UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යයේ 6 වැනි පෙරහර (10) රාත්‍රියේ වීදි සංචාරය කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. එහිදී ජනාධිපතිතුමා කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන් බැහැදැක උන්වහන්සේට අටපිරිකර පූජා කළේ ය. කිරි වෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේ ය. කතරගම මහා දේවාල පරිශ්‍රයේ ඇති සෙසු දේවාලද වැඳපුදා ගත් ජනාධිපතිතුමා කතරගම දේවාල පරිශ්‍රය හා අවට ප්‍රදේශය විදුලි ආලෝකයෙන් ආලෝකමත් කළේ ය. අෂ්ඨඵල බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් අතර පුරාණ කිරි විහාරයේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව කතරගම මහා දේවාලයේ පැවැති විශේෂ දේව පූජාවටද සහභාගි වී ආශීර්වාද ලබා ගත්තේ ය. අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, දයා ගමගේ, විජිත් විජයමුණිද සොයිසා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාරිනී නිලූකා ඒකනායක, ඌව පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර මහත්ම මහත්මීහුද ජනාධිපතිතුමා සමඟ එම අවස්ථාවන්ට එක්වූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (15) කතරගම පුදබිම වෙත ගොස් කතරගම ඇසළ උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් රැසකට සහභාගි විය. පළමුව කිරිවෙහෙර වැඳ පුදාගත් අගමැතිතුමා අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ වෙත බෝධි පූජාවක්ද පවත්වා කතරගම මහා දේවාලයේදී දේව ආශීර්වාදය පැතීමෙන් පසුව ඇසළ පෙරහර නැරඹීම සිදු කරනු ලැබීය. කිරිවෙහෙර රාජමහා විහාරාධීපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කොබවක ධම්මින්ද හිමියන් හා කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස නාහිමියෝද එහිදී ආගමික වතාවත් සිදු කළහ. කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා එම වැඩසටහන් සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අමාත්‍ය සාගල රත්නායක, දකුණු පළාත් සභා විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ, මොනරාගල දිසා ලේකම් ඩී.එස්. පද්මා කුලසූරිය, කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසෝක වික්‍රමසිංහ මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

පානදුර වෑකඩ උතුර සෞභාග්‍ය වැඩිහිටි සංවිධානය මගින් වෙසක්, පොසොන් උත්සව නිමිති කරගෙන වැඩිහිටි භක්ති ගීත ගායනයක් පවත්වන ලදී. එම සමිතියේ සංවිධායක ඩයස් රත්නායක මහතාගේ මග පෙන්වීමෙන් එය පැවැත්විණි. ජී.ඒ. ආරියරත්න (සභාපති) , ජී.ඩබ්ලිව්. සෝමදාස (භාණ්ඩාගාරික) , කිත්සිරි ගුණරත්න (උප සභාපති), ඩබ්ලිව්. විජේසූරිය, ජී.නාලනී සිල්වා (ලේකම්) සිසීවනී ජෙනට් සිල්වා, එච්.කේ.ඩී. නන්දා, හේමලතා සිල්වා, කමලා විජේසිංහ, ලීලා පීරිස්, ටර්ලි ප්‍රනාන්දු, ලියමලී ප්‍රනාන්දු මහත්ම මහත්මීහු මෙහි වෙති.

 

  ඇසළ අව අටවක පෝය

  ඇසළ අව අටවක පෝය ජූලි 26 වනදා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
27 වන දා බදාදා අපරභාග අපරභාග 3.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 26 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]