UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

 ලෝකයේ විවිධ රටවල බුදු දහම ප්‍රචලිත කිරීමේ සුවිශේෂී කාර්ය භාරයක නියැලුණු තායිලන්තයේ බැංකොක් නුවර මූලස්ථානය පිහිටි ලෝක බෞද්ධ තරුණ සම්මේලනයේ විශිෂ්ට නිලධාරීන් දෙදෙනෙකු වූ බංගලිදේශයේ මහාචාර්ය බිකිරන් ප්‍රසාද් බරුවා මහතාට හා ලෝක බෞද්ධ තරුණ සම්මේලනයේ ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති රත්නසිරි මුතුකුමාර මහතාට විශිෂ්ට ගෞරව සම්මාන සන්නස් ප්‍රදානය කිරීම අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් හෝමාගම පුරාණ මහා විහාරයේදී පැවති ස්වර්ණ බිම්බ සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලේ දී සිදු කෙරිණි.
අනගාරික ධර්මපාල තුමාගේ 151 වැනි ජන්ම දින උළෙලට සමගාමීව තෛ‍්‍රනිකායික නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලේ දී මහාචාර්ය බිකිරන් ප්‍රසාද් බරුවා මහතාට විශ්ව කීර්ති ශ්‍රී ධර්ම ගවේෂී ගෞරව සම්මාන සන්නස් පත්‍රයද රත්නසිරි මුතුකුමර මහතාට “විශ්වකීර්ති ශාසනාභිමානී ශ්‍රී ලංකා තිලක යන ගෞරව“ සම්මාන සන්නස් පත්‍රයද ප්‍රදානය කිරීම අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි මහානාහිමියන් වෙතින් සිදු කෙරිණි.
අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ සභාපති දේශමාන්‍ය ජයන්ත සුමනසේකර මහතාද ඡායාරූපයේ සිටී.
 

 

 දුරුතු පුර අටවක පෝය

 දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග 05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]