UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංරක්ෂණය කරන ලද
අභයගිරි ස්තූප පූජාව

සංරක්ෂණය කරන ලද අභයගිරි චෛත්‍යයේ ප්‍රථම ස්ථූප පූජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 වැනිදා පැවැත්විණි. ජනාධිපතිතුමා විසින් එහි ප්‍රථම පූජාව සිදු කිරීමත් සමඟ ලෝකවාසි බෞද්ධ ජනතාවගේ පුණ්‍යානුමෝදනාවට අභයගිරි ඓතිහාසික පුද බිම නැවත විවෘත කෙරිණ. ලෝක උරුමයක් වන අභයගිරි චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සඳහා දෙස් විදෙස් බැතිමතුන්ගේ ශ්‍රමදායකත්වය ලැබී තිබේ. එම මහා සංස්කෘතික උරුමයන් රැක ගනිමින් මතු පරපුරට දායාද කිරීම සියලු දෙනාගේ වගකීමක් බවද ජනාධිපතිතුමා අවධාරණය කරන ලදී. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමි, අභයගිරි විහාරාධිකාරී කල්ලංචියේ රතනසිරි නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන කරු ජයසුරිය, නන්දිමිත්‍ර ඒකනායක, දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන මහත්වරුද විදෙස් තානාපතිවරුන් සහ විශාල සැදැහැවත් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.
ජායාරූප ජනාධිපති මාධ්‍ය අංශය
 

දිඹුලාගල නව සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමි

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසූ අසරණ සරණ සිරිසරණංකර උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායකව වැඩවිසූ දිඹුලාගල සිරිකස්සප මහා පරිවේනාධ්‍යක්ෂ මල්දෙණියේ ජිනාලංකාර හිමියන් අපවත්වීමෙන් පුරප්පාඩු වූ දිඹුලාගල නව සේනාසනාධිපති ධූරයට මිල්ලානේ සිරියාලංකාර හිමියන් ඓතිහාසික දිඹුලාගල ශ්‍රී කස්සප මහා සංඝසභාව මඟින් පත්කර ඇත.

ඉතිරිය»

 

   ඇසළ අව අටවක පෝය

ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වැනිදා සිකුරාදා

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]