UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය – රූප– අරූප ධර්මයන්ගේ සංතතිය සත්වයා බව පෙළදහමට අනුව විවරණය වී නම් රූප ධර්ම යන්නෙහි පැහැදිලිවන ධර්මතාවය කුමක්ද

පිළිතුර - සත්වයාගේ ශරීරය රූපය බව අපි දනිමු. අපා – දෙපා, සිවුපා, බහුපා ආදි මිනිස් ලොව වසන හැම සතෙකුටම රූපයක් හෙවත් (ශරීරයක්) ඇත. රූපය රූප සමූහයක සංයෝගයක් (කොටස් එකතුවක්) රූපස්කන්ධය යැයි ව්‍යවහාර වෙයි. රූපස්කන්ධය ඒ ඒ අංග (පදාර්ථ) රූපධර්ම නම් වෙයි. රූපස්කන්ධය මහභූතරූප නමින් කොටස් 04 කට වෙන්ව හඳුනාගත හැකිය.

1.පඨවිධාතුව ජීව අජීව වස්තුවල ඇති තද රළු ගතිය

2.ආපොධාතුව – එම වස්තුවල ඇති වැගිරෙන ඇළෙන ගතිය

3.තෙජො ධාතුව –එම වස්තුවල ඇති සිසිල් ගතිය හා උණුසුම් ගතිය

4.වායෝ ධාතුව – එම වස්තුවල සැළෙන පුම්බන ගතිය

ප්‍රශ්නය -

බුද්ධ දේශනාවට අනුව ජීවලෝකයෙහි මෙය මෙසේ සිදුවේයයි නියමයන් කළ නොහැකි (කල් ඇතිව දැනගත නොහැකි සිදුවීම) පංච අනිමිත්තා නමින් සඳහන්ව ඇත. ඒ මොනවාද

පිළිතුර -

ජීවිතං ව්‍යාධි කාලොච
දෙහ නික්ඛ්‍යෙනං ගති
පඤ්චෙ තෙ ජීව ලොකස්මිං
අනිමිත්තා නඤායරේ

1.ජීවිතය මෙතෙක් කල් පැවතිය යුතුයි. මිය යාම මෙසේ සිදුවිය යුතුය යනාදී වශයෙන් ස්ථාවරව කිව නොහැකිය.

2.මිය යාමට හේතුව වන්නා වූ රෝගාබාධයන් කිව නොහැක.

3.මරණය නියතය. එහෙත් කොතැනක කොයි මොහොතකද අනාවැකි කිව නොහැක.

4.ජීවිතයෙහි අවසාන සිදුවන්නා වූ ස්ථානය වැළලීම ආදී (දෙහනික්ඛෙපන) කිව නොහැක.

5.ගති නම් පුනර්ජන්මය පිළිබඳව අනාවැකි කිව නොහැක.

ප්‍රශ්නය -

කර්මය සත්වයා හීන වශයෙන් හා ප්‍රණීත වශයෙන් ප්‍රභේද කරයි. (කම්මං සත්තෙ විභජති යදිදං හීනපණීත තායාති, ම:නි: චුල්ලකම්ම විභංග සූත්‍ර 3.432) මෙම බුද්ධ දේශනා පාඨය අනුව කර්මය නියතිවාදි අදහසක් හැඟී යයි. පැහැදිලි කරන්න.

පිළිතුර -

තෝදෙය්‍ය පුත්‍ර “සුභ” මානවකයා බුදු හිමියන් වෙත පැමිණ තම සැක දුරුකර ගැනීම සඳහා කර්ම විපාක පිළිබඳව පැහැදිලි කරදෙන ලෙස ඉල්ලීය. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ.

“ප්‍රාණඝාත හේතුවෙන් අල්පායුෂ්ක බවද (ආයුෂ අඩු) ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් දීර්ඝා යුෂ්ක බවද සත්ව හිංසා හේතුවෙන් රෝගී බවද සතුන්ට දයාව දැක්වීම හේතුවෙන් නීරෝගී බවද මානයෙන් හීන කුලයක උපත ලබන බවද මානයෙන් තොරව ගරුකළ යුත්තන්ට ගරු කිරීමෙන් කුලීන බවද (උසස් කුල උපතද – ආදි ලෙසින් කරන ලද කර්මයට අනුරූපව පුද්ගල විෂමතා දක්නා ලැබෙන බව බුදුහු වදාළහ. මෙසේ සුබ මානවකට තවදුරටත් පැහැදිලි කරමින් මානවකය, අල්පායුෂ්ක ප්‍රතිපදාව අල්පා යුෂ්ක ඵලයක්ම ලබයි. දීර්ඝායුෂ්ක ප්‍රතිපදාව දීර්ඝායුෂ්ක ඵලයක්ම ලබයි. මෙසේ නම් බොහෝ ආබාධ ඇතිබව හා නැති බව ඒ ඒ ඵලයන්ට ලබයි. දුර්වර්ණ බව විණිස පවත්න ප්‍රතිපදාව හා ප්‍රසාද ඵලවන බව විණිස පදාව එලෙසම ප්‍රතිඵල ලබයි. මෙසේ අල්පේශාක්‍ය, මහේශාක්‍ය, අල්පභෝග මහාභෝග නීච කුලීන හා උච්චාකුලීන බව ඵලයක්ම ලබන බව බුදුහු වදාළහ.

ප්‍රශ්නය -

බුදු දහමට අනුව එක් එක් පුද්ගල යහපත් වීමේ එකතුව සමස්ත ජන සමාජයේම යහපත්වීමේ එකතුවයි. එසේම එක් පුද්ගලයෙකුගේ පරාභවය බොහෝ දෙනාගේ පරාභවයට ද හේතුවන්නට පුළුවන්. සූත්‍රගත දේශනා ඇසුරුකොටගෙන ඉහත සඳහන් නිගමනයන් (තහවුරු කරන්න) සනාථ කරන්න.

පිළිතුර -

අං.නි. මහා සාල සූත්‍රාගත දේශනයට අනුව බුදුරජාණන් වහන්සේ වරෙක (සද්ධං කුල පුත්තං නිස්සාය. අන්තො ජනා) එක් පුද්ගල යහපත වටා සිටින්නවුන් (ආශි‍්‍රතයන්( සද්ගුණ (පංචහි වඩ්ඩහි) අභිවෘද්ධියට පැමිණේ.

1. සැදැහැයෙන් දියුණුවේ. (සද්ධා)

2. සිල්වත් බවින් පෝෂණය වෙයි. (සීලවා)

3. පරිත්‍යාගශීලී වෙයි. (චාග)

4. ප්‍රඥාවෙහි අභිවෘද්ධියට පත්වේ(පඤ්ඤා)

5. (බහුසච්ච බව) බොහෝ ඇසු පිරූ ගති ඇත්තෙකු වීම. (සුතවත්)

ප්‍රශ්නය -

දෙමව්පියන් (මාතා පිතරො පුත්තං ඉචඡන්ති කුලෙ ජාය මානං) යහපත් පුතෙකුගේ උපත වඩාත් කැමැති වන බව (ඨානානි සම්පසන්න) බුදු දහම අවධාරණය කරන්න. අං.නි. සුමනා වග්ග පුත්‍ර සූත්‍රයෙහි එන දේශනාවලින් එම දේශනාව සනාථ වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර -

1.තමා සුවපත්ව අපද සුවපත් කරයි යන විශ්වාසය මව්පියන් තුළ ස්ථානගතවීම (භතොවා නො හරිස්සාමි)

. අපගේ කුදු මහත් කටයුතු නොපිරිහෙළා ඉටු කරන්නේ ය. (කිච්චං වා නො කරිස්සාමි)

3. අපගේ කුලපරපුර ආරක්ෂා කරයි. (කුල වංසො චිරං යස්සති)

4. සන්තකය කැමැත්ත පරිදි කටයුතු කරයි. යන විශ්වාසය (දායජ්ජං පටිපජ්ජති)

5. මිය ගිය පසු සිහිපත් කොට දුන් පින්කම් කොට සිහිපත් කරයි. (අථච පන පේතානං කාලකතානං දක්ඛිණං අනුප දස්සතීති)

ප්‍රශ්නය -

බුදු දහම සමාජගත පුද්ගලයන් හඳුනා ගැනීම ජීවිතය සැපවත් කරගැනීමට එක් හේතුවක් බව පැහැදිලි කරයි. ජීවිත සැපවත් කරන යහගුණැති කල්‍යාණ මිත්‍රයෙකු සතු ගුණදහම් හතක් හඳුන්වාදෙයි. ඒ මොනවාද

පිළිතුර -

1. මනා හැසිරීම් රටාවකින් යුත් පි‍්‍රය මනාප හික්මුණු පුද්ගලයෙකු වීම.

2. ගරු කටයුතු ආදර්ශවත් පෞරුෂයකින් යුක්තවීම.

3. වරද නිවරද මනාව වටහාදීමේ හා නිසි අවවාද දීමේ ශක්තිය.

4. ඇසුරු කරන මිතුරු මිතුරියන්ට හොඳින් සවන් යොමු කරන්නෙකු වීම.

5. මිතුරා අයහපත් දේ කිරීමෙන් වළක්වා සුමඟට යොමු කිරීම.

6. දුෂ්කර වූ ගැටලු සහගත කරුණු වටහා දීම.

7. ඉවසීම.

ප්‍රශ්නය -

අනුරාධපුර යුගයේ චේතියගිරිය, මිස්සක පබ්බත සෑගිරිය යන නම් වලින් හැඳින්වූ ස්ථානය කුමක්ද

පිළිතුර -

මිහින්තලය

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]