UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධි ඇසළ අව අටවක 2015.07.08

කුසල මූසලයෝ

ලෝභය, දෝසය, මෝහය යන අකුසල මූලයන්ගෙන් මිනිස් හැසිරීම මෙහෙයවනු ලැබේද? ඒ තාක් දුරට මිනිස් ක්‍රියා තමාගේ මෙන්ම සමාජයේ අනෙකුත් අයගේද අයහපත පිණිස හේතු වන බව පෙනී යයි.

මනුෂ්‍යයා මෙලොවට බිහිවනවිට ප්‍රසන්න මනසකින් යුක්ත වෙයි. සසර දී ගෙන එනු ලබන කර්ම ශක්තියේ බලපෑමත්, මෙලොව ජීවත්වන විට පවතින සමාජයෙහි ඇතිවන ඇලීම් ගැටීම් වල හේතුවෙන්ද මනුෂ්‍යයා ගේ චර්යාවෙහි වෙනස්කම් ඇති කරනු ලැබේ. තමා සතු ධනය වේවා බුද්ධිය වේවා භෞතික යමක් වේවා ඒ කවරකදී වුවද, නිර්ලෝභීව සමාජයේ යහපත උදෙසා පරිත්‍යාග කිරීමට බොහෝ දුරට ඇතැමෙක් පෙළඹෙනු නොලැබේ. ඒ පුද්ගල දෝෂයක්ම පමණක් නොව නිරන්තරයෙන්ම මනුෂ්‍යයා සතුව පවතින දැඩි ඇල්ම හේතුවෙනි.

තමා සතු යමක් අනුකම්පාවෙන් වේවා, කර්මය කර්මඵල විශ්වාසයෙන් අනුග්‍රහ බුද්ධියෙන් වේවා වෙනත් කෙනෙකුට පිරිනැමීමට සූදානම්වීමේ දී ඊට නිතැතින්ම එරෙහි වන්නේ ලෝභය නමැති අකුසල මූලයයි. මෙය තමා සතුවීමෙන් තවත් දිගු කලක් තමාගේ ප්‍රයෝජනයටම ගත හැකිව තිබියදී අන්‍යයන් වෙත පිරිනමනු ලබන්නේ ඇයිද? යන ගැටලුව සිත තුළ පහළ කරවනු ලබන්නේ ස්වභාවයෙනි.

දානය හෙවත් දීම, පරිත්‍යාගය සිදු කරන විට ලෝභය ආදී අකුසල මූලයන් පෙරට ඒමෙන් පරිත්‍යාගය මග හරවනු ලැබේ. ලෝභය වර්ධනය කරනු ලැබේ. ලෝභය පමණක් නොව දෝසය, මෝහය යන අනෙකුත් අකුසල මූලයන්ද වහා ඉදිරියට පැමිණ පරිත්‍යාගශීලී චේතනාව යටපත් කරවනු ලැබේ.

ඒ අකුසල මූලයන්ට එරෙහි වනුයේ බුද්ධිමත් තැනැත්තාය. ස්වකීය බුද්ධිය මගින් තමාගේ සිතිවිලි අතරට එන ලෝභය, දෝසය, මෝහය වර්ධනය කරවන සිතිවිලි තදංග වශයෙන් හෝ යටපත් කරවනු ලැබේ. එසේ ඒ අකුසල මූලයන් යටපත් කරවමින් ඒ වෙනුවට කුසල මූලයන් පෙරට ගනු ලැබේ. ලෝභය, දෝසය, මෝහය යන අකුසල මූලයන්ට එරෙහිව සිතෙහි ගොඩනගා ගත යුත්තේ අලෝභය, අදෝසය, අමෝහය යන කුසල මූලයන්ය.

නිවසේදි ,මඟතොටේදී, බස්රියේ දී, දුම්රියේදී, කාර්යාලයේ දී, සේවා ස්ථානයේ දී හෝ කවර තැනකදී වුවද දුකෙන් පෙළෙන අයකු දුටු විට බොහෝවිට ඒ කෙරෙහි මහත් අනුකම්පාවක් සිතෙහි හටගනී. එහෙත් එසේ ඇතිවන කරුණාව පෙරදැරි වූ සිතිවිලි සමූහය ක්ෂණයකින් වෙනස් කරවනු ලබන්නේ ඉහත කී අකුසල මූලයෝය.

කවර හෝ පින්කමක් සිදු කිරීමට පරිත්‍යාගශීලී මනුෂ්‍යයා විසින් අරමුණක් ඉදිරිපත් කරගනු ලැබේ. එහෙත් අරමුණ හෙවත් සිතිවිල්ල සමඟ සිතිවිලි සමුදායක් සිතෙහි හට ගනු ලැබීමෙන් පෙර කී යහපත් සිතිවිල්ල යටපත් කරවීමට ඇතැම්විට පෙළඹේ. එහිදීද බලපැවැත්වූයේ පෙර සඳහන් කරන ලද අකුසල මූලයන්මය.

බුද්ධිමත් තැනැත්තා අවබෝධයෙන් ම එම අකුසල මූලයන් මුලින් ම හඳුනා ගනු ලැබේ. එවිට අකුසල මූලයන් යටපත් කරමින් කුසල මූලයන් මුදුන් පත් කර ගැනීමට සිතිවිලි සමුදායක් ඉදිරියට ගනු ලැබේ. සිතේ පවතින එබඳු සසල ගති පැවතුම් වෙනස් කරනු ලබන්නේ අලෝභය, අදෝසය, අමෝහය පෙරට ගැනීමෙනි.

ඇතැම් පින් දහම්හි නිරතවීමට ධනය අවශ්‍ය වුවද ධනය ඇතත් නැතත් පිනේ දහමෙහි නිරත විය හැකිය. එහෙත් ධනය තිබුණත් නැතත් සිතට ගලා එන ලෝභ, දෝස, මෝහද අකුසල මූලයන් යටපත් කර ගත යුත්තේ කුසල මූලයන් වර්ධනය කිරීමෙන් ම පමණි.

 

    අධි ඇසළ අව අටවක පෝය

අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 08 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 07


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]