළ සිරිත් විරිත්වලට මූලිකත්වය ලබාදෙමින් සිරිත් විරිත් සිදුවන මාසය බක් මාසයයි. ලාංකේය බෞද්ධයාට ශාසනික වශයෙන් ගත් කල ද බක් පොහොය ඉතා වැදගත්ය. බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය සිදුවන්නේ අද වැනි උතුම් පොහොය දිනකදීය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අටසිල් අනුශාසනා

බෞද්ධයාගේ ප්‍රධාන පරමාර්ථය නිවන් පසක් කර ගැනීමයි. බුදුදහමෙහි ඇතුළත් කුදුමහත් සියලු පිළිවෙත් තුඩු දී ඇත්තේ ඒ සඳහා ය. ඒ පිළිවෙත් සීල සමාධි ප්‍රඥා වශයෙන් තුන් ආකාරයයි. එයිනුත් මුලින්ම පිරිය යුත්තේ සීලයයි. සීලය කියන්නේ හික්මීමයි. කය වචන දෙකේ සංවරයයි. සීලයෙන් තොර සමාධියක් නැහැ. සමාධියක් නැතුව ප්‍රඥාව වඩන්නට බැහැ. සීල සමාධි ප්‍රඥා යන ගුණාංග අනුපිළිවෙලින් වඩන්නට ඕනෑ. එහෙම නැතිව රහත් වෙන්නට බැහැ. රහත් වීමට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නට ඕනෑ. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව දියුණු කළ හැක්කේ දියුණු කළ සිතකයි. 

ඉතිරිය»

 

බුදුරදුන් නාගදීපයට වැඩම කළ වගයි. සිතුවම - සත්සර ඉලංගසිංහ

 

බක් පුර පසළොස්වක

 

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 10 වන දා සඳුදා පූර්ව භාග 10.22 ට ලබයි. 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 10 වන දා සඳුදාය.
 

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]