UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් සුවඳින් සුවඳවත් වන පිළියන්දල සංකල්ප විහාරය

මල් සුවඳින් සුවඳවත් වන පිළියන්දල සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දනවැලි තොටුවත්ත සංකල්ප විහාරයේ මාර්තු 22 මැදින් පුර පසළොස්වක් පොහෝ දා මල් හාර ලක්ෂයක් පූජා කිරීමේ අසිරිමත් මහා පින්කම පැවැත්වේ.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකන්දන ඇති සුන්දර රමණීය පින් බිම සංකල්ප විහාරය දිනෙන් දින අලුත් දෙයක් බෞද්ධ ජනතාවට ලබා දී ඒ අයගේ සිත් සතන්වලට බුදු දහමේ අමිල වූ ආශිර්වාදය තුරුළු කරන්නට වසර පුරාවටම විවිධ වැඩසටහන් දියත් කරන නිර්මල වූ පින් බිමකි. ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ විවිධ වූ දුක්ඛ දෝමනස්සයන්ට විසඳුම් සොයමින් ගමෙන් පන්සලට යන තේමාව වෙනස් කරමින් පන්සලෙන් ගමට යන්න තේමාව කරගනිමින් ආගමික සාමාජික ජාතික වූ අවශ්‍යතාවයන් හැකි පමණ ඉටු කරමින් වැඩිහිටියන්ට පමණක් සීමා වූ පන්සල වැඩිහිටියන්ගෙන් පිරුණු පන්සල තරුණ තරුණියන් පිරුණු පන්සලක් බවට පත් කරමින් තරුණ හදවත්වලට බුදුදහමේ අපූරත්වය කියා දෙමින් බාල මහලු තරුණයන් වයස් බේදයකින් තොරව කාහටත් එක්ව වැඩකිරීමේ හැකියාව සහ එහි වගකීම අවබෝධ කරදෙමින් ඉටු කරන්නේ උතුම් සේවාවකි.

සංකල්ප විහාරයෙන් දියත් කරන වැඩ සටහන් අතර මල් ලක්ෂයක් පූජා කිරීමේ පින්කම විශේෂත්වයක් හිමි කර ගනී. 1994 වසරේ උග්ගොඩ ධම්මින්ද හිමියනට ඇතිවූ අලංකාර සිතිවිල්ල අපි මල් ලක්ෂයක් පූජා කරමු යන්නයි. මෙය සරල ලෙස සිතූ උන්වහන්සේ සරල ලෙස ආරම්භ කරන ලදී. මුල් වසරේම මල් දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයාගන්නට හැකිවීම සහ එම පින්කමට ඇදී ආ දහස්සංඛ්‍යාත පිරිස නිසා ලබන වසරේ ද එය සිදු කරන්නට උග්ගොඩ ධම්මින්ද හිමියන්ට ලැබුණේ මහත් ශක්තියකි. මෙහි විශේෂත්වය වූයේ මුදල් වියදම අවම කර ගනිමින් පින්කමට මල් සොයා ගැනීමයි. සංකල්ප විහාරය හා බැඳුණු සංවිධාන ජාලය මෙහිදී ඉටු කරන්නේ අමිල වූ මෙහෙයකි. දහම් පාසල් දරුවන් පෝය දිනට පෙර දින සිට නිවසක් නිවසක් පාසා වීදියක් වීදියක් පාසා මල් සොයා වෙසෙන විට තරුණ පිරිස ලොරි රථවල නැගී මල් සොයා ඈත දුරට ගමන් කොට රාත්‍රිය ළඟාවන්නේ මල් ලොරියක් සොයාගෙනය. වැඩිහිටියෝ ඒ අයුරින් ම විවිධ කැපවීම කරමින් පෝය දිනට පෙර දින සිට මල් සොයාගෙන පින්කමට අවශ්‍ය මල් සපුරා ගනිමින් අවශ්‍ය ඉලක්කය සපුරා ගනිති. පෝදා හිමිදිරි පාන්දර යළි සංකල්ප පින් බිමට එකතු වෙන සැමදෙනාම එකතු කොට ගත් මල් සියල්ල එකින් එක ගණන් කරමින් පිරිසුදු කර පූජාව සඳහා සකස් කරති. මේ අතර තුර උදේ සිටම මල් රැගෙන පන්සල කරා සතර දෙසින් ජනයා ඇදී එති. ඒ මල් ගණන් කර පූජාවට සරිලන සේ සකස් කිරීමෙන් අනතුරුව හවස 4.30 ට සිට එකතු කරගත් සියලු මල් සංකල්ප විහාරයේ වැඩ සිටින බෝධීන්වහන්සේ අබියස චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස අවුකන පිළිමය පාමුල විහාර මන්දිරය තුළ ධාතු මන්දිරය තුළ සහ වැලි මළුවේ මල් තැන් පත් කර එම මල් බුදුන්ට පූජා කරයි.

මෙවර මෙම පින්කම විශේෂත්වය වන්නේ මල්හාර ලක්ෂයක් දක්වා මල් ප්‍රමාණය වැඩි කිරීමත් දාස් පෙති මල් ලක්ෂයක් ඉන්දියාවෙන් රැගෙන ඒමත් සඳහන් කළ හැකි ය. මල් හාර ලක්ෂයකින් විහිදෙන මල් සුවඳින් මුළු පන්සල් බිම මෙන්ම මුල් ප්‍රදේශයම සුවඳවත් කරයි. මෙම අසිරි මත් පින්කම සිදු කිරීමෙහි ලා උග්ගොඩ ධම්මින්ද හිමියන්ගෙන් ලැබෙන අනුශාසකත්වය මත සංකල්ප විහාරයේ සංවිධාන ජාලය ඉටුකරන සේවාව විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]