UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

මිතුරු නොවන මිතුරන් හඳුනා ගනිමු

නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මංපි සමනුපස්සාමි යෙන අනුප්පන්නාවා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලාධම්මා පරිහායන්ති යථා ඉදං භික්ඛවෙ පාප මිත්තතා, පාපමිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති. උප්පන්නා ච කුසලාධම්මා පරිහායන්තී’ ති.  අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයෙහි ඇතුළත් ඉහත දැක් වූ පාඨයෙහි සිංහල අර්ථය නම්, යමක්  හේතුකොටගෙන නූපන්නා වූ අකුසල කර්ම උපදින්නේ නම්, උපන්නා වූ කුසල ධර්ම පිරිහෙයි නම් එයට මූලික වන්නේ පාප මිත්‍ර ඇසුර බවයි. පාප මිත්‍රයන් ඇත්තා හට නූපන්නා වූ අකුසල ධර්ම උපදියි. උපන්නා වූ කුසල ධර්ම පිරිහෙයි.  මේ අනුව බැලූ කල පාප මිත්‍ර ඇසුර මිනිසෙකු පරිහානිය කරා යොමු කරවීමට කෙතරම් බලපාන්නේ ද යන්න මනාව පැහැදිලිය. යම් පුද්ගලයන් තුළ සද්ධාව නොමැතිද, දුස්සීල වෙයි ද ධර්ම විනය නොදන්නේ වේද, මසුරුකම ඇත්තේ වේද, නුවණ නැත්තේ වේද ඔවුහු පාප මිත්‍රයෝ වෙති. එවැනි අය හා යම් ඇසුරු කිරීමක් වේද, නිතර ඇසුරු කිරීමක් වේද, මනාව කරන ඇසුරු කිරීමක් වේද, භජනයක් වේද, නිතර කරන භජනයක් වේද, ඔවුන් කෙරෙහි භක්තියක් වේද, සිත, කය හා වචනය යන තිදොරින් ඔවුන් හා නැඹුරුවූ බවක් වේද එය පාප මිත්‍ර ඇසුරයි. මෙවන් පාප මිත්‍රයන් ඇති පුද්ගලයාට නූපන් අකුසල් උපදින අතර උපන් කුසල් පරිහානියට පත් වේ.

ඉතිරිය»

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 18 වනදා සෙනසුරාදා අපරභාග 11.48 ට ලබයි. 19 වනදා ඉරිදා අපරභාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 18 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 26 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]