UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 


ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජතාන්ත්‍රික සබඳතා අරඹා වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට සහභාගිවීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් ලද විශේෂ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිව් දින නිල සංචාරයක නිරත විය. ජනාධිපතිතුමා පසුගියදා (01) තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ එහිදී පැවැති හමුවකට සහභාගි විය. තායිලන්තය වෙනුවෙන් තායිලන්ත උප අග්‍රාමාත්‍ය ඉධථඬඪඤ බ්චබභඵපඪ ර්‍ථඪබචඬ මහතා විසින් ගුවන් තොටුපළේ දී ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක් ද සංවිධානය කොට තිබිණි. තායිලන්තයේ දී ප්‍රදර්ශනය කිරීම සඳහා මහියංගණය රජමහා විහාරයේ සිට වැඩම වන ලද සර්වඥ ධාතූන් වහන්සේ තායිලන්තයේ ස්වර්ණභූමි ගුවන්තොටුපළ වෙත වැඩම කරවූ අතර සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කළ අවස්ථාව මෙහි දැක්වේ. ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි ඇතුළු මහ සඟරුවනද මෙහි වෙති. ජනාධිපතිතුමා සහ තායිලන්ත උප අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට වැඳ නමස්කාර කළ අවස්ථාවද සේයාරුවේ වෙති.
ජනාධිපති මාධ්‍ය අංශය


හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ 19 වන ගුණානුස්මරණ පුණ්‍යෙීත්සවය කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ඊට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පුත් රවි ජයවර්ධන මහතා ඇතුළු පිරිස පැන් වඩා පින් අනුමෝදන් කළ අවස්ථාව. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රවි ජයවර්ධන මහතා සහ එම මහත්මිය, හිටපු ඇමැතිවරියක වූ රේණුකා හේරත් මහත්මිය. කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මහා සංඝරත්නයට අටපිරිකර පූජා කළඅවස්ථාවද සේයාරුවේ වෙති. සේයාරූ, රුවන් ද සිල්වා



 

කොළඹ කොල්ලුපිටිය වාලුකාරාමයේ වාර්ෂික කඨින චීවර පූජාව ඉකුත් දා (01) විහාරාධිපති මහරගම නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන ලද කොල්ලුපිටියේ පදිංචි ලක්මිණි විජේසුන්දර මහත්මිය කඨින චීවරය විහාරස්ථානය වෙත වැඩම කරවූ අවස්ථාව සහ එහිදී එම චීවරය මහා සඟරුවන වෙත පූජා කළ අවස්ථාව සේයාරූ වලින් දැක්වේ. ඓතිහාසික වල්ගම්පාය රජ මහා විහාරාධිපති මල්වතු මහා විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික දෙහිදෙණියේ රතනසාර නාහිමි, නවගමු රාජ මහා විහාරාධිපති මල්වානේ පඤ්ඤාසාර අනුනාහිමි, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙණාධිපති, බලංගොඩ සෝභිත නාහිමි, වාලුකාරාමාධිපති මහරගම නන්ද නාහිමි ඇතුළු පූජනීය මහ සඟරුවන එම පින්කමට සහභාගි වූහ.
සමන් ශ්‍රී වෙදගේ

 
 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]