UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015 බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015 බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර

6 අභ්‍යාසය

1) සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරාධර්මය අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ?

1.ආර්ථික හා දේශපාලන කරුණු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිහඬ වූහ
2.අංග සම්පූර්ණ ආර්ථික හා දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කළහ
3. රටක ආර්ථිකය හා දේශපාලන දර්ශනයක් සකසා ගැනීමට ප්‍රයෝජනවත් අදහස් ඉදිරිපත් කළහ
4.ආර්ථික කරුණු සම්බන්ධයෙන් නිහඬ වූ අතර පූර්ණ දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කළහ.
5.දේශපාලන කරුණු සම්බන්ධයෙන් අතිශයින් නිහඬ වූහ

2) නූතන සමාජය මිනිසුන් අසීමිත අවිවේකී අසහනකාරි ජීවිතයක් ගත කරනු පෙනේ. පරිසරයට මෙන්ම මිනිසුන්ටද සතුන්ටද සිදුවන හානිය පීඩාව නොසලකා බොහෝ දෙනෙකු කටයුතු කිරීමෙන් එය පැහැදිලි වේ. මෙයට හේතු ලෙස ඔබට හැඟෙන්නේ,

1.එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාවයි
2.එක් එක් පුද්ගලයාගේ දක්ෂතාවයයි
3.තෘෂ්ණාවෙන් තොරව සතුට නැති බවයි
4.සක්කාය දිට්ඨිය පිළිබඳ හැඟීමයි
5.සම්පත් කෙරෙහි අධික තෘෂ්ණාවයි

3) බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද දණ්ඩනයන් පිළිබඳ මහාපරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙයි. මෙයින් පෙනී යන්නේ කිසියම් වූ දඬුවම් ක්‍රමයකට ද භික්ෂුව නතු කර තිබූ බවයි. බුද්ධ කාලයේ සිටි ජන්න භික්ෂුව නොහික්මුණු චර්යා ප්‍රදර්ශනය කළ හෙයින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව උන්වහන්සේ හික්මවීම උදෙසා බ්‍රහ්ම “දණ්ඩනය” නම් දඬු¼වම පනවන ලෙස අනුදැන වදාළේ,

1.මහා කාශ්‍යප හිමියන්ය.
2. සුභද්ධ හිමියන්ය
3. නාගිත හිමියන්ය
4. ආනන්ද හිමියන්ය
5. උපනන්ද හිමියන්ය

4) බෞද්ධ අටුවාවේ සඳහන් වන, ප්‍රථම සම්බෝධිය නමින් හඳුන්වන්නේ,

1.ශික්ෂාපද පැනවීමේදී වරදේ ප්‍රමාණය අනුව දඬුවම් නියම කිරීමයි
2. සතර පාරාජිකාවන්ට අදාළව සිදුකරන විනය කර්මයයි
3. ශික්ෂාපද නොපනවා තිබූ කාලයයි
4. ශික්ෂාපද පනවන ලද කාලයයි
5. භික්ෂූ විනයෙහි ගරුකතම ආපත්ති හඳුන්වන නාමයයි

5)දස අකුසල් තුළින් තමාටත් සමාජයටත් යන දෙපක්ෂයටම අවැඩක්ම සිදුවන බව අම්භලට්ඨික රාහුලෝවාද සූත්‍ර දේශනාව මඟින් බුදුරදුන් පැහැදිලි කළහ. ඒ අනුව තමා මෙන්ම අන්‍ය සත්වයන්ටත් ජීවත් වීමට ඇති අයිතිය ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ ගාථාවක් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කරන ලදී. එම ගාථා පාඨය වන්නේ නම්

1.සබ්බේ නදී වංකි ගතා යන්නයි
2.නකහාපන වස්සේන යන්නයි
3. ගිහින මුප කරොන්තානං යන්නයි
4. සබ්බේ තසන්ති දණ්ඩස්ස යන්නයි
5. නතං කම්මං කතං සාධු යන්නයි

6)බුදුරදුන් ධන පරිහරණය සම්බන්ධයෙන් පත්තකම්ම විභංග සූත්‍රය මඟින් පංචබලි සංකල්පයක් ඉදිරිපත් කළහ. එනම් ඥාති බලි,අතිථි බලි,පුබ්බපේත බලි, රාජ බලි, දේවතා බලි ආදියයි. මෙහි සඳහන් වන පුබ්බපේත බලි යනුවෙන් හැඳින්වෙන්නේ.

1.ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම
2.ආගන්තුකයින් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම
3.මියගිය ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම
4. රජය වෙනුවෙන් බදු ගෙවීමයි
5. ආගමික කටයුතු සඳහා ධනය වැය කිරීම

7) කළ යුත්ත,නොකළ යුත්ත තීරණය කිරීමේදී නුවණෑතියන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතු බව බුදුදහමේ සඳහන් වෙයි. එය ඇතුළත් වනුයේ

1.අත්තාධිපති ක්‍රමය
2.ධම්මාධිපති ක්‍රමය
3. ලෝකාධිපති ක්‍රමය
4. සීලාධිපති ක්‍රමය
5.අත්තුපනායික ක්‍රමයටය

8) සමණා මයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා
මෙම ගාථාව ප්‍රකාශ කරන ලද්දේ

1.බුදුරජාණන් වහන්සේ විසින් කොසොල් රජතුමාට
2.මිහිඳු හිමියන් විසින් දෙවන පෑතිස් රජතුමාට
3. සෝණ උත්තර දෙනම විසින් තපස්සු භල්ලුක වෙළෙඳුන්ටය
4. මොග්ගලී පුත්තතිස්ස හිමි විසින් අශෝක රජුටය
5.නන්ද මහ තෙරුන් විසින් සිරිසඟබෝ රජතුමාටය

9) බුද්ධ කාලීන මහණ බමුණන් ශාස්වත අශාස්වතාදී අන්තවාදී දෘෂ්ටිවල එල්බගෙන සිටි නමුදුු බුදුරජාණන් වහන්සේ ඒ කිසිදු දෘෂ්ටියකට නොවැටී දහම් දෙසන බව ඍජුවම ප්‍රකාශ වන්නේ,

1.අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන්ය
2.අචෙල කස්සප සූත්‍ර දේශනාවෙන්ය
3.කූටදන්ත සූත්‍ර දේශනාවෙන්ය
4.චක්කවත්තී සීහනාද සූත්‍ර දේශනාවෙන්ය
5.කාලාම සූත්‍ර දේශනාවෙන්ය

10.බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් කායික ලක්ෂණ දෙතිසක් පිළිබඳව සූත්‍ර දේශනාවන්ගෙන් පැහැදිලි වෙයි. එයින් එක් ලක්ෂණයක් වන්නේ,

1.සිරුර අටලොස් රියන් වීමයි
2.සිරස් පතක් ඇති බවයි
3.සන්සුන් ගමන් ඇති බවයි
4.රන්වන් සමක් ඇති බවයි
5. සවණක් ඝන බුදුරැස් ඇති බවයි

11) “යථාපි උදෙක ජාතං “ පාඨයෙන් ඇරඹෙන ගාථාව බුදුරදුන්ගේ උතුම් චරිත ලක්ෂණයක් පෙන්වා දෙයි. එම චරිත ලක්ෂණය වන්නේ,

1.පද්මාකාර ජීවිතයයි
2. ලෝකවිදූ ගුණයයි
3.අසරණයන්ට පිහිට වීමයි
4. අන්‍යයන්ට සවන්දීමයි
5.අල්පේච්ඡතාවයි

12) නන්ද, රාහුල යන කුමාරවරුන් පැවිදි වීමෙන් පසු බලවත්සේ දුකට පත් වූ සුදොවුන් රජතුමාගේ ඉල්ලීම මත බුදුරජාණන් වහන්සේ පැවිදි කිරීමට අදාළ විශේෂ නියමයක් කළ සේක. ඉන් මතුවන බුදුගුණය වන්නේ,

1.ගවේෂණශීලිත්වයි
2. සමානාත්මතාවයි
3.තාදිගුණයයි
4.අන්‍යයන්ට සවන්දීමයි
5.මහා කරුණාවයි

13) බුදුරජාණන් වහන්සේ නව අරහාදී උතුම් ගුණවලින් සමන්විත වූ සේක. විජ්ජාචරණ සම්පන්න ගුණය ඉන් එකකි. එයට ඇතුළත් වන කරුණක් වන්නේ,

1.මහා කරුණාවයි
2. අචල භක්තියයි
3.ආර්යය සත්‍යාවබෝධයයි.
4. සමාපත්ති ඤාණයයි
5. මනෝමය ඉන්ද්‍රියයි

14) ශ්‍රාවක ප්‍රජාවට ධර්මාවබෝධය ලබාදීම පිණිස, බුදුරජාණන් වහන්සේ විවිධ දේශනා ක්‍රම අනුගමනය කළහ. ඉන් එකක් වන්නේ,

1අත්තුකංසනයයි
2.උභතෝකෝටික ක්‍රමයයි
3. තාර්කානුකූල දේශනා ක්‍රමයයි
4. විභජ්ජ ව්‍යාකරණයයි
5.ආවර්තනී ක්‍රමයයි

15) බුදුරදුන් ඒ ඒ චරිතවලට අනුරූප වූ ක්‍රමෝපායන් භාවිතා කරමින් නොදැමුණු පුද්ගලයන් දමනය කළහ. උන්වහන්සේ ගේ එම හැකියාව “පුරිසදම්මසාරථි” නම් වේ. පුරිස, දම්ම, සාරථි යන වචන තුනෙන් විස්තර වන පරිදි බුදුරදුන් නොදැමුණු පුද්ගලයන් දමනය කිරීමෙහි රථාචාරියෙක් වැනිය. මේ ආකාරයට බුදුරදුන් තුළ පැවති පුරිසදම්මසාරථි ගුණයෙහි “පුරිස” යන්නෙන් අදහස් කෙරෙන්නේ,

1.දුර්දාන්ත පුද්ගලයන්ය
2.සියලු සතුන්ය
3.තිරිසන් සතුන්ය
4.බහුපා සතුන්ය
5.යහපත් පුද්ගලයන්ය.

16) බෞද්ධ අවමංගල උත්සවවල නිතර භාවිතා වන “අනිච්චාවත සංඛාරා” යන ධර්ම පාඨයෙහි අදහස වන්නේ,

1.සංස්කාර ධර්ම හේතු ප්‍රත්‍යන්ගෙන් උපදින බවයි
2.අසංඛත ධර්ම සදාකාලික නොවන බවයි
3.රූපස්කන්ධය නිරන්තර වෙනසකට ලක්බන බවයි
4.ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම මරණයට ගොදුරු වන බවයි
5.හේතු ප්‍රත්‍යන්ගේ හටගත් සියල්ල නිත්‍ය නොවන බවයි

17) “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මා ඒකේන, ද්වේ අගමිත්ථ” ප්‍රථම ධර්ම දූත කණ්ඩායම මෙහෙවීමේදී බුදුරදුන් කළ මෙම ප්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ,

1.සුළු පිරිසකගේ යහපත පිණිස නොව බොහෝ දෙනාගේ හිත සුව පිණිස ධර්ම ප්‍රචාරය කරන්න යන්නයි
2.එකම මාර්ගයක් අනුගමනයට කොට දෙදෙනෙකුටවත් ධර්මය අවබෝධ කරවන්න යන්නයි
3.ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බහුතර ජනතාවගේ යහපත පිණිස ධර්මය දේශනා කරන්න යන්නයි
4.පිරිස සීමාසහිත බැවින් තනි තනිව ගමන් කොට බොහෝ දෙනාගේ හිත සුව පිණිස ධර්මය ප්‍රචාරය කරන්න යන්නයි.
5.හැකිතාක් පා ගමනින් ගොස් ජනයා බුදුදහමට බඳවා ගන්න යන්නයි

18) බුදුරජාණන් වහන්සේ විනය නීති පැනවීමට වසර විස්සක් පමාවීමෙන් පෙනී යන්නේ,

1.නීති රීති වලින් බැඳ දමා භික්ෂුන්ගේ නිදහසට බාධා කිරීමට තිබූ අකමැත්තයි
2.මුල් යුගයේදී භික්ෂුන්ගේ යහපැවැත්මට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රමාණවත් වීමයි
3.අලජ්ජි භික්ෂූන් නොසිටීමයි
4.ලාභ සත්කාර අපේක්ෂාවෙන් සසුන්ගත නොවීමයි
5. භික්ෂූන් සංචාරක ජීවිතයක් ගත කිරීමයි

19) ආචාර්ය උපාධ්‍යාය යන දෙනම භික්ෂු සංවිධානය තුළ ඉතා වැදගත් වෙති. උන්වහන්සෙලා තම සිසුන්ට පිය සෙනෙහසින් සැලකිය යුතුය. මෙහිලා උපාධ්‍යායවරයා යටතේ සිටින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හැඳින්වෙන්නේ,

1.අන්තේවාසිකයා යනුවෙනි
2.ආගන්තුකයා වශයෙනි
3.සද්ධිවිහාරිකයා යනුවෙනි
4.ශ්‍රාවකයා යනුවෙනි
5.සහවාසිකයා යනුවෙනි

20) ආරම්භයේ ස්ථිර වාසස්ථාන නොතිබූ භික්ෂු සංඝයාට ආරාම පිළිගැන්වීම අනුදැන වැදෑරීමෙන් සිදුවූයේ,

1.භික්ෂූන් සුඛෝපභෝගී ජීවන ක්‍රමයකට යොමුවීමය
2.පොදු දේපළ ක්‍රමයෙන් පෞද්ගලික දේපළ ක්‍රමයකට හුරුවීමය
3.ගමින් ගමට ආරාම බිහි වී බුදු සසුනේ චිරස්ථිතිය ඇතිවීමය
4.ධර්මය ප්‍රචාරය ගමකට සීමා වීමය
5.ගිහි පැවිදි සම්බන්ධතා දුරස්වීමය

පිළිතුරු

01 -03
02-05
03-04
04- 03
05-04
06-03
07-05
08-02
09 -05
10-04
11 -01
12-04
13-05
14-04
15-02
16-05
17-03
18-02
19-03
20-03

 

    අධි ඇසළ අව අටවක පෝය

අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 08 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 07


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]