UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිළියන්දල සංකල්ප විහාරයේ පන්ලක්ෂයක් මල් පූජාකිරීමේ පින්කම මැදින් පෝදා

පිළියන්දල මාකන්දන වැලිතොටුව වත්ත සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මල් ලක්ෂයක් පූජාකිරීමේ පින්කම මෙවරද (මාර්තු 12 වන) මැදින් පුර පසළොස්වක පෝදාට යෙදී ඇත. පන්ලක්ෂයකට අධික මල් ප්‍රමාණයක් පූජා කිරීමට කටයුතු සංවිධානය කර ඇත. මෙවරද ඉන්දියාවෙන් දාස් මල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් රැගෙන එන අතර නෙළුම් මල් ලක්ෂයක්, අරලිය මල් ලක්ෂයක්, රෝස, ඩේලියා, කපුරු ආදී විචිත්‍ර මල් වලින් මෙම පින්කම වර්ණවත් වී ඇති බව කියයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

උතුම් මහ සඟ ගුණ කඳ

සෙය්‍යථාපි භෝ ගෝතම ඉමස්ස මිගාරමාතු පාසාදස්ස දිස්සති. අනුපුබ්බ සික්ඛා, අනුපුුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා, යදිදං යාව පච්ඡිමා සෝපාන කළෙබරා ඉමෙස්සම්පි හි භෝ ගෝතම බ්‍රාහ්මණානං දිස්සති. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදාති. තථාගතයන් වහන්සේ සැවැත්නුවර මිගාරමාතු පාසාද හෙවත් විශාඛාවන් විසින් කරවූ පූර්වාරාමයෙහි වැඩ වාසය කරන්නේ ගණක මොග්ගල්ලාන නැමැති බ්‍රාහ්මණයා පැමිණ සතුටු සාමිචි කතාවෙහි නිරතව එකත්පසෙක හිඳ මෙවැනි කරුණක් සැලකර සිටියා. එනම් පින්වත් ගෞතමයෙනි, බමුණු ඉගැන්වීමෙහි අනුපූර්ව ශික්ෂා ක්‍රමයක්, අනුපූර්ව ක්‍රියා පටිපාටියක් අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව වශයෙන් දක්නට ලැබෙනවා.

ඉතිරිය»

අප්‍රමාදය නිර්වාණය ළඟා කරයි

අප ජීවිතය තුළ අවබෝධයක් සහිත ,පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත් පිරිසක් ලෙස ජීවිතය ගත කළ යුතුයි. පටිච්ච සමුප්පාදය තුළින් ලෝකය දැකිය යුතුයි. ලෝකය තේරුම් ගැනීම අවශ්‍යයි. මධ්‍යම ප්‍රතිපදාව තුළින් ලෝකය සමඟ කටයුතු කිරීමට පුහුණු විය යුතුයි.පටිච්ච සමුප්පාදය තුළින් ලෝකය දකින පුද්ගලයා ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා මිස අන්තවාදී අසුබ මානසිකත්වයකින් හෝ අන්තවාදී සුබ මානසිකත්වයකින් දේවල් දැකීමට උත්සාහ කරන්නේ නැහැ.  අප්‍රමාදී බව ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යාම සම්බන්ධව අවබෝධයක් තිබිය යුතුයි. ධම්ම පදයේ අප්පමාද වග්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි “අප්පමාදෝ අමත පදං” අප්‍රමාදී බව නිර්වාණයට තිබෙන නමක් ලෙසද, නිවනටම තිබෙන මාර්ගයක් ලෙසද අපට හඳුනා ගත හැකි වෙයි. නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබෙන්නේම අප්‍රමාදී පිරිසට පමණයි.

ඉතිරිය»

සාමණේර භික්ෂු ආකල්ප වැඩමුළුවෙන්...

ගම්පහ දිස්ත්‍රික්කයේ සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා පිණ්ඩපාත චාරිකාවක් ඇතුළු ආකල්ප සහ භාවනා වැඩමුළුවක් පෙබරවාරි 15 වන දා සිට එම 17 වන දා දක්වා කටුනායක බෝධිරතනාරාමයේ දී පැවැත්විණි. එම වැඩසටහනට සාමණේර භික්ෂූන් වහන්සේලා 152 නමක් සහභාගි වූහ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ගුණගරුක නායකත්වයකින් හෙබි භික්ෂු පරපුරක් ඇතිකිරීම එහි අරමුණ වුණි.

ඉතිරිය»

දූනගහ සෑරදුන්ට මුල්ගල තැබීම 9 වන දා

දූනගහ පුරාණ මහ බෝධි විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ සඳහා මුල්ගල් තැබීම මාර්තු 09 වැනි දින පෙරවරුවේ දී සිදුකෙරේ. කතානායක දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රමුඛ ආරාධිතයෝ විශාල පිරිසක් එම අවස්ථාවට එක්වීමට නියමිතය. විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත නැදලගමුවේ ධම්මදින්න නා හිමියන්ගේ අනුශාසනා පරිදි හා විහාරාධිකාරී දර්ශනපති ඕවිටිගමුවේ මණිරතන නාහිමියන්ගේ මෙහෙයවීමෙන් චෛත්‍ය ඉදිවීමේ මහ පින්කම සිදු කරනු ලැබේ.

ඉතිරිය»

 

මහා අභිනිෂ්ක්‍රමණය.
සිතුවම - පුන්සර උදාර

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]