UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 බෞද්ධ සමාජ දර්ශනය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 බෞද්ධ සමාජ දර්ශනය ආදර්ශ ප්‍රශ්නෝත්තර

2 අභ්‍යාසය

1.බුද්ධ කාලීන භාරතයේ පැවැති ප්‍රධාන දේශපාලන ක්‍රම දෙක නම් කරන්න .

2.සිව්වණක් පිරිස තුළම සමාන කුසලතා අතුරෙන් දෙකක් නම් කරන්න

3.බුදු දහම මව්පියන් හැදින්වීමට භාවිත කළ ගෞරව නාම දෙකක් නම් කරන්න

4.බ්‍රහ්මයා වෙත තිබෙන උසස් ගුණ හතරක් මව්පියන් වෙත තිබෙන බව බුදුදහම පවසයි. එම ගුණ හතර නම් කරන්න .

5. සත්ත්වයන්ට යහපත සැලසීමේ ගුණය පදනම් කොටගෙන පැවසුණු බුදු ගුණ දෙකක් නව අරහාදි බුදුගුණවල ඇතුළත් වේ. එම බුදුගුණ දෙක නම් කරන්න.

6. වෘක්ෂයකට වුවද කළගුණ සැලකිය යුතු බව බුදුරජාණන් වහන්සේ සක්‍රිය ආදර්ශයක් මගින් පෙන්වා දුන් සේක. ඒ සිද්ධිය කුමක්ද? සිදුවූයේ කිනම් අවස්ථාවකද?

7.පරමාදර්ශි බෞද්ධ ගිහි පාලකයා සහ ඔහු හා සම වන පැවිදි නායකයා නම් කරන්න.

8. පරමාදර්ශි බෞද්ධ ප්‍රජා පාලකයා තමාට අවනත වන රාජ්‍ය සමූහයේ ස්වාධිපත්‍ය එලෙසම පවත්වාගෙන යාමට ඉඩ සලසන බව ඔහු එකී රජුනට දෙන එක් අවවාදයකින් පැහැදිලි වෙයි එම අවවාදය නම් කරන්න.

9.නියාම ධර්ම අතුරේ සදාචාර හේතුඵල සන්තතියක්සේ ගත හැකි නියාම ධර්මය නම් කරන්න.

10. “යථාපි භමරෝ පුප්ඵං” යන ගාථාව සම්පූර්ණයෙන් ලියා මින් භික්ෂු ජීවිතයට දුන් උපදේශනය කෙටියෙන් දක්වන්න.

11. මගධ රාජ්‍යයේ බලය ලබා ගැනීමට හා කෝසලයේ බලය ලබා ගැනීමට තම පියවරුන් ඝාතනය කිරීම,බල අරගලය නිසා දේශපාලන සදාචාරය පිරිහී ගිය ආකාරය ප්‍රකට කරන නිදර්ශන වේ. එම පාලකයක් දෙදෙනා පිළිවෙළින් නම් කරන්න.

12. තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලබන මෝඩ මිනිසුන් අතර නොමරමින් හා නොමරවමින් දැහැමි රාජ්‍යක් පාලනය කළ හැකි දැයි බුදුරදුන් මෙනෙහි කළ විට මාරයා දුන් පිළිතුර කුමක්ද?

13. “ධම්මේන මාතා පිතරෙභරෙය්‍ය” යන ගාථාව සම්පූර්ණ කර ලියන්න

14 එම ගාථාවේ දෙන උපදෙස් ලියන්න

15. ජනගහණය වැඩිවන විට රජයකට මුහුණපෑමට සිදුවන මූලික ප්‍රශ්න දෙකක් නම් කරන්න

16. බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව මිනිසාගේ මුලික අවශ්‍යතා හතරකි. එම අවශ්‍යතා හතර නම් කරන්න .

17. අවිද්‍යාවෙන් හා තාක්ෂණයෙන් මිනිසාට සැප සැලසෙතත් එය මූලික කරුණුූ දෙකකින් තොරවූ විට ඉන් විපත් සැලසේ. ඒ කරුණු දෙක නම් කරන්න.

18. “සබ්බේ තසන්ති දණ්ඩස්ස” යන ගාථාව සම්පූර්ණ කර ලියන්න

19. අයෝග්‍ය භාර්යාවන් කිහිප දෙනෙකු බුදු දහමේ දැක්වෙයි. ඔවුන්ගෙන් දෙදෙනෙකු නම් කරන්න

20. විවාහක යුවළක් වෙත සම මට්ටමින් තිබිය යුතු යයි සැලකෙන ගුණ ධර්ම හතරක් නම් කරන්න.

2 අභ්‍යාසය පිළිතුරු

1. 1.රාජාණ්ඩුක්‍රමය 2. සමූහාණ්ඩුක්‍රමය

2 . ධර්මධර බව, විනීත බව

3. බ්‍රහ්ම, පුබ්බාචරිය

4. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා

5.1 අනුත්තරෝ පුරිසදම්ම සාරථී 2. සත්ථා දේවමනුස්සානං

6.1 අනිමිස ලෝචන පුජාව 2. බුද්ධත්වයෙන් දෙවන සතියේ

7. සක්විති රජ හා සම්මා සම්බුදුරජාණන් වහන්සේ

8. රට පුරුදු පරිදි පාලනය කරන්න

9. කම්ම නියාමය

10. යථාපිභමරෝ පුප්ඵං

වණ්නගන්ධං අහෙඨයං

පලෙති රසමාඳාය – එවංගාමෙ මුනී චරෙ

සුභර යනු පහසුවෙන් පෝෂණය කළ හැකි තැනැත්තෙකු වන්න යනුයි.

11.1 මගධයේ අජාසත්ත 2. කෝසලයේ විඩූඪභ

12. පාලනය කල හැකිය යන්නයි

13. ධම්මේන මාතා පිතරො භරෙය්‍ය – පයොජයෙ ධම්මිකං යො වනිජ්ජං

එතංගිහී වත්තයං අප්පමත්තො – සයංපහොනාම උපෙති දෙවං

14.ධර්මයෙන් ධනය උපයා මවුපියන් පෝෂණය කරන්න. දැහැමි වෙළෙදාමේ යෙදෙන්න. මෙසේ අප්‍රමාදි බවෙන් යුතුව ගිහි ජීවිතය ගත කිරීමෙන් සහංපන නම් දෙව්ලොව උපදියි.

15. නිවාස පහසුකම සැපයීම, අධ්‍යාපන පහසුකම් සැලසීම

16. ආහාරපාන, ඇඳුම් , වාසස්ථාන , බේත් හේත්

17. ඤාණයෙන් තොරවීම, කරුණාවෙන් තොරවීම

18. සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේභායන්ති මච්චුනො

අත්තානං උපමං කත්වා – නහනෙය්‍ය න ඝාතයෙ

19. වධකයෙකු වැනි භාර්යාව, හෙරක වැනි භාර්යාව , අධිපතියෙකු වැනි භාර්යාව

20. සද්ධා, සීල, චාග, පඤ්ඤා

ඔබේ දැනුමට

පුද්ගලයෙකුගේ ආර්ථිකයක් විනාශ විය හැකි අයුරුද බුදු දහමේ පෙන්වා දී ඇත්තේ කෙසේද?

ආර්ථිකයක් ගොඩනඟා ගන්නා අයුරුත් බුදුරජාණන් වහන්සේ එම ආර්ථිකය පරිහරණය කරන ආකාරයත් ඒ වගේම ඒ ආර්ථිකය විනාශ වී යන ආකාරය පිළිබඳවත් ඉතා හොඳින් දක්වා තිබේ. ආර්ථිකයක් උපයාගත් තැනැත්තා ආර්ථික සම්පන්න ආකාරයට ඒවා පරිහරණය කළ යුතුය. නාස්තිය මෙන්ම අපහරණයද නිරර්ථක අන්තාවදි ක්‍රියා බව උන්වහන්සේ පෙන්වා දෙන්නේ “උදුම්බරකාදික” හා “අජද්ධුමාරිත” යන සංකල්පය මගිනි. උදුම්බරකාදික නම් දිවුල් කඩා ගන්නට ගොස් ගසේ අතු පතර බිඳ දැමීමයි. එසේ කළ විට නැවත ඵලදාවක් නොලැබේ.

අජද්ධුමාරිත නම් රැස්කර තබාගෙන නොකා නොබී මිය යාමයි. මෙම අනුවණ අන්ත දෙකම හැර අරපිරිමැස්මෙන් හා නුවණින් ධනය පරිහරණය කළ යුතුය. මිනිසුන්ට සොබා දහමින් ලැබී ඇති සම්පත් සීමිත බව නිතර මෙනෙහි කරන ජනයා ඒ ගැන නොතකමින් සම්පත් විනාශ කරන්නේ උදුම්බරකාදිකයන් මෙන්ය.

ආනන්ද හිමිපාණන්ට එකවර සිවුරු 50 ක පුජාවක් වශයෙන් ලැබුණූ අවස්ථාවේදි ඒවා පරිහරණය කරන ආකාරය පිළිබඳව බුදුරදුන් පැහැදිලි කරදී ඇති අන්දම ආර්ථික පරිහරණය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.

ආර්ථිකයක් විනාශ කරන පරිහානි මුඛ හෙවත් අපාය මුඛ යනුවෙන් සිඟාලෝවාද සූත්‍රයේ දක්වා තිබේ. එනම් සුරාපානය හා මත් ද්‍රව්‍ය භාවිතය, අවේලාවෙහි වීදි සංචාරය නිතර නිතර නැටුම් ගැයුම් වැයුම් බැලීමට හේතුවන බවද පාපමිත්‍ර ඇසුර හා මන්දෝත්සාහි බව , ස්ත්‍රිදූර්ත වැනි පරාභව සූත්‍රයෙහි පෙන්නුම් කොටඇති පිරිහීමේ දොරටු ආර්ථිකයක් විනාශයට හේතුවන කරුණුයි.

 

    නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල් 12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]