UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

රත්නපුර, පිඹුර, මැද්දවත්ත හි පදිංචි පී.එල්. චන්ද්‍රාවති මහත්මිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිරිදේශ කර ඇතැයි ද කියති. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන 0712430688 හෝ 0777 44 2927 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


පන්නිපිටිය, දෙපානම දේවාල පාර අංක 416 ලිපිනයේ පදිංචි එක්දරු මවක වන ඩබ්ලිව්.කේ.එස්. ලක්මාලි (46) උදරය ආහි‍්‍රතව ඇතිවී තිබෙන බරපතළ රෝගී තත්ත්වයක් සඳහා කඩිනමින් සැත්කමක් කළයුතු බව උතුරු කොළඹ මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු පවසන බව කියති. දීර්ඝ කාලයක් ඇයගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි. මහරගම කොමර්ෂල් බැංකුවේ ඩබ්ලිව්.කේ.එස්.ලක්මාලි නමින් අරඹා ඇති අංක 8180055561 දරන ගිණුමට පරිත්‍යාගශීලීන්ගේ මුදල් බැර කළ හැකිය. 071 8068241 දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.


හෘදරෝග සැත්කමට මූල්‍ය ආධාර පතයි

කඩුවෙල, හේවාගම, කැකිරිදෙණිය පාර අංක 238, ඒ/1 හි පදිංචි ඒ.ඒ. රෝහණ ගුණසේකර (58) දරුණු හෘද රෝගයකට ගොදුරුව ඇති බව කියයි. ඔහුට ඉක්මනින් සැත්කමක් කළයුතුව ඇති බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව ද කියති. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවත් දන්වා සිටියි. ඔහු නමින් ඇති කඩුවෙල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 100950205281 දරන ගිණුමට බැර කළ හැක.

 

   ඇසළ අව අටවක පෝය

ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වැනිදා සිකුරාදා

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]