UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගලගම අත්ථදස්සි මහා නා හිමි 95 වන ජන්ම දිනය දා පින්කම්

ගලගම අත්ථදස්සි මහා නා හිමි 95 වන ජන්ම දිනය දා පින්කම්

සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන්ගේ 95 වන ජන්ම දිනය පසුගිය 11 වැනිදාට යෙදී තිබුණි.

කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේතුමා සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මාතාවට දාව 1922 ජනවාරි මස 11 වන දින උපත ලද මහා නා හිමියෝ 1936 වසරේ දී අති උතුම් පැවිදි දිවියට පත්වූහ.

අනුනායක ධූරය දරමින් සිටියදී 2015 මැයි මස 08 වන දින අස්ගිරි පාර්ශවයේ 21 වන මහා නායක ලෙස එම පදවියට උන්වහන්සේ පත්වූයේ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි. වර්ෂ 1998 සිට මහානායක පදවියට පත්වන තෙක් උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවිය හෙබ වූහ. අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ධූරයට වර්ෂ 1982 දී පත් උන්වහන්සේ 1994 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත් වූහ. 1981 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු භාරව අවස්ථා ගණනාවකදී කටයුතු කළ අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ මෙරට බෞද්ධ ශාසනය ඔපවත් කරන ශාසන හිතකාමී නිර්මල දිවිපෙවතක් ගත කරන හිමිපාණන් වහන්සේ නමකි. මහා සංඝරත්නයේ අභිවෘද්ධිය වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරන උන්වහන්සේ ගිහි සමාජයේ කටයුතු වෙනුවෙන් ද සිදු කරන මෙහෙවර අතිමහත් ය. මහා නා හිමි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වැනිදා ඓතිහාසික මහියංගණය රජමහා විහාරයේ දී විශේෂ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වුණි.

 

 දුරුතු පුර අටවක පෝය

 දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග 05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]