UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහරගම තරුණ බෞද්ධ සංගමයෙන් දීපව්‍යාප්ත පාසල් රචනා තරඟයක්

මහරගම තරුණ බෞද්ධ සංගමයෙන් දීපව්‍යාප්ත පාසල් රචනා තරඟයක්

මහරගම තරුණ බෞද්ධ සංගමයේ අධ්‍යාපන අතුරු කාරක සභාව මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන, ‘දීපව්‍යාප්ත පාසල් ශිෂ්‍ය රචනා තරඟය’ මේ වර්ෂයේ ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර රචනා තරගයට පහත සඳහන් මාතෘකා තුන අතරින්, තමාට අභිමත එක් මාතෘකාවක් යටතේ, රචනා ඉදිරිපත් කළ හැකි ය.

1. අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ

2. අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණෝ

3. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණෝ.

උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා 7 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා වූ ශිෂ්‍ය කාණ්ඩ 3 ක් සඳහා මෙම තරගය විවෘතය.

උසස් පෙළ, සිසුන්ගේ රචනයක් වචන 750 කටද, සාමාන්‍ය පෙළ සිසුන්ගේ රචනයක් වචන 500 කටද, හත්වන ශ්‍රේණීය සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ රචනයක් වචන 300 කටද, නොවැඩි විය යුතු ය. එකී නියමිත ප්‍රමාණයට වඩා දීර්ඝ රචනා ඉදිරිපත් නොකරන ලෙස තරගකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරිපත් කරනු ලබන රචනා සමඟ ‘අයදුම්කරුගේ නම, ඉගෙනුම ලබන පාසල, ශ්‍රේණිය, තරගවදින කාණ්ඩය, රචනය තමාගේම බවට සහතික කොට විදුහල්පතිතුමා, තුමිය ලබාදුන් නිර්දේශය, දුරකථන අංකයක් ඇතොත් එයද’, ඇතුළත් කොට තිබිය යුතු ය.

ඉහත දක්වා ඇති කාණ්ඩ තුන සඳහාම, වෙන වෙනම ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ඇතුළුව 10 ස්ථානය දක්වා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගනු ලැබේ. සෑම කාණ්ඩයකම ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග, සමරු ඵලක, සහ සහතික පත් පිරිනමනු ලැබේ. 10 ස්ථානය දක්වා ඉතිරි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට වටිනා සහතික පත්‍රයක් බැගින් පිරිනමනු ඇත. මෙම තරගයේ අවසාන තීරණය මහරගම තරුණ බෞද්ධ සංගමයේ අධ්‍යාපන අතුරු කාරකසභාව සතු වන අතර, එම තීරණ පිළිගැනීමට සියලු තරගකරුවන් බැඳී සිටිය යුතු ය.

සියලු රචනා ‘ලේකම්, අධ්‍යාපන අතුරු කාරක සභාව, මහරගම තරුණ බෞද්ධ සංගමය, අංක 25,විද්‍යාකර මාවත, මහරගම’ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ. තරගය සඳහා රචනා භාරගන්නා අවසාන දිනය, 2016 සැප්තැම්බර් මස 28 වැනිදා වේ. (වැඩි විස්තර, මහරගම තරුණ බෞද්ධ සංගමයේ අධ්‍යාපන අතුරු කාරකසභාවේ ලේකම්ගෙන් ලබාගත හැකිය. දුරකථන 0776444927)

 

  ඇසළ අව අටවක පෝය

  ඇසළ අව අටවක පෝය ජූලි 26 වනදා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
27 වන දා බදාදා අපරභාග අපරභාග 3.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 26 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]