UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

2015 කටාන මීගමුව දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම

2015 කටාන මීගමුව දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම

2015 කටාන මීගමුව දහම් පාසල් සිසු නිපුණතා ප්‍රාදේශීය ඇගයීම් සැප්තැම්බර් 13 ඉරුදින පෙරවරු 8.00 සිට මීගමුව හරිස්චන්ද්‍ර ජාතික විදුහලේදී ප්‍රධාන ලේඛකාධිකාරි පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදි සීදුවේ සුමනවංස නාහිමියන්ගේ හා කටාන ප්‍රාදේශීය ලේකම් කේ.ජී. එච්. එච්. ආර්. කිරිඇල්ල මැතිතුමාගේද සංවිධානයෙන් ප්‍රධාන සභාපති ශාස්ත්‍රවේදී කොන්දගම්මුල්ලේ ඤාණසිරිතිස්ස නාහිමිගේ උපදේශකත්වයෙන් පැවැත්වීමට කටයුතු සලසා ඇත.

කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල බල ප්‍රදේශයට අයත් දහම් පාසල් 54 ක සිසු දරු දැරියන් 2000 කට ආසන්න පිරිසක් ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් මාලාව සඳහා සහභාගි වෙති. ප්‍රායෝගික දැනුම 1,2 ශ්‍රේණි පද්‍ය හා ගාථා ගායනා, 1 සිට 6 දක්වා දහම් දැනුම 3 සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය, ගද්‍ය, රචනා, කථික, පාලි පද්‍ය ගාථා ගායනා 7 ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා, බෞද්ධ ළමා චිත්‍ර ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ වශයෙන්ද මව්පිය ගුණ ගායනා (8/9/10) ශ්‍රේණි තුනෙන්ම එක් ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් වශයෙන් නිපුණතා පැවැත්වීමට නියමිතව ඇත. මෙම දහම් පාසල් සිසු නිපුණතා අගැයීම් මාලාවෙන් 1 සිට 5 දක්වා ස්ථාන හිමිකර ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම මෙදින ප.ව. 4.30 ට මීගමුව හරිස්චන්ද්‍ර ජාතික විදුහලේදී පැවැත්වීමට කටයුතු සලසා ඇති බව ප්‍රධාන ලේඛකාධිකාරි සීදුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ පැවැසූහ.

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]