UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්මඩුව රජමහා විහාරයේ දී අසූමහා ශ්‍රාවක පූජාවක්

ඓතිහාසික ගල්මඩුව රජමහා විහාරයේ දැනට ඉදිකරමින් පවතින ධර්මශාලාවට ආධාර ලබා ගැනීම නිමිත්තෙන් අසූ මහා ශ්‍රාවක පූජාවක් මෙම මස 8,9 යන දිනවල සවස 6.00 පැවැත්වේ. විහාරාධිපති, කර්මාචාර්ය ගම්මුල්ලේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ කාර්යසාධක සමිතියේ මූලිකත්වයෙන් එම වැඩසටහන සිදුකෙරේ.

ඉතිරිය»

කොළොම්පුරය එළිය කරන වාලුකාරාම මහ පෙරහර

ශ්‍රී ලංකාවාසී බෞද්ධ මහජනතාවට ඇසළ මාසය බොහෝ පින්කම් සිදුකර ගැනීමට මුල්වන කාල පරිච්ඡේදයකි. මේ අතර ඉතා වැදගත් වන්නේ ඇසළ පෙරහර මංගල්‍යයයි. මහනුවර ඇසළ පෙරහර මෙන්ම රට පුරා ඇසළ පෙරහර පිළිබඳ විවිධ තොරතුරු ඉදිරිපත් වන මේ වකවානුවේ කොළොම්පුරයේ පැවැත්වෙන කොල්ලුපිටියේ වාලුකාරාම මහා විහාරස්ථානයේ ඇසළ පෙරහර කාගේත් නෙත්සිත් ඇද බැඳ ගන්නා කලා මංගල්‍යයකි. අප රටේ බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් යුග මෙහෙවරක යෙදුන පුණ්‍ය භූමියකි කොල්ලුපිටියේ වාලුකාරාම විහාරස්ථානය. සියවස් දෙකකට ආසන්න කාලයක සිට ආගමික, සාමාජික, ජාතික හා ශාස්ත්‍රීය වශයෙන් සිදු කරනු ලැබූ සුවිශේෂී සේවාව මහත් සේ අලංකාර වූයේ මෙම මහා පෙරහර තුළිනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

වරද පෙන්වා ඔවා දෙන නැණවතුන්ගේ ඇසුර වටී

තුන් ලොවක් මහා කරුණාවෙන් සනසන ලද ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ බෞද්ධයාගේ අත්පොත ධම්මපදය නම් ග්‍රන්ථයේ පණ්ඩිත වර්ගයට අයත් වන ගාථාවක් ඉහත දැක්වූයේ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ රාධ කියලා දුප්පත් බමුණෙක් සිටියා. මේ මහලු බමුණාට ජීවත්වෙන්න ක්‍රමයක් නැතිව ගියා. කන්න,බොන්න. දෙන්න තරම්වත් සළකන්න කෙනෙක් නැතිව ගියා.  සුපින්වතුනි අන්තිමේදී බමුණා කල්පනා කළා පන්සලට ගිහිල්ලා ඇප උපස්ථාන කරලා ලැබෙන දෙයක් කාලා ජීවත්වන්න ඕනැයි කියලා මෙහෙම හිතපු රාධ බමුණා විහාරයට ගිහිල්ලා මලු පෙත්මං අමදිනවා මිදුල් උදලු ගානවා. ස්වාමින් වහන්සේලාට දැහැටි පැන් සපයාදීලා වත්පිළිවෙත් කරනවා. එතකොට ඒ විහාරයේ ස්වාමින් වහන්සේලාත් මේ රාධ බමුණාට ආහාර ඇඳුම් අරන් දෙනවා. මේ අයුරෙන් කලක් ගත වුණා. ඔය අතරේ බමුණාටත් කල්පනාවක් ඇති වුණා.

ඉතිරිය»

රෝගී භික්ෂූන්ට සුවය සදන

හොරණ – ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය

නිවන්මඟ පසක් කරගැනීමේ අදිටනින් පැවිදි බව ලබා සිටින භික්ෂූන් වහන්සේලා ග්‍රාමවාසීව හා ආරණ්‍යවාසීව වැඩ වෙසෙති. විහාරස්ථානයන්හි වැඩ වසන භික්ෂූන් වහන්සේලා වයෝවෘද්ධව, රෝගී වූ විට උන්වහන්සේලා රැක බලා ගැනීමට සිය දායක දායිකාවන් සිටිය ද ආරණ්‍යගතව සිටින භික්ෂූන් වහන්සේලා වයෝවෘද්ධව රෝගී වූ විට උන්වහන්සේලා රැක බලා ගැනීමට ඇතැම්විට කිසිවකු නොමැති බැවින් එම භික්ෂූන් වහන්සේලා අසරණ තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. ආරණ්‍යගත භික්ෂූන් වහන්සේලා වයෝවෘද්ධව රෝගාතුර වූ විට උන්වහන්සේලාට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබාදී සුවපත් කරන ගිලන් භිික්ෂු මධ්‍යස්ථානයක් හොරණ දික්හේන ප්‍රදේශයේ වසර කීපයක සිට ක්‍රියාත්මකව පවතී. එම ආයතනය මගින් ප්‍රතිකාර ලබාගන්නා ගිලන් භික්ෂූන් වහන්සේලාට සියලු පහසුකම් සහිතව නොමිලයේ ප්‍රතිකාර ලබා දෙයි. ශීල සුව අරණ ගිලන් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානය නමින් හඳුන්වන එම ආයතනය හොරණ දික්හේන ප්‍රදේශයේ නිසංසල භූමියක ස්ථාපනය කර තිබේ.

ඉතිරිය»

අසිත තවුසා කුමරු දැකීම.
සිතුවම -අසංග සංජීව කරුණාතිලක

 

    වප් මස
පුර අටවක පෝය

 වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 08 වනදා සෙනසුරාදා අපරභාග 09.24 ට ලබයි.
9 වනදා ඉරිදා අපරභාග 10.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 09 වනදා ඉරිදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 15 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]