UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙල්වත්තේ නන්ද තිස්ස නා හිමියෝ කොළඹ මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් පිදුම් ලබති

තෙල්වත්තේ නන්ද තිස්ස නා හිමියෝ කොළඹ මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් පිදුම් ලබති

තෙල්වත්තේ නන්දතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹර දිළෙන පුන්සඳක් බඳු මහා තෙර නමකි. උන්වහන්සේ විචිත්‍රභාණීය, දක්ෂය, විචක්ෂණශීලීය, පරිත්‍යාගයෙහි ඇළුනාහ. නිහතමානීය. එබැවින් අමරපුර මූල වංශික මහ නිකායේ මහා තෙරවරුන් විසින් උන්වහන්සේට කොළඹ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත.

ඒ පිළිබඳ අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය නොවැම්බර් මස 19 වන දින වැලිතර අමරපුර මූලවංශික සීමා මාලකයේ දී සවස 2.00ට පැවැත්වීමට නියමිතව තිබිණි.

දකුණු සිරිලක ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේ ධම්මික නිවසේ උපන් පිරිමි සහෝදරයන් සතර දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූහ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ලිපිකරුවකු වශයෙන් සේවය කළ දේවාරා හන්දි සැක්මන් සිල්වා සහ නල්ලා හන්දි ලීලාවති ද සිල්වා යන දම්පතීන්ට දාව 1968 සැප්තැම්බර් මස 25 වෙනිදා මෙලොව එළිය දුටුවේ ය. එම දරුවා ගාල්ල තෙල්වත්ත කණිෂ්ඨ විද්‍යාලයෙන් හා පැරෑළිය ජිනරතන මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අතර තුරේදීම තොටගමුව විජයබා දහම් පාසලෙන් දහම් පාසල් ජීවිතය ආරම්භ කළේ ය. 1981 ජනවාරි 05 වන දින අග්ග මහා පණ්ඩිත වැලිතර අම්බරුක්ඛාරාමාධිපති අහුංගල්ලේ විමල නන්ද තිස්ස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දරුවා පැවිදි කිරීමට දෙමාපියෝ භාර දුන්හ. අහුංගල්ලේ විමල නන්ද තිස්ස මහානා හිමි සහ අකුරල විමලතිස්ස අනුනාහිමි යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙපළගේ ආචාර්යත්වයෙන් බලපිටිය ගොරකාගොඩ ධම්මිකාරාමයේදී තෙල්වත්තේ නන්ද තිස්ස නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත් වූහ. පැවිදි වීමෙන් අනතුරුව ගා / සුගත ශාසනෝදය මහා පිරිවනෙන් මූලික අධ්‍යාපනය ලැබ 1987 වර්ෂය දඩල්ල ශ්‍රී ශෛලමධ්‍යාරාමයට වැඩම කොට ගාල්ල විද්‍යාලෝක මහ පිරිවෙනට ඇතුළත්ව එම වර්ෂයේදීම උසස් පෙළ විභාගයෙන් සමත් වූ නන්ද තිස්ස හිමියෝ 1990 දෙසැම්බර් මස 22 දා මහරගම ධර්මායතනයේ දී උපසම්පදාව ලැබූහ. උපසම්පදාවේදීත් ආචාර්යවරුන් වහන්සේ ලෙස ක්‍රියා කළේ මහණවීමේදී ආචාර්යවරුන් වූ අහුංගල්ලේ විමල නන්ද තිස්ස මහානාහිමි සහ අකුරල විමලතිස්ස අනුනාහිමි යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාය. මේ උපසම්පදා මංගල්‍යක් වූයේ සමස්ත අමරපුර නිකාය සමඟි කොට සමඟි උපසම්පදාවක් කිරීමයි. එහි මූලිකත්වය ගෙන ක්‍රියා කළේ අති පූජ්‍ය මඬිහේ පඤ්ඤාසීහ මහානාහිමි හා අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමිවරුන්ය. උපසම්පදාවෙන් පසු උන්වහන්සේගේ මූලික අවධානය යොමු වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැනයි. ඒ අනුව 1991 වර්ෂයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය ආයතනයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හදාරා ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්හ. අනතුරුව හක්මන නරවැල්පිට තෝරාවිට පුරාණ විහාරයේ පිහිටි මාර / සිරි සුගත පිරිවෙණෙහි පරිවේණාධිපති වශයෙන් ද ගා / පුඤ්ඤසාර මහා පිරිවෙණෙහි ද හා විද්‍යාලෝක මහ පිරිවෙණෙහිද ගා / මාජූවාන පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවේණාධිපති වශයෙන්ද ගා / කෝවිලගොඩැල්ල ගුණෝදය මහ පිරිවෙණෙහි ද සේවය කරමින් හැදෙන වැඩෙන කුඩා සාමණේර භික්ෂූන්ගේ ධර්මඥානය දියුණු කළෝය. උන්වහන්සේ මේ දක්වාත් පිළියන්දල ශ්‍රී විද්‍යා ශාන්ති මහ පිරිවෙනෙහි ධර්මාචාරවරයෙකු වශයෙන් විශිෂ්ට සේවයක් කරන්නාහ.

කාගේත් ප්‍රයෝජනය පතා භික්ෂූන් වහන්සේලාගේ හා දුප්පත් මහජනතාවගේ ,හිතසුව පිණිස කොළඹ ආරාමයක් ඉදි කළහ. කොළඹ 08, කිතුල්වත්තේ ආර්.පී. සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් එෆ්.ආර්. සේනානායක ආරාමය ආරම්භ කොට මේ දක්වාත් වැඩ කරමින් ආරාමය අංගසම්පූර්ණ කිරීමෙහිලා සිය ධනය, කාලය හා ශ්‍රමය කැප කරති. ශෛ්‍යලමධ්‍යාරාමය පිළිසකර කරමින් ද ශ්‍රී ඥානවිමල තිස්ස දහම් පාසල ආරම්භ කරමින් ද කළ සේවාව අදත් ප්‍රදේශවාසී ජනතාව කතා බහ කරති. බී.එස්. අබේසේකර මාවත සෑදීම, ලේ දන් දීමේ කඳවුරු පැවැත්වීම, සුනාමී ව්‍යසනයේදී සිය ජීවිතය පවා පරදුවට තබා විපතට පත් වූවන් බේරා ගැනීම විහාරස්ථාන අවමංගල්‍යාධාර සමිතිය පිහිටුවා අවමංගල්‍යයකදී රු. 5000/- ක මුදලක් ලබා දීම, සුනාමියෙන් අවතැන් වූ අය විහාරස්ථානයේ නවත්වාගෙන තුන් මාසයක් ආහාර පාන දී ඒ අය රැක බලා ගැනීම අදත් බොහෝ දෙනා ප්‍රශංසා මුඛයෙන් කතා බහ කරති.

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]