UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂු කතිකාවතින් ශාසනයට නව ජීවයක් දෙනවා

පසුගිය රජය යම් යම් දේශපාලනික අරමුණු හේතුවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග මඟහැර යෑම හේතුවෙන් ශාසනික වශයෙන් විසඳාගත නොහැකි ගැටලු රැසක් පැනනැග තිබියදී වත්මන් රජය ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත ගෙනඑමින් පෙර රජය මඟින් නොසලකා හැරතිබූ ශාසනික අභිවෘද්ධිය සඳහා වන කටයුත්තට නව රජය මඟින් යළි නවපණක් ලබාදී තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පවසති.

ඉතිරිය»

ථේරවාදී භික්ෂු කතිකාවත කාලීන අවශ්‍යතාවක්

ථෙරවාදී භික්ෂු කතිකාවත කාලීන අවශ්‍යතාවක් බවත් මෙමඟින් භික්ෂූන් වහන්සේ පාලනය කිරීමට රජය මඟින් නීති පැනවීමක් කිසිසේත් සිදුනොවන බවත් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියෝ පවසති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිතීමේ හා විමසීමේ නිදහස

මෙලොව උපන් සෑම සත්ත්වයෙකුටම උපතින්ම යම් නිදහසක් උරුම වී තිබේ. ජීවත්වීමේ නිදහස ඉන් පළමුවැන්නයි. අනවශ්‍ය බැඳීම් යටත්වීම් සහ පීඩනයන්ගෙන් තොරව නිදහසේ ජීවත්වීමට සැවොම පි‍්‍රය කරති. සියලු සත්ත්ව වර්ගයා, ජීවත්වනුයේ එකම සමාජයක ඒකාකාරී රාමුවක් තුළය. එක් මිනිස් වර්ගයක නිදහස පිළිබඳ යම් යම් සීමාවන් පැනවීම හෝ නිදහස සහමුලින්ම අහෝසිකර දැමීම මානුෂික වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද කිසිදු හේතු යුක්තිසහගත ක්‍රියාවක් නොවේ. ලොව ජීවත්වන සියලු සත්ත්ව වර්ගයාට උත්තරීතර මානව නිදහසක් උදාකරදීම සඳහා වූ සර්වකාලීන හා සර්වභෞමික දේශනයක් පළමුවෙන්ම ලෝකයාට ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේය.

ඉතිරිය»

හැත්තෑපස් වන වසර සපුරන පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය

බෞද්ධ ප්‍රබෝධය නංවාලීමේ අරමුණින් එදා සිටි ශ්‍රේෂ්ඨ ජන නායකයින් විසින් ආරම්භ කරන්නට යෙදුණු කොළඹ තරුණ බෞද්ධ සමිතිය සම්බුද්ධ සාසනයේ චිරස්ථිතියට මෙන්ම සමාජ සුබ සිද්ධියටද  බෙහෙවින් උපකාරි වේ. තරුණ බෞද්ධ සංකල්පය පිළිගත් රටපුරා අවශේෂ නගරවලද තරුණ බෞද්ධ සමිති පිහිටුවීමෙන් එම අදහස ව්‍යාප්ත විය. බෞද්ධ ප්‍රබෝධයෙන් උද්දාමයට පත් පිළියන්දල ප්‍රදේශවාසී තරුණ පිරිසක් කොළඹ තරුණ බෞද්ධ සමිතිය ආදර්ශයට ගනිමින් පිළියන්දල නගරයේද තරුණ බෞද්ධ සමිතියක් පිහිටුවීමට උත්සුක වූහ. තුම්බෝවිල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ නාවින්නේ ශ්‍රී දේවානන්ද නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ධර්ම ශාලාවේදී 1941 ජනවාරි 19 වනදා ප්‍රථම සභා රැස්වීම පවත්වා පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය ආරම්භ කරන ලදී.

ඉතිරිය»

කොටපිටියේ රාහුල අනු නා හිමියන්ට සන්නස්පත්‍ර ප්‍රදානය 29 වනදා

වාද්දුව, තල්පිටිය, බෝධි රාජමහා විහාරාධිපති කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් වෙත සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය ජනවාරි 29 වැනිදා සවස 3ට කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී පැවැත්වෙයි. ශ්‍රී මහා විහාර වංශාලංකාර විමලකීර්ති ශ්‍රී ධම්මාලෝක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් එම පින්කම පැවැත් වීමට නියමිතව තිබිණි.

ඉතිරිය»

පෙළහර දුටු ශුද්ධෝදන මහ රජතුමා තෙවෙනි වරට වැඳීම

 

 දුරුතු අව අටවක පෝය

  දුරුතු අව අටවක පෝය ජනවාරි 31 වැනිදා ඉරිදා අපරභාග 07.43 ට ලබයි. 01 වැනිදා සඳුදා අපරභාග 10.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 01 වැනිදා සඳුදාය. මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]