UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහකනදරාව යාය ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල

මහකනදරාව යාය ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල


ප්‍රධානාචාර්ය තිලකරත්න බණ්ඩාර මහතා

වසර 30 ක්ම හාමුදුරුවන් වහන්සේ නමක් නොමැතිව දහම් පාසලක් මහකනදරාවේ පවත්වාගෙනයෑම සඳහා වෙහෙස මහන්සි වූ අයට ගම්වාසීන්ගේ ප්‍රසාදය පිරිනැමේ.

අනුරාධපුර මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොටසේ මහකනදරාව යාය 02 ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල මගින් ප්‍රදේශයට වූ ආගමික සේවාව සහ බිහිකළ දහම් දරුවන් පිළිබඳව අප රටට පැවසීම යුතුකමක් සේ සලකනවා.

මෙම දහම් පාසල වර්ෂ 1985 ජූලි මස 25 වන දින ආරම්භ කළ අතර එවකට මිහින්තලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය හෙබවූ වදාකඩ අරියවංශ හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ආරම්භ වී ඇත.

ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 85 දෙනෙකු වූ අතර ගුරු මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමන්විතය. මහකනදරාව වම් ඉවුෙර්යාය 3 පදිංචි තිලක-රත්න බණ්ඩාර මහතා මෙම දහම් පාසලේ නිර්මාතෘවරයා වෙයි. රඹෑව බෞද්ධ මධ්‍යස්ථානයෙන් ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා දහම් අධ්‍යාපනය ලැබූ තිලකරත්න මහතා වසර 30 පුරාවටම මෙම දහම් පාසල මගින් ප්‍රදේශයේ දූදරුවන්ට දහම් දැනුම උපරිමයෙන්ම ලබා දී ඇත.


දහම් දරුවන් සමඟ ආචාර්ය මණ්ඩලය

වල් බිහිවී අත්හැර දමා තිබූ පේෂකර්ම ගොඩනැගිල්ල පිළිසකර කර මෙම දහම් පාසල එම ගොඩනැගිල්ලේ ආරම්භකර ඇත. මේ වන විට දරුවන් 160 ක් පමන ගුරුවරුන් 12 ක් පමණ සිටින මෙම ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල මුළු අනුරාධපුරයේම ප්‍රසිද්ධියක් උසුලයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැපී පෙනෙන දහම් පාසලක් ලෙස දහම් පාසල් 29 කින් තුන්වන ස්ථානය හිමි කර ගෙන ඇත. මිහින්තලේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන්ගේ ආශිර්වාදයෙන් මිහින්තලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පණ්ඩිත මොරවක ආනන්දවංශ හිමිපාණන් විසින් සෑමපුර පසළොස්වක පොහොය දිනකම ශීල භාවනා වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. භාවනා වැඩසටහන ක්‍රියාත්මක කරමින් මෙම දහම් පාසලේ සියලු ආගමික වැඩසටහන් සිදු කරමින් දහම් පාසලද නොනවත්වා පවත්වාගෙන යමින් බෞද්ධ උපාසක මහතෙකු ලෙස ප්‍රධානාචාර්ය තිලකරත්න බණ්ඩාර මහතාගේ සේවාව ගම්වාසීන් විසින් අගය කරමින් නිතරම කථා බහ කරති. ප්‍රදේශවාසීන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන අතර වැඩි දරු පිරිසක් දහම් දැනුම ලබා ගැනීමට පැමිණීමත් ගුරු තුමන්ලාගේ සහයෝගයත් ලැබීම හේතු කොට ගෙන මෙම දහම් පාසල දහම් දැනුම අතින් පොහොසත් දහම් පාසලකි.

ශ්‍රේණි විභාග වලින් හැමවිටම උසස් ප්‍රතිඵල ලබා තිබෙනවා. සිසු නිපුණතා තරගවලින් සමස්ත ලංකා මට්ටමේ දරුවන් සමඟ තරග කර ජයග්‍රහණය කර තිබෙනවා. විශේෂ නාට්‍ය තරගාවලියේ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන ලබා තිබෙනවා.

ගමේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙමින් නොමග යන තරුණ පිරිස් ඒකරාශී කර ගනිමින් සාරධර්ම, ගුණධර්ම පිරි යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලෙන් වන සේවාව මුළු රටම අගය කළ යුතුයි.

දහම් පාසලට වසර 30 ක් සපිරෙන අවස්ථාවේ සුමධුර ධර්ම දේශනයක් පවත්වා මහ සඟරුවන තිස් නමක් වඩමවා සාංඝික දානයක් පිරිනැමීමට සැලසුම් කර තිබෙනවා. මෙම දහම් පාසල දියුණු කිරීමට නන් අයුරින් උදව් කරන ප්‍රදේශවාසීන්ට සහ දේශපාලන නායකයනට හද පිරි ස්තූතිය පිරිනමමින් පුණ්‍යානුමෝදනා කිරීම ගමේ ජනතාවගේ අරමුණ වී තිබෙනවා.

ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ කැපකිරීමක් කරනු ලබන වර්තමාන ගුරු මණ්ඩලය මෙසේයි. ප්‍රධානාචාර්ය තිලකරත්න බණ්ඩාර, ධම්මිකා බණ්ඩාර, ටී.බී. වික්‍රමසිංහ, තිලකා පද්මිණී, නන්දිනා පුෂ්පකුමාරි, දිලිනි ලක්ෂිකා, නිලුකා මධුවන්ති , ලක්ෂිකා චතුරංගි, කෝකිලා කුමාරසිංහ, තක්ෂිලා දේශාණි, ඒ තුෂාරි කල්පනී සුලෝචනා යන මහත්ම මහත්මීන් ගරු සේවාවක් සිදුකරනු ලබයි. මෙම දහම් පාසලේ දියුණුවට අත හිත දීම මහඟු පින්කමකි.

 

   ඇසළ අව අටවක පෝය

ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වැනිදා සිකුරාදා

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]