UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලේ ලේක්හවුස් කප්රුක් පූජාව මෙවරත් නවම් පසළොස්වක පෝදා

මිහින්තලේ මහ සෑ රදුන් වහන්සේ උදෙසා මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සෑම මසකම පුර පසළොස්වක පෝදා පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙම නවම් පුර පසළොස්වක පෝදා 10 දා ද සිදු කෙරේ. නවම්පුර පසළොස්වක පෝදා වේයන්ගොඩ මාරපොල ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරාධිකාරී ඌරාගොඩ අමරවංශ හිමියන්ගේ සහ වැල්ලවත්ත ස්වර්ණබෝධි විහාරාධිපති කිරිවැල්දොල පියනන්ද නා හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම සිදුකෙරේ.

ඉතිරිය»

 

කමල් ශ්‍රී බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කිරීම 5 දා

කිරුළපන ශ්‍රී පූර්වාරාමය, බොරලැස්ගමුව වාපිකාරාමය යන විහාරයන්හි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පත්බේරියේ ශ්‍රී විමලඤාණ හිමියන්ගේ ආශිර්වාදය ඇතිව බොරලැස්ගමුව වාපිකාරාමය කේන්ද්‍රකොටගෙන මහරගම වත්තෙගෙදර අංක 130/4 දරණ ස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් කමල් ශ්‍රී බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝසභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 05 වැනි දින විවෘත කෙරේ. 

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

අපමණ කල් අපමණ දුක් විඳින්නෝ

අගක් මුලක් නොපෙනෙන සසර වූ කලී කාන්තාරයකි. නිිරුදකයකි. ඒ නිරුදක සසරේ ගමන් කිරීම විවිධ උපද්‍රවයන්ට තෝතැන්නකි. සොරුන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් විවිධ ගැහැට ගෙන දෙන්නෙකි. එමෙන්ම සසර වූ කලී මහා සාගරයකි. එහි අගක් මුලක් නොපෙනේ. සසර නමැති සැඩ පහරට හසුවූවන්ට එතෙරක් හෝ මෙතෙරක් නැත. ඇතැමෙක් මේ සැඩ පහරට හසුවී අපමණ දුකකට පත් වෙති. සැඩ පහරේ බිය ජනක සුළු තත්ත්වය වටහා ගන්නෝ මුළු වීර්යයම යොදා සසරින් එතෙර වෙති. ඒ සඳහා උත්සුක වෙති. උනන්දු වෙති. ඒ සසර කතරින් එතෙර වීමට උත්සුක වූවෝ පෙරුම් දම් පුරති. පෙරුම් පිරීම යනු බුද්ධත්වය හෙවත් අවබෝධය ඇති කර ගැනීම පිණිස ආත්මයක් හෙවත් භවයක් පාසා පින් දහම් පිරීමයි. ඒ පින් දහම් පිරීම මෙන්ම කුසල ධර්ම වැඩිමෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ සසරින් එතෙර විය හැකි ය. ඒ තුන්තරා බෝධිය නම් බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අර්හත්වයට පත්වීමයි. ඒ තත්ත්වය උදාකර නොගන්නාතාක් සත්වයා ඉපදෙමින් මියයමින් අපමණ දුකකට පත්වෙති.

ඉතිරිය»

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය විවෘත කිරීම 3වනදා

ශී‍්‍ර ලංකා ජනරජයේ ප්‍රතිපාදනයන්ද සහිතව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාව මගින් සුවිසාල පිරිවැයක් දරා කොළඹ 05 නාරාහේන්පිට බේස්ලයින් පාරේ අංක 566 දරණ ස්ථානයේදී ඉදි කොට ඇති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය මෙම මස 03 වෙනි දින (2017.02.03) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ සුරතින් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සඟසතු කොට විවෘත කිරීමට නියමිතය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වසර 154 කට පෙර අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි මාහිමි, අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමි, අතිපූජ්‍ය වරාපිටියේ සිරිසුමිත්ත මාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ විජයානන්ද පිරිවෙන මධ්‍යස්ථානය කර ගෙන ගිං ගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී 1863 ජූලි මස 13 වෙනි දින සිදු කරන ලද ප්‍රථම උපසම්පදා මහා විනය කර්මයෙන් පසු ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වංශ කතාව අද දක්වා දිව එයි.

ඉතිරිය»

 

සිදුහත් කුමරු සතර පෙරනිමිතිවලින් තෙවන පෙරනිමිත්ත දැකීම.
සිතුවම - පුන්සර උදාර

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]