UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක 2017.02.10

ආගමානුකූල ජීවිතය

බොදු සැදැහැවතුන්ගේ සිත් පහන් කරවන ආගමික දිනයකි.' නවම් පුර පසළොස්වක පොහොය දිනය. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු සිරිතේ උදාර සිද්ධි අනුස්මරණය කරන පොහොය දිනයකි. එමෙන්ම සම්බුද්ධ ශාසනයේත් ඓතිහාසික සිද්ධි රැසක් සිදුවූ පොහොය දිනයකි. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනම අගසවු තනතුරු ලබන ලද්දේ නවම් පුන් පෝදාකය. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත්, බුදුපියාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේති නවම් පුන් පෝදාකය. බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණයට තෙමසකට පෙර ආයු සංස්කාරය අත්හළේද නවම් පුන් පෝදාකය.

සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම සම්බුදු සිරිතේ හෝ ශාසන ඉතිහාසයේ ඓතිහාසික සිදුවීම් අනුස්මරණය කෙරෙන ආගමික දින වේ.

බෞද්ධයා පොහොය දින එළඹීමට පෙර සිට සූදානම් වී, පේවී පොහොය දිනය ආගමික වශයෙන් ගතකිරීමට ගන්නේ මහඟු උත්සාහයකි. අතීතයේ සිටම පසළොස්වක, අව අටවක, අමාවක සහ පුර අටවක යන සතර පොහොය දිනයන්හිම ආගමික වතාවත්වල නිරතවීම බෞද්ධයාගේ පෞරාණික චාරිත්‍රයක් ව පවතී. අද පවා සතර පොහොයටම සීල සමාදානයෙහි යෙදී ආගමික වතාවත්වල යෙදෙන බෞද්ධයෝ අප අතර නැත්තේ නොවේ.

වෙසෙසින් පසළොස්වක පොහොය දිනය වඩාත් ප්‍රචලිත පොහොය දිනය වන හෙයින්, එබඳු දිනකදී සතර පොහොය පිළිබඳ බොදු ජනතාව දැනුම්වත් කිරීම පන්සල සමගින් පියවර ගන්නේ නම් සතර පොහොයට සිල් පිරිසගෙන් අඩුවක් නොවනු ඇත. එමෙන් ම සතර පොහොය දාම ආගමික වතාවත්වලට සහභාගි වන පිරිසෙන් අඩුවක්ද නොවනු ඇත. සතර පොහො ගැන බොදු ජනතාව දැනුම්වත් වීම අඩුවක්ව පවතින බව වාද කළ යුතු කරුණක් නොවේ.

පෙරට වඩා බෞද්ධ සැදැහැවතුන්ගේ ආගමික නැඹුරුව ගැන සතුටු විය හැකි කාලයකි. වෙසෙසින්ම තරුණ දූ පුතුන් අන් කවරදාකටත් වඩා ආගමානුකූලව කටයුතු කිරීමට පෙළෙඹෙන ප්‍රවණතාවයක් දක්නට ලැබේ. ඒ හැදෙන වැඩෙන පශ්චිම ජනතාවට මවුපිය වැඩිහිටියන්ගේ නිවැරැදි මඟ පෙන්වීමද අත්‍යවශ්‍යය. පන්සලෙන් ඒ සඳහා නිසි මාර්ගෝපදේශකත්වය සැලසීමෙන් තරුණ පරපුරෙහි ආගමික නැඹුරුව තව තවත් වර්ධනය කළ හැකිවේ. යොවුන් පරපුරෙහි සහභාගිත්වයෙන් ආගමික සමිති සමාගම් බිහිකර ඔවුන් දහම් දැනුමෙන් පෝෂණය කළහොත්, ඔවුන්ගේ අනාගතයද යහපත් වනු ඇත.

අපේ රටේ දහම් පාසල් අධ්‍යාපනය ලබන දරු පරපුර දහම් පාසල් අධ්‍යාපනය අවසන්වීමෙන් පසු පන්සලෙන් ආගමික කටයුතුවලට සහාය දෙන ඊට සහභාගි වන ක්‍රමවත් ආගමික වැඩසටහන් සඳහා ඔවුන් යොමු කරවීම අත්‍යවශ්‍යය. පන්සල මෙන්ම ස්වාමින් වහන්සේ සපයන ආදර්ශය අවවාදය ඔවුන්ගේ දිවිමඟ එළිය කර ගැනීමට එය බෙහෙවින් ඉවහල්වන හෙයිනි.

දරුවන්ට හැදෙන්නට ඉඩ දී බලා නොසිට දරුවන් යහපත් දරුවන් ලෙස හදන්නට මුල්විය යුත්තේ මවුපිය දෙදෙනාමය. මවුපිය දෙදෙනා එසේ කළයුතු නිසාම පූර්ව ආචාර්යවරුන් ලෙසද හඳුන්වා දෙනු ලැබේ.

ආගමික පරිසරයක ඇසුර ලබන දරුවාගෙන් නිවසට, මවුපියවරුන්ට, අසල්වැසියන්ට, ගමට, පළාතට යහපතක් මිස අයහපතක් නම් නොවනු ඇත. කුඩා කල දරුවන්ට එසේ මඟ පෙන්වනු ලැබීමෙන් සමස්ත ජීවිතය පුරා නිවැරැදි ජීවිතයක් ගත කිරීමට පෙළෙඹෙනු නොඅනුමානය.

යහපත් දරුවකුගේ යහපත් ක්‍රියාකාරම් ඇගයීම නිරන්තරයෙන් සිදුවන්නකි. එබඳු දරුවන්ගේ මවුපියන්ට පවා ආශිර්වාද කිරීම සිරිතය. අයහපත් ක්‍රියාව දකින දරුවාට දොස් නැඟීම සාමාන්‍ය සිරිතකි. එපමණක් නොව එබඳු මොහොතක එබඳු දරුවන්ගේ මවුපියවරුන්ට දොස් නැඟීමද සාමාන්‍ය සිදුවන්නකි.

ආශිර්වාදය බෙහෙවින් දියුණුවට මඟ සදයි. සෑම දෙනාගේ ආශිර්වාදය ලබාගත හැකි අයුරෙන් කටයුතු කිරීම තරුණ දූ පුතුන්ගේ වගකීම සහ යුතුකම විය යුතුය. අධ්‍යාත්මික දියුණුවට යොමුවීමෙන් භෞතික දියුණුව අඩාල නොවේ. භෞතික දියුණුවත් සමඟ අධ්‍යාත්මික දියුණුවක් නොදලහොත් එබඳු දිවියක් ගුණ දහමෙන් ඈත්වීමට ඉඩ ඇත. ගුණ දහමෙන් පෝෂණය වන දිවිය රටටත්, සාමාජයටත් බෙහෙවින් වැඩදායක වනු ඇත.

ඓතිහාසික ආගමික දිනයකදී ආගමික වතාවත්වල නිරතවන අතර හැතිකාත් ආගමානුකූල ජීවිතයක් ගත කිරීමට අදිටන් කරගත යුතු වේ. එවිට එම ආගමික දිනය ජීවිතයේ අනුස්මරණීය දිවියක් ලෙස ජීවිත කාලය පුරා ගත කළ හැකිවේ.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]