UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර බෝගම්බර බෝධිමළු විහාරස්ථ ධම්මපාල දහම් පාසල

මහනුවර බෝගම්බර බෝධිමළු විහාරස්ථ ධම්මපාල දහම් පාසල

ලෝක පූජිත, සිද්ධස්ථාන, වෙහෙර විහාර පන්සල් බෞද්ධ පාසල්වලින් පිරි සෙංකඩගල පුරවරයේ දහම් පාසල් අධ්‍යාපන අංශයේ දහම් පාසල්වලින්ද සම්පූර්ණ වූ පූජනීය නගරයකි. ඉහත කී දහම් පාසල් අතර පහසුකම් නොලත් ගණයට වැටෙන මහනුවර ඇහැලේපොල කුමාරිහාමි මාවතේ පිහිටි බෝධිමළු විහාරස්ථ ධම්මපාල දහම් පාසල අපහසුකම් මධ්‍යයේ දහම් ප්‍රතිඵල උසස් මට්ටමෙන් ප්‍රකාශ කළ ගඟවට කෝරල ශාසනාරක්ෂක මණ්ඩලයේ පාසලකි.

මෙයට වසර දහතුනකට ඉහතදී මෙහි ආධිපත්‍ය දැරූ ඉඹුල්පිටියේ ධම්මපාල නාහිමියන්ගේ ආදි කර්තෘත්වයෙන් ශිෂ්‍යයන් විසි දෙනෙකුගෙන් ආරම්භ කළ ධම්මපාල දහම් පාසලේ නිර්මාතෘවරයා වූයේ වත්මන් උප ප්‍රධානචාර්ය දායක සභාවේ ක්‍රියාකාරියෙකුවන ඒ.ඩබ්ලිව්.ජී. කරුණාරත්න මහතායි. වත්මන් ප්‍රධානාචාර්ය බෝධිමළුව විහාරාධිපති පිරිවෙන් ධර්මාචාර්ය ශාස්ත්‍රපති ගල්ලෑල්ලේ සෝරත හිමියන්ගෙන් ලැබෙන අනුශාසකත්වය නිසා සෑම ආගමික වැඩසටහනකම දරු දැරියන් සම්බන්ධකරගෙන ඇත. එහි ප්‍රධාන තැනක් ගනු ලබන්නේ පෝදා සීල සමාදාන වැඩසටහනයි. වෙසක් පොසොන් භක්ති ගීත වැඩසටහන්වලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවස්ථා ගණනාවකදීම සහතික ලබාගෙන ඇති අතර එයින් මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ආගමික හා සාහිත්‍ය වැඩසටහන් මුල්තැනක් ගනිති.

ශාස්ත්‍රපති ගල්ලෑල්ලේ සෝරත හිමි ප්‍රධානාචාර්ය ධුරය හොබවන අතර ගලබඩ චේතිය හිමි සහ , ඒ.ඩබ්ලිව්.ජී. කරුණාරත්න මහතා නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ධූරය හොබවති. වයි. කුමාරි නාවලගේ, ප්‍රේමලතා බෝගහපිටිය, ශාමිලා දිල්රුක්ෂි දිසානායක, ආෂා නිරෝෂනි ජයසිංහ, සජිනි පි‍්‍රයංගා දිසානායක, එල්.බී. අසංක ප්‍රදීප් කුමාර, ශිෂ්‍යනායක නායිකා පිරිස නිලංක, නිරෝෂණ නෙලුෂදිල්ෂාන්, ඩබ්ලිව්.එම්. මදාරා ගීතාංජලී සෙනෙවිරත්න (නායිකා) කේ.ජි.ජිනාදරි සෙනෙවිරත්න, බී.එන්. සදීපා ලක්මිණි, චාතුර්යා ඩැනියෙල්, එල්.බී. ජයමිණි චනෝදනී, පන්ති කාමර නොමැතිව අපහසුකම් මධ්‍යයේ ධම්මපාල දහම් පාසලේ දියුණුව වෙනුවෙන් අතහිත දීම අගැයිය යුතුය.

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]