UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරයෙන් පිදුම් ලද වරකාගොඩ ඥානරතන මහා නා හිමි

ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක පදවියට බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහා නාහිමියෝ පත්වූහ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් මහපදවියට පත්වූ ඥානරතන නා හිමියෝ පුරා දශක 6 කට වැඩිකාලයක් කසාවත දරමින් ජාතික, ආගමික හා ශාසනික වශයෙන් සුවිශාල මෙහෙවරක් කළ මහා යතිවරයාණන් වහන්සේ නමකි. අභිනව මහනාහිමියෝ අස්ගිරි පාර්ශ්වයේ උරුලෑවත්තේ සඟ පරපුර නියෝජනය කරමින් පත්වූ දහවන මහ නාහිමියන් වන අතර මහ පදවියට පත්වීමට ප්‍රථම උන්වහන්සේ මාස 11 ක පමණ කාලයක් අනුනායක ධූරයේ කටයුතු කළහ.

ඉතිරිය»

ගිරිහඬු සෑ වන්දනාව හා සමාජ සද්කාරය

පන්නිපිටිය, තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය මගින් සංවිධානය කළ, චතුමධුර සහිත අෂ්ඨපාන මහා පූජාමය පින්කමක් ද , ආර්ථික අපහසුතා ඇති ගම්මානවල පිහිටි විහාරස්ථාන දාහතරකට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ගරුභාණ්ඩ පූජාවක් ද, ත්‍රිකුණාමලයේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි විදුහල් අටක සිසු සිසුවියන් දෙසිය දෙනෙකු සඳහා පාවහන් ඇතුළු පාසල් උපකරණ සහ පොත්පත් ප්‍රදානයක් ද , දිළිඳු පවුලකට නිවසක් ද, සාගරපුර විදුහලේ අබලන් වූ ගොඩනැගිල්ල සංවර්ධනය කර එහි පුස්තකාලයට අවශ්‍ය පොත් පත් ප්‍රදානයක්ද, ස්වයංරැකියා සඳහා සිමෙන්ති බ්ලොක් ගල් නිපදවන යන්ත්‍රයක්ද, යනුවෙන් මහා පින්කම් මාලාවක් පසුගිය දිනවල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියායේ පිහිටි ගිරිහඬු මහ වෙහෙර භූමියේදී සිදුකෙරිණ.

ඉතිරිය»

කතරගම අවුරුදු මංගල්‍යය පෙරහර 14 වනදා

ඓතිහාසික රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍යය පෙරහර අප්‍රේල් මස 14 දින රාත්‍රි පැවැත්වේ. පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට මුල්තැනක් දෙමින් උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේනික නැටුම්වලින් ද අලි ඇතුන්ගෙන්ද යුතුව ඉතාමත් අලංකාර අයුරින් පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා කටයුතු සංවිධනය කර ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බොදු සිරිතයි අලුත් අවුරුද්දයි

සූර්ය උදාවේ මංගල්‍ය තුළින් ද අපට කියන්නේ ජීවිතයේ ස්වභාවයයි. සඳ හිරු තරු ගමන් කරමින් යන්නා සේ අප ද අපේ ජීවිතයේ අවසානය කරා ගමන් ගන්නා බවත්, එයට කල් උදා වන බවත් කියයි. අවුරුදු සමයේ දී අපේ වැඩිහිටියෝ තම නිවස පවිත්‍ර කරන අතර ගේ දොර සෝදා පිරිසුදු කරති. මැටි ගොම ගා අලුත් කරති. බාහිර ස්ථාන පිරිසුදු කරන්නාක් මෙන්ම තම සන්තානය ද ශුද්ධ පවිත්‍ර කළ යුතුය. පිරිසුදු කළ යුතු ය. වැරැදි අඩුපාඩු අතපසුවීම් ඉසි කෝ මද මානාදිය ඈත් කර ගත යුතු ය. අසමගිය වෙනුවට සමගිය සහෝදරත්වය මුසු කළ යුතු ය. වෛරය, ක්‍රෝධය ඈත් කළ යුතු ය.

ඉතිරිය»

සමාජ සබඳතා ඔප් නැංවෙන බක්මහ උළෙල

සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුත් මෙම බක්මහ බෙහෙවින්ම භාග්‍යවන්ත මාසයකි. තුරුලතා මල්ඵලවලින් බරව විසිතුරු සියොතුන්ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් බක් මහෙන් ඇරැඹෙයි. වගා කළ කෙත්වතුවල අස්වනු නෙළා නිමකළ ගොවීහුද බක්මහ වන විට අටුකොටු පුරවා නිවෙස් තුළ මහත් සැනසිල්ලෙන් ජීවත් වෙති. බක් මහේ අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම හේතුවෙනි. සිංහල බෞද්ධ හා හින්දු භක්තිකයින් මෙම අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වනුයේ ඉමහත් උනන්දුවකින් හා ඇල්මකින් යුක්තවයි. ලංකාවේ පණ්ඩුකාභය රාජ්‍ය සමයේ පටන් ඇරැඹි මෙම සිංහල දෙමළ අවුරුද්ද සූර්යයා මුල්කොටගෙන පවත්වන උළෙලක් බව පෙනී යයි. මෙකල එයට “සුර්ය මංගල්‍යය” යන නමද ව්‍යවහාර කෙරෙයි.

ඉතිරිය»

තෙරුවන් සරණින්
සුභ අලුත් අවුරුද්දක් වේවා

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]