UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව දුරුතු පෝදා

ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් සෑම පුර පසළොස්වක පෝදාකම මිහින්තලා මහ සෑය වෙත සිදු කෙරෙන කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාව ද, මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම දුරුතු පෝදා හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. කප්රුක් පූජා පෙරහර දුරුතු පෝදා (12) පස්වරු 2 ට මිහින්තලේ සාංචි විහාරය අසලින් ආරම්භ කෙරේ. මිහින්තලේ මහ සෑ වන්දනාව සඳහා මාසිකව සිදු කෙරෙන කප්රුක් පූජාවේ දායකත්වය දැරීමට කැමැති බෞද්ධ සංවිධානවලට සහ සැදැහැතියන් වෙත ආරාධනා කරන අතර වැඩි විස්තර සීසර් සුදුසිංහ 0779086274 හෝ ශාන්ත ජයමහ 0777207371 දුරකතන අංක වෙතින් දැනගත හැකිය.

ඉතිරිය»

ජාත්‍යන්තර වෙසක් උළෙල

700 කට අධික ජාත්‍යන්තර බෞද්ධ නියෝජිත පිරිසක් මෙරටට

එක්සත්ජාතින්ගේ වෙසක් දිනය ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් ලෙස හා ගාම්භීර ලෙස පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කැබිනට් අනුකාරක කමිටුව හා අමාත්‍යංශ ලේකම්වරුන්ගේ මට්ටමෙන් පත්කරන ලද අනුකමිටු 10 කින් සංවිධානය කෙරෙන බව බුද්ධශාසන අමාත්‍යංශය අවධාරණය කරයි. ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට මෙරට ස්ථාපිත වූ නිර්මල ථෙරවාදී බුදු දහම වසර 2500 කට ආසන්න කාලයක් ආරක්ෂා කර ගනිමින් ලෝකයේ ආසියාතික රටවලට බුදුදහම ප්‍රචලිත කරමින් ලෝකයේ ථෙරවාදි බුදුදහම ආරක්ෂා කර ගත් ඉපැරණිම රට වශයෙන් ශී‍්‍ර ලංකාව බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරිම සඳහා ලබාදී ඇති දායකත්වය වර්තමාන ලෝකයේ බුදු දහම අගයන රටවලට මෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳව උනන්දුවක් දක්වන ලෝක ජනතාවට පණිවිඩයක් ගෙන යාම ඉලක්ක කර ගෙන මෙවර ජාත්‍යන්තර වෙසක් උළෙලෙහි කටයුතු කරනු ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මෙත් සිතක මහිමය

“න මෙ චිත්තං විපරිණතං භවිස්සති. න පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච
විහරිස්සාමි. මෙත්තචිත්තෙ න දොසන්තරො ති”

අද ලංකාවාසී බෞද්ධයන්ට වැදගත් දිනයක්. එනම් අද වගේ දිනක බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවට වැඩම කළා. උන්වහන්සේගේ සම්බුද්ධත්වයෙන් නව වන මාසයේ දී මහියංගණයේ මහානාග වනයට වැඩමකර යක්ෂ ගෝත්‍රිකයින් දමනය කළ බව සඳහන් වෙනවා. එවන් අතිඋතුම් පොහෝ දිනයකදී ඔබගේ ධර්මඥානය වැඩි දියුණු කිරීම සඳහා මජ්ක්‍ධිම නිකායේ එන කකචූපම සූත්‍රය ඇසුරු කර ගනිමින් මෙම ධර්ම විග්‍රහය කිරීමට අපේක්ෂා කරනවා. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින දිනයකදි මොලීයඵග්ගුන හිමියන් අරභයා දේශනා කළ බව සඳහන් වෙනවා. මොලීයඵග්ගුන හිමියන් නිතර භික්ෂුණීන් වහන්සේ සමඟ සල්ලාපයේ යෙදෙන අතර භික්ෂුණීන් පිළිබඳව යම් දෝසයක් අගුණයක් කථා කළ විට එයට උරණ වී භික්ෂූන් සමඟ වාද විවාද කරනවා. කළහ කරනවා. මේ ආකාරයටම මොලීයඵග්ගුන හිමියන්ගේ දෝෂයක් හෝ අගුණක් ගැන කතා කළ විට භික්ෂුණින්ද වාද විවාද කරගන්නවා.

ඉතිරිය»

බුදුරදුන් වැඩි කැලණි පුදබිම

වෙසක් පුන් පොහෝදාත් කැලණිය පුදබිමත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියත් සම්බුද්ධත්වයත් බුදුරජාණන් වහන්සේගේ මහාපරිනිර්වාණයත් සිහිකරණ වෙසක් පුන් පොහෝ දවස කැලණි පුදබිම සමඟ සම්බන්ධ වන්නේ උන්වහන්සේගේ කැලණි පුදබිමට වැඩම කිරීම වෙසක් පුන් පොහෝ දිනකම සිදු වූ නිසාය. බුදුරජාණන් වහන්සේ තුන් වරක් ශ්‍රී ලංකාවට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි සඳහන්වන අන්දමට සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසුව ලංකාවට වැඩම කළ උන්වහන්සේ මහියංගණයේ මහානාග උද්‍යානයේදී යක්ෂයින් දමනය කර ඇත. එම ස්ථානයේ සිටි අය අතර කැලණියේ මණිඅක්ඛික නාග රජුද සිටි බව සඳහන් කරන මහාවංශය, හෙතෙම බුදුරජුන්ගෙන් බණ අසා සරණ සීලයේ පිහිටි බවද සිහිකරයි. භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදී සිදුවිය. චූලෝදර නාරජු සහ මහෝදර නා රජු අතර මිණිපළඟක් අරභයා එනම් සිහසුන පිළිබඳ හටගත් අරගලය සමථයට පත් කිරීම සඳහා උන්වහන්සේ දෙවන වරට නාගදීපයට වැඩම කරන ලදී.

ඉතිරිය»

බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩමකිරීම. සිතුවම
- සත්සර ඉලංගසිංහ

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]