UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භූතානයේ බුදුදහම ඉතිහාසයේ පුරාණ කාලය

භූතානයේ බුදුදහම ඉතිහාසයේ පුරාණ කාලය

තවමත් භූතානයේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදුකර නැතත් එම භූමියේ මතුපිට තිබී හමුවන ශිලා උපකරණවලින් පෙනීයන්නේ, සමහර විට ක්‍රි.පූ. 2000 වැනි වකවානුවක සිට මිනිසුන් පදිංචිව සිටි බවයි. භූතානයේ ආගමික ඉතිහාසය හා ආගමික නොවන ඉතිහාසය එකිනෙකට වෙලී පැටලී ඇත. දෘක්පා (Drukpa)  නම් ආගමික ගුරුකුලය 17 වන සියවසේ සිට එහි ව්‍යාප්තව තිබිණ. එයින් එක්සත් භාවය ඇතිවුන එම රටටත්, එහි පදිංචිකරුවන්ටත් ගැළපෙන ලෙස එම නාමය ලබා දුන්නේ එම ආගමික ගුරුකුලයයි

. මෙසේ ඩොසොංඛ (Dzongkha) භාෂාවෙන් භූතානය දෘක්යුල් (Druk yul)  යනුවෙන්ද, භූතාන ජනයා දෘෂ් පස් (Druk pas)  යනුවෙන්ද හඳුන්වනු ලැබිණි. දෘක් යුල් යන්න කාව්‍යමය අදහසින් පරිවර්තනය කළවිට දෘක්යුල් යන්න ‘මකරාගේ භූමිය’ (Land of Dragon)  යනුවෙන් කිව හැක. එය මෙම කුඩා කථාවෙන් පැහැදිලි කළ හැක. ට්සංග්පා ග්‍යුරේ යෙෂේ ඩෝර්ජි (Tsangpa Gyare yeshe Dorje ) ( 1161 – 1211) විසින් මධ්‍යම ටිබැටයේ අලුත් තාපසාරාමය දොළොස්වන සියවස අගදී අභිෂේක කරනු ලබද්දී ඔහුට අකුණු හඬක් ඇසිණ. එය පොදු විශ්වාසය අනුව මකරාගේ හඬ ලෙස සැලකින. (දෘක්) = මකරා, එනිසා මෙය දෘක් නමින් නම් කිරීමට තීරණය කළේ ය. ඔහු ස්ථාපනය කරන ලද ආගමික ගුරුකුලය ඒ අනුව, ‘දෘක්පා’ නම් විය. 17 වන සියවසේ දී දෘක්පස්වරු, භූතානය එක්සත් කළ විට ඔවුන් එයට ඔවුන්ගේ නාමය දුන්නේ ය.

දෘක්යුල් යනුවෙන් හැඳින්වනු ලැබීමට පෙර භූතානය විවිධ නම්වලින් හැඳින්විය. එනම් ල්ලෝ ජොං (Lho Jong)  = දකුණේ මිටියාවත ල්හෝ මොං ඛ ෂී (Lho Monkha shi) සතර ප්‍රවේශයට අයත් දකුණු මොං රාජ්‍යය, ල්හෝ ජොං මෙන් ජොං  (Lho Jong Men Jong) ඖෂධ පැළෑටිවලට දකුණු මිටියාවත, ල්හෝ මොං ට්සෙන්ඩන් ජොං (Lho Mon Tsenden Jon) සුදුහඳුන් වැවෙන දකුණු මොං මිටියාවත ආදී වශයෙනි. ‘මොන්’ යනු ටිබැට් ජාතිකයින් විසින් හිමාලය දකුණු බෑවුමේ පදිංචිව සිටි බෞද්ධ නොවන මොංගොලොයිඩ්වරුන්ට භාවිත වූ වාර්ගික නාමයකි. බුටාන් යන නාමයේ ආරම්භය අපැහැදිලිය. නමුත් බොහෝ දුරට විශ්වාසයක් තැබිය හැකි අදහස නම්, ටිබැට් දේශසීමාවන් අසල සියලුම ප්‍රදේශයන් සඳහා භාවිතාවන භොටන්ටා (Bhotanta) යන ඉන්දියානු නාමයෙන් බිඳී ආවක් බවය.

භූතානයේ ආදී ඉතිහාසය, ලිඛිත ටිබැට් මූලාශ්‍රයන් මගින් දත හැක. නමුත් අවාසනාවකට මෙන් ඒවායේ විස්තර එහි ජනගහණය හෝ එකල පැවැති ආණ්ඩුක්‍රමය ගැන දැනගැනීමට තරම් ප්‍රමාණවත් නැත.

භූතානය බුදුසමය ළඟාවීම

භූතාන ජනප්‍රවාදයනට අනුව භූතානයේ ඉතිහාසය ආරම්භ වන්නේ ක්‍රි.ව. 7 වන සියවසිනි. එනම් සොංග්ට්සෙන් ගම්පෝ (Songtsen Gampo) නම් ටිබැට් රජතුමා, ප්‍රථම බෞද්ධ පන්සල් දෙක, එනම් පරෝ (Paro)  නිම්නයේ කියිචු (Kyichu)  හා බුම්කාං හි වොඵක්හොර් (Choekhor)  නිම්නයේ ජම්පා යන දෙක ගොඩනැගීමත් සමගය. අටවන සියවසේදී වර්තමාන පකිස්ථානය වන සවට්වලින් භූතානයට තාන්ත්‍රිකයෙක් පැමිණියේ ය. ඔහුගේ නාමය පද්මසම්භව නම් වුවද ඔහු සාමාන්‍යයෙන් භූතානයේ හා ටිබැටයේ හඳුන්වනු ලබන්නේ ගුරු රින්පොචේ – (මා හැඟි ස්වාමීන්) යනුවෙනි. ඔහු ටිබැටයේ මෙන් මෙහි තාන්ත්‍රික බුද්ධාගම හඳුන්වා දෙනු ලැබීය.

නියන්ගම්පා (Nyingampa) ආගමික නිකාය (පායනු ගුරුකුලය හෙවත් නිකාය යනුයි.) සලකන්නේ ඔහු ඔවුන්ගේ ආදිකතුවරයා හා දෙවන බුදුන් ලෙසයි. ඔහු බැලීමට ගිය සියලුම ස්ථානත් ඔහු භාවනායෝගීව සිටි ස්ථානයත් යන සියල්ලම, භූතාන වැසියන්ගේ වන්දනා ස්ථාන වෙයි. රටේ සියලුම පන්සල් වලම වගේ ඔහුගේ අෂ්ඨවිධ ප පහළවීම්වලට ද පුද සත්කාර කෙරේ. බුම්තාං පාලනය කළ රජතුමා බුදුසමයට හරවා ගැනීම පිළිබඳ කතාන්තරයෙන් පෙනීයන්නේ පද්මසම්භවගේ කාලයේදී, භූතාන් නිම්නයේ පදිංචිව සිටියේ සජීවී අජීවී සියල්ලකම ආත්මයක් ඇතැයි විස්වාස කරන වර්ගයේ ආගමක් අදහන ලද, ජනතාවක් බවය. නමුත් ඔවුන්ගේ ආරම්භය ගැන දැනගන්නට නැත. (සමහරවිට භූතානයේ පැරණි නම් ගැන සිතනවිට මොංගොලොයිඩ්වරුන් විය හැක.)

ප්‍රථමවරට බුදුදහම හඳුන්වාදෙනු ලැබූ පසුව, පැමිණි 9 වන හා 10 වන සියවස්වල ඉතිහාසය ව්‍යාකූල ප්‍රවාදයනට අනුව අබෞද්ධයෙකු ලෙස පෙන්වනු ලබන ලංදර්ම (Langdarma) නම් ටිබැට් රජතුමා 842 දී ඝාතනය කරනු ලැබීමෙන් පසු ටිබැටයත් දේශපාලනමය අවුල් තත්ත්වයකට පත් විය. පොත් රාශියක් විනාශ වී ගිය අතර ඈත ප්‍රදේශවල පමණක් බුදුසමය පැවතුනේ ය. මේ කලබලකාරී ශතවර්ෂයන් ගැන සමකාලීන තොරතුරු දැනට නැත. නමුත් පසු කාලීන තොරතුරු අනුව, බොහෝ මිනිසුන්, විශේෂයෙන් රදළයින් ටිබැටයෙන් පැන ගොස් මධ්‍යම හා නැගෙනහිර භූතාන නිම්නවල පදිංචි වී බලයට පත්වූ බව සිතීමට කරුණු තිබේ. එකොළොස්වන සියවස ආරම්භයේ දී ටිබැටයේ බුද්ධාගමේ පුනර්ජීවනයක් දක්නට ලැබේ. ටෙර්ටොන්ස්, එනම් පරෝ සහ බුංතංවල “සැඟවුන ආගමික වස්තූන් ගවේෂණය කරන්නවුන්ගෙ“ ක්‍රියාවලිය නිසා භූතානයේ ද එම ආගමික පුනරුදය පිළිබිඹු විය. මෙම වස්තූන් නම් පද්මසම්භව සහ අනිකුත් ශුද්ධවන්තයින් විසින් සඟවා තබන ලද ග්‍රන්ථ හෝ වස්තුන්ය. ඒවා සුදුසු කාලයේ දී දෛවෝපගත පුද්ගලයින් විසින් සොයාගැනීමට නියමිතව තිබූ ඒවාය. මේ ටෙර්ටන්ස් (Tertons)  වරුන්ගෙන් වැඩි හරියක් න්යින්ගම්ප නිකාය නිසා බිහිවූවන්ය.

11 වන සියවසේ අගත්, 12 වන සියවසේ මුලත්, ටිබැටයේ ආගමික ව්‍යාපෘතියක් සිදුවිය. කදම්ප, කග්යුප, සහ සක්යප වැනි විවිධ ආගමික නිකාය කීපයක් ඇතිවිය. මේ ආගමික නිකායවල ප්‍රචාරක කටයුතු දකුණු නිම්නය දක්වා විහිදිණ.

ආගම

රාජ්‍ය ආගම වශයෙන් තාන්ත්‍රික ස්වරූපයේ මහායාන බුද්ධාගම පිළිගෙන ඇති ලෝකයේ ඇති එකම රාජ්‍යය භූතානයයි. අටවන සියවසේ දී භූතානයේ සමහර නිම්නයන් තාන්ත්‍රික බුද්ධාගම වැළඳගත් අතර, දෙවන වරටත් 12 වන සියවසේ දී තවත් ආගමික පරිවර්තනයක් විය. මේ වාරයේ දී මුළු රටම ඊට සම්බන්ධ විය.

තාන්ත්‍රික බුද්ධාගම

මෙම ආගමික ස්වරූපය බුද්ධාගම පිළිබඳ සිදු වූ පරිණාමයේ අවසාන අවස්ථාවේ පැන නැගුන එකකි. බටහිර රටවල වජ්‍රයාණ නමින් හැඳින්වේ. ‘තන්ත්‍ර’ යන්න දළවශයෙන් ගත්විට තුන්වන සියවසත් 10 වන සියවසත් අතර පහළවීමට පටන්ගත් ගූඩි ග්‍රන්ථවල අඩංගු ධර්මයකින් පැන නැගුන එකකි. මෙය ඉතා සරළ තත්ත්වයේ සිට අතිශය සංකීර්ණ තත්ත්වයක යන කාණ්ඩ හතරකට බෙදා ඇත. ක්‍රියා පිළිබඳ තන්ත්‍ර, හැසිරීම් තන්ත්‍ර, යෝග තන්ත්‍ර සහ අවසාන වශයෙන් ‘තන්ත්‍ර’ යනුවෙනි. බුද්ධාගමට අයත් ආදී කාලීන වෙනත් ස්වරූපයන්හි ‘තන්ත්‍ර’ නොමැත.

තාන්ත්‍රික බුදුදහම ඉන්දියාවෙන් අතුරුදන්ව ගියේ 13 වන සියවසේ මුලහරියේදී ඇති වූ මුස්ලිම් ආක්‍රමණ නිසාය. එය ටිබැට්, ලඩක්, මොංගෝලියා උතුරු නේපාලය භූතානය හා ජපානයේ පවතින්නට විය.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]