UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර

මහනුවර ඇසළ පෙරහර

ව්‍යවහාර වර්ෂයෙන් 2015 අගෝස්තු මස 15 වෙනි ශනි දින පෙරවරු 05 පසුවී විනාඩි 35 ට දකුණු දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලදී. “පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන් පූර්වාභිමත්ව ඇසළ කප් සිටුවා මහනුවර ඇසළ මහ පෙරහර ආරම්භ කෙරේ.

මහනුවර ඇසළ පෙරහර 2015 පිළිබඳ විස්තරය ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත් කර ඇත.

කුඹල් පෙරහර

රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු මස 20 දින, ගුරු දින සම්මත වේලාවෙන් අපරභාග 06 පසුවී විනාඩි 02 ට වයඹ දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව ,සිරිත් පරිදි ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණි පසුව, රාත්‍රි 06 පසුවී විනාඩි 52 ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩිවීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය (ශී‍්‍රමත් බෙනට් සොයිසා වීදිය) යටිනුවර වීදිය, රජ වීදිය, ඔස්සේ ඉහළටවිත් ගෙවදීම .

අගෝස්තු මස 21 වන දින කිවි දින රාත්‍රි 07 පසුවි විනාඩි 20 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා විදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම .

අගෝස්තු මස 22 වන දින, ශනි දින රාත්‍රි 06 පසුවී විනාඩි 50 ට දකුණු දිශාභිමුඛ පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම .

අගෝස්තු මස 23 වන දින ඉරු දින රාත්‍රි 06 පසුවී විනාඩි 49 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා විදීය (වෝඩ් විදිය) ඊ.එල්.සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම

අගෝස්තු මස 24 වන දින සඳු දින රාත්‍රි 07 පසුවී විනාඩි 12 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩිවීදිය) යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම

රන්දෝලි පෙරහර

2015 අගෝස්තු මස 25 වැනි කුජ දින රාත්‍රි 07 පසුවී විනාඩි 18 ට දකුණු දිශාභිමුඛව සිව්දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 07 පසුවී විනාඩි 25 ට සිරිත් පරිදි දකුණු දිශාභිමුඛව රන්දෝලි පෙරහර පිටත්ව ශී‍්‍ර දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ පසුව රාත්‍රි 07 පසුවී විනාඩි 42 ට දකුණු දිශාභිමුඛව ශී‍්‍ර දළදා මාලිගාවේ පෙරහර සමඟ දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරේ ඉහළට පැමිණ දේවවීදිය කොළඹ වීදිය (ශී‍්‍රමත් බෙනට්සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) රජවීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම .

අගෝස්තු මස 26 වන දින, බුද දින රාත්‍රි 07 පසුවී විනාඩි 10 ට දකුණු දිශාභිමුඛව දළදා වීදියෙන් (වෝඩ්වීදිය) පෙරහර පිටත්ව ඩී.එස්.සේනානායක වීදිය (ති‍්‍රකුණාමල වීදිය) කොළඹ වීදිය (ශී‍්‍රමත් බෙනට් සොයිසා වීදිය) යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 27 වන ගුරු දින රාත්‍රි 06 පසුවී විනාඩි 58 ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය)ඊ.එල්. සේනානායක (කොටුගොඩැල්ල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) යටිනුවර වීදිය, කුමාර වීදිය, ඊ.එල්.සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම

අගෝස්තු මස 28 වන කිවි දින රාත්‍රි 07 පසුවී විනාඩි 18 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම .

අගෝස්තු මස 29 වන දින, ශනි දින රාත්‍රි 07 පසුවී විනාඩි 59 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල්විදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

දියකැපුම් පෙරහර

2015 අගෝස්තු මස 29 වන ශනි දිනරාත්‍රි 01 පසුවී 02 ට උතුරු දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල විදිය) ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව්දේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ “ගැටඹේ” තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීමද

දවල් පෙරහර

2015 අගෝස්තු මස 30 වැනි ඉරු දින , දවල් 11 පසුවී විනාඩි 50 ට නැගෙනහිර දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්.සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දේ වීදිය (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්.සේනානායක වීදියේ (ත්‍රිකුණාමල වීදියේ) මංසන්ධියට පැමිණ එදින සවස 02 පසුවී විනාඩි 14 ට වයඹ දිශාභිමුඛව ආදාහන මළුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශී‍්‍ර දන්තධාතු මන්දිරයෙහි පෙරහර කැටුව, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය පන්සල පාර ඔස්සේ දේව වීදියෙන්, රජවීදියට හැරී මාලිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට සවස 04 පසුවී විනාඩි 20 ට වයඹ බලා ගෙවදීම ශුභවේ යැයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත් කර ඇති මහනුවර ඇසළ පෙරහර පිළිබද විස්තරයෙහි දැක්වේ.

 

 

    නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල් 12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]