UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරස්ථානයේදී පැවැති හිසතෙල් ගෑමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (16) එක්විය. එහිදී ජනාධිපතිතුමා මාදන්වල රජ මහා විහාරාධිපති ආචාර්ය වැල්ලගිරියේ සුමංගල හිමියන් සහ පරිවෙනාධිපති අඹලියද්දේ ගුණරතන යන හිමිවරුන් බැහැදැක සුවදුක් විමසා පිරිකර පූජා කර ආශිර්වාද ලබාගත්තේය.



කැලණිය රජ මහා විහාරයේ ප්‍රධාන දායිකාවක වූ දිවංගත හෙලේනා විජයවර්ධන මැතිනිය ප්‍රමුඛ විජයවර්ධන පවුලේ පරලොව සැපත් ඤාතීන්ට පින් පැමිණවීමේ වැඩසටහනක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඉකුත්දා (20) පැවැත්විණ. එම පින්කම සංවිධානය කරනු ලැබුවේ විජයවර්ධන පරපුරේ නූතන පරම්පරාව වන තුඩුගල විජයවර්ධන සංවිධානය විසිනි. ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් ප්‍රමුඛ මහ සඟරුවන එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කරන ලදී.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම පසුගියදා කොස්ලන්ද ශ්‍රී අරියවංශාරාම පුරාණ විහාරස්ථානයට පැමිණි අතර එහිදී කොස්ලන්දේ ඤාණතිලක හිමියන් වෙත දැහැත් පිළිගන්වා ගෞරවය පුද කරමින් විහාරාධිපති හිමියන් සමඟ සුහද පිළිසඳරක යෙදුණේය.


 

හතළිහකගෙන් සමන්විත භික්ෂූන් වහන්සේ සහ කීර්තිමත් බෞද්ධ විද්වතුන් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 18 සිට 25 දක්වා සංචාරයක නිරත වීමට පාකිස්තානය බලා පිටත්ව ගියහ. කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි, ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරන්පනාවේ ආනන්ද හිමි. ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමි. ඇතුළු බෞද්ධ දූත පිරිස පාකිස්තානයේ සංචාරයක නිරත වූහ.

 
 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]