හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන
මැතිතුමාගේ 19 වන ගුණානුස්මරණ පුණ්‍යෙීත්සවය කොළඹ ජේ.ආර්.
ජයවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ඊට සහභාගි වූ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජේ.ආර්. ජයවර්ධන
මැතිතුමාගේ පුත් රවි ජයවර්ධන මහතා ඇතුළු පිරිස පැන් වඩා
පින් අනුමෝදන් කළ අවස්ථාව. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,
රවි ජයවර්ධන මහතා සහ එම මහත්මිය, හිටපු ඇමැතිවරියක වූ
රේණුකා හේරත් මහත්මිය. කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු
පිරිසක් එම අවස්ථාවට එක්වූහ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා
මහා සංඝරත්නයට අටපිරිකර පූජා කළඅවස්ථාවද සේයාරුවේ වෙති.
සේයාරූ, රුවන් ද සිල්වා |
කොළඹ කොල්ලුපිටිය වාලුකාරාමයේ
වාර්ෂික කඨින චීවර පූජාව ඉකුත් දා (01) විහාරාධිපති මහරගම
නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. කඨින පින්කමේ
ප්‍රධාන දායකත්වය දරන ලද කොල්ලුපිටියේ පදිංචි ලක්මිණි
විජේසුන්දර මහත්මිය කඨින චීවරය විහාරස්ථානය වෙත වැඩම කරවූ
අවස්ථාව සහ එහිදී එම චීවරය මහා සඟරුවන වෙත පූජා කළ අවස්ථාව
සේයාරූ වලින් දැක්වේ. ඓතිහාසික වල්ගම්පාය රජ මහා
විහාරාධිපති මල්වතු මහා විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික
දෙහිදෙණියේ රතනසාර නාහිමි, නවගමු රාජ මහා විහාරාධිපති
මල්වානේ පඤ්ඤාසාර අනුනාහිමි, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය
පරිවෙණාධිපති, බලංගොඩ සෝභිත නාහිමි, වාලුකාරාමාධිපති මහරගම
නන්ද නාහිමි ඇතුළු පූජනීය මහ සඟරුවන එම පින්කමට සහභාගි
වූහ.
සමන් ශ්‍රී වෙදගේ |