UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම කිරිවෙහෙරේ සති පිරිත් පින්කම

කතරගම කිරිවෙහෙරේ සති පිරිත් පින්කම

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර සමයේ වාර්ෂිකව පවත්වනු ලබන සති පිරිත් පින්කම ජූලි මස 23 දින සිට ජූලි මස 30 දින දක්වා පැවැත්වීමට කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි කටයුතු සංවිධානය කර ඇත.

ජූලි මස 23 දින සති පිරිත් පින්කම ආරම්භ කිරීම සඳහා සධාතුක කරඬුව කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට පිරිත් මණ්ඩපයට වැඩම කරවීම රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඩී. පියතිස්ස කුමාරගේ මහතා විසින් සිදුකරනු ලැබේ. දිනපතා පිරිත් පින්කම් කටයුතු සංවිධානය කිරීම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදු කරනු ලැබේ. සති පිරිත් දේශනාව සඳහා මහා සංඝරත්නයට ආරාධනා කිරීම ඇසළ දන්සැල් සමිතියේ ප්‍රධාන සංවිධායක බී.එස්. ගාල්ලගේ මහතා විසින් සිදුකරනු ලැබේ.

ජූලි මස 29 දින රාත්‍රී දොරකඩ අස්න අනුශාසනාව පවත්වනු ලබන්නේ මාතර මාවරල මල්ලිකාරාමාධිපති සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කර්මාචාර්ය ඇහැලකන්දේ සුමන හිමියන් විසිනි. දේව දූත මෙහෙවර ඉටුකරනු ලබන්නේ සමරනායක නිපුන් ප්‍රභාතීය කුමරුවා විසිනි. සති පිරිත් පින්කමෙන් කටයුතු අවසන් වෙති. 

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]