UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රන්වල පුරාණ විහාරයේ ධාතු වන්දනාවක්

අම්පාර නීලගිරි සෑයේ කැණීම්වලදී හමු වූ ශ්‍රී සර්වඥධාතු වන්දනාවක් සහ දුටුගැමුණු මහරජතුමන්ගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනයක් මේ මස 19 සිට 22 යන දිනයන්හි කෑගල්ල රන්වල පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පින්කම ඉඹුල්ගල ශ්‍රී සුමංගල නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සපල නොවූ අදහස් ඇතිව මියයාම


අද ධර්ම දේශනාව වශයෙන් මා තෝරාගත්තේ ධම්මපදයෙහි මග්ග වග්ගයට අයත් පහළොස් වන ගාථා රත්නයයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම විහාරයේ වැඩ සිටි දවසක එක් තරුණ අම්මා කෙනෙක් මියගිය දරුවා වඩාගෙන වාවාගත නොහැකිව පැමිණෙයි. මෙම මවගේ මානසික අක්‍රමිකතාව දුරුකිරීමට මනසට වෙනත් ප්‍රබල අරමුණක් ලබාදී ඒ ඔස්සේ මනස සෙවීමට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරවා, අත්දැකීම් තුළින් ඉගැන්වූ වැදගත් පාඩමක් ඉහත ගාථාව දේශනා තුළින් පෙනේ. සැවැත්නුවර ධනවත් සිටුපවුලක සිටි ‘ගෝතමි’ තරුණ වියේදී දෙමාපියන් විසින් සරණ බන්ධනයට යවන ලදී. සිහින් සිරුරක් ඇති ඇයට දෙමාපියන් හුරතලයට අමතනුයේ ‘කිසාගෝතමී’ කියාය.කාලයාගේ ඇවෑමෙන් ඇයට පුත්රුවනක් ලැබුණි. බඩගගා, දණගගා වැටි වැටී නැඟිටින අවධියේ පුතා මැරුණේය. මරණය ගැන තේරුමක් නැති කිසාගෝතමී සෝකයෙන් අඬමින් මඟතොටේ දුවැවිද්දත් ඇය සැනසීමට කිසිවෙක් නොවුණි.

ඉතිරිය»

සමන් දෙවිඳුගෙන් පිහිට ලබන වා
උතුම් බුදුන් අපි වඳින්න යන    වා

එදා බුදුරදුන් බින්තැනි බිමට වැඩ යක්ෂයන් පලවා හැර රැස් වූ සමන්දෙවි ඇතුළු බුමාටු දෙවියනට දහම් දෙසාලූහ. සමන් දෙවි සෝවාන් වූවෝ වැඳ පුදා ගැනීමට බුදුහිමියන්ගෙන් වස්තුවක් ඉල්ලා සිටියහ. බුදුරදුන් හිස පිරිමැද දුන් කේශධාතු මිට සමන් දෙවිඳු රන් කරඬුවක බහා බුදු පහස ලත් මියුගුණ බිම සත්රියන් නීල මාණික්‍යමය දාගැබක නිදන්කොට වන්දනාමාන කළහ. බුදුරදුන් කැලණියට වැඩි ගමනේ දී සුමන දෙව් රජු ඇරයුමෙන් සමනළ සිරිපා පිහිටුවූහ. ඉන් සමනොළ වඩාත් වැදගත් විය. සමන් දෙවි ඒ රැක ගත්හ.

ඉතිරිය»

රත්මලානේ සිරි සුනීත අනු නා හිමි


"සිරි ඤාණාභිවංසාලංකාර ධීරානන්ද ධම්මාධාර වංසපාල මහින්දාලෝක වංසාවතංස" යන ගෞරව නාමය සහිත අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලබන රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති රත්මලානේ සිරි සුනීත අනු නා හිමියන් හට  සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය 21 වනදා රත්මලාන පුෂ්පාරාමයේදී.

ඉතිරිය»

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ - චරිතාපදානය-2

මාදුළුවාවේ පීරිස් අප්පුහාමි මහතාගේ දෙවෙනි පුතා ලෙසින් කරලිනා හාමි මහත්මියගේ කුසින් රත්නසේකර කුමරුවා වඩුමඩුවේදී උපත ලද සැටි අපි පසුගිය සතියේ දැන ගතිමු. කාලයාගේ ඇවෑමෙන් පීරිස් අප්පුහාමිට දියණියකගේ මුහුණ බැලීමට ද වරම් ලැබුණි. ඇයට මාලනී යනුවෙන් නම් තැබුණි. වැඩිමල් පුතා වන ගුණසේකර, මද්දුමයා වන රත්නසේකර සහ බාලම දියණිය වන මාලනී තිදෙනාම සිප් සතර ඉගෙනීම සඳහා ගියේ මාදුළුවාවේ ගමේ පාසලටයි. පොල් අතු සෙවිලි කළ මේ පාසල රත්නසේකරගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ බව පැහැදිලිව පෙනේ.

ඉතිරිය»

යශෝධරා දේවියගේ වැඳීම.
සිතුවම - සරත් නන්දකුමාර

 

 නවම් පුර අටවක පෝය

   නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 15 වැනි දා සඳුදා පූර්වභාග 02.11 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා පූර්වභාග 00.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 22 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]