UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

ජුනි 24 පත්‍රය හා සම්බන්ධයි

44.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බණ ඇසීමට කැමති බව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපාරම්භ චිත්තය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අනුන් කරන හොඳ වැඩට සතුටු නොවේ)

46.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අයෝනිසෝ මනසිකාරය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නුවණින් තොරව)

47.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කුම්මග්ග සේවනය හෙවත් වැරැදි මඟ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සිත්වල කම්මැළිකම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

49.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාන්නය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

50.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අධිමානය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

51.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ථම්භය හෙවත් දරදඬු බව නම් වූ ධර්මතාවය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

52.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාරම්භය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අනුන් කළාට වඩා ඉහළින් කිරීම)

53.ස්වාමීන් භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු පාපයන් දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සාධූ ! සාධු! සාධු!
සාධු! සාධු! සාධු!

විජ්ජාචරණ සම්පන්න ගුණය - 19

භාවනා පූර්ව කෘත්‍යය
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංජීව අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බෝගස් කැපු අය, බණපොත් විනාශ කළ අය, පුස්තකාල විනාශ කළ අය උපදිති)

2.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාලසූත්‍ර අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දාගැබ් විනාශ කළ අය රන්කරඬු නැසූ අය, පිළිම විනාස කළ අය, සිල්වත් ගුණවත් අය මැරූ අය මෙහි දුක් විඳිති)

3.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඝාත අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අහිංසක ස්ත්‍රී, පුරුෂ සිල්වත් ගුණවත් අයට හිරිහැර කළ අය, සතුන් මැරූ අය මෙහි උපදී)

4.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රෞරව අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මව්පියන්ට, ඤාතීන්ට හිරිහැර කළ අය මෙහි උපදී)

5.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහ රෞරව අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වත් ගුණවත් අයට නින්දා අපහාස කළ අය මෙහි උපදී)

6.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තාප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රතාප අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවීචි අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පංචානන්තරිය කර්ම කළ අය මෙහි උපදී)

9.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අබ්බුද අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වත් ගුණවත් අය වැඩිහිටියන් බිම සිටියදී උස්අසුන්වල සිටි අය මෙහි උපදී)

10.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරබ්බුද අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මත්පැන් පානය කළ අය,අනුන්ට මත්පැන් දුන් අය මෙහි උපදී)

11.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අබ්බ අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සූදුව කළ අය මෙහි උපදී)

12. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අහහ අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සම්මාදම් කොට මුදල් විනාශ කළ අය මෙහි උපදී)

13. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කුමුද අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (චෛත්‍ය, විහාර, බෝධි දැක අසතුටු වූ අය මෙහි උපදී)

14. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝගන්දික අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ධර්මයට අගෞරව කළ අය මෙහි උපදී)

15. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උප්පල අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මහා සංඝයාට දොස් කී අය මෙහි උපදී)

16.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුණ්ඩරික අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වත් ගුණවත් අය මරා දැමූ අය මෙහි උපදී)

17.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අටට අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බුද්ධාගමට නින්දා) අපහාස කළ අය මෙහි උපදී)

18.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගුථ අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බොරුවට දිවුරූ අය මෙහි උපදී)

19.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කුක්කුල අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (උණු වතුර සතුන්ට දමා හිරිහැර කළ අය මෙහි උපදී)

20. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කටුඉඹුල් අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පරදාර,පරපුරුෂ සේවනය කළ අය මෙහි උපදී)

21.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසිපත්ත අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සතුන් මරණ ලද අය මෙහි උපදී)

22.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාරෝධික අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වතුන්ට ආක්‍රෝස පරිභව කළ අය මෙහි උපදී)

23. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලෝකුඹුක අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වත් ගුණවත් අයට දඬු අවි ආයුධ වලින් ගැසූ අය උපදී)

24.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වේතරනී අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නොයෙක් දෙනාට කුල මල කියා දොස් කී අය මෙහි උපදී)

25.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝණකාදක අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සතුන් ලවා සතුන් මැරවූවෝ දැල් දමා මාළු ඇල්වූ අය මෙහි උපදී)

26.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගිජ්ඣකාක අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දන් වැළැක්වූ අය, තද මසුරෝ මෙහි උපදී)

27. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්තිසුල අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සතුන් මැරූ අය මෙහි උපදී)

28.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඛග්ගසිර අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වතුන්ගේ ජීවිත විනාශ කළ අය මෙහි උපදී)

29. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරච්ච අපාය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (විහාර ආරාම සඳහා සම්මාදම් කොට මුදල් විනාශ කළ අය මෙහි උපදී)

මතු සම්බන්ධයි

 

    අධි ඇසළ අව අටවක පෝය

අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 08 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 07


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]