UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපසම්පදා ලබති

උපසම්පදා ලබති

දඹුල්ල, පන්නම්පිටිය, ගල්ලෙනවත්ත ආරණ්‍ය සේනාසනාධිපති සියම් වනවාස නිකායේ මාතලේ මහනුවර දිසා අනුශාසක පන්නම්පිටියේ ජිනරතන නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ දඹුල්ල උයන්වත්ත රාජමහ විහාරයේ වැඩ වසන සිගිරි කස්සප මහා විහාරයේ අධ්‍යාපනය ලබන ගන්සරපොල සුසීම හිමියන්ගේ උපසම්පදා මහෝත්සවය මේ මස 6 වැනිදා සිදු කෙරිණි.

සියම් වනවාස මහා නිකායේ විනය කීර්ති ශ්‍රී ඤාණානන්ද පස්ගොඩ ජිනවංශාභිධාන මහ නාහිමියන් ප්‍රමුඛ වනවාස මහ සඟරුවනේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම සිදුවිය.

උන්වහන්සේ පිළිගැනීමේ පෙරහර මේ මස 08 වැනිදා සවස 5 ට ජනකම්ණිපුර හන්දියෙන් ඇරඹෙන බව එල්.එච්. ජයතිස්ස (පියා) කේ.පී.පොඩිමැණිකේ (මව) දන්වා සිටියි.


දඹුල්ල, පන්නම්පිටිය ගල්ලෙනවත්ත ආරණ්‍ය සේනාසනාධිපති සියම් වනවාස නිකායේ මාතලේ මහනුවර දිශා අනුශාසක පන්නම්පිටියේ ජිනරතන නා හිමියන්ගේ ශිෂ්‍යයකු වූ දැනට දඹුල්ල උයන්වත්ත රාජමහා විහාරයේ වැඩ වසන සීගිරි කස්සප මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන ගන්සරපොල නාලක හිමියන්ගේ උපසම්පදා මහෝත්සවය මේ මස 6 වැනිදා සිදු කෙරිණි.

ඇල්පිටිය වතුරවිල වනවාස සංඝ මූලස්ථානයේ මංගල උපෝසථාගාරයේ දී ශ්‍රී ඤාණානන්ද පස්ගොඩ සිරි ජිනවංශාභිධාන මහ නා හිමියන් ප්‍රමුඛ වනවාස මහ සඟරුවනේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම සිදු කෙරිණ.

උන්වහන්සේගේ පිළිගැනීමේ පෙරහර ජූනි 08 වැනිදා සවස ජනකම්ණිපුර හන්දියෙන් ආරම්භවන බව ඒ.ජී. මංගලිකා (මව) දන්වා සිටියි.

 

 

  පොසොන් මස අව අටවක පෝය   

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]