UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්...

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්...
 

මිහින්තලා පුදබිම

පනස්තුන්වන වරටත් පවත්වන ලද මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ දෙවන දිනය දා (31) ප්‍රධාන ආරාධිතයා වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ආලෝක පූජාව විවෘත කළ අවස්ථාව. මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක, ලේක්හවුස් මුල්‍ය අධ්‍යක්ෂ එමිරික් ප්‍රනාන්දු, ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරුන් ඇතුළු පිරිස මෙහි වෙති.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඉකුත් (01)දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කළ අවස්ථාව. මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, දුමින්ද දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති කාවන් රත්නායක මහත්වරුද මෙහි වෙති.

පනස්තුන්වන වරටත් පවත්වන ලද මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පොසොන් පෝදා (02) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කැරිණ. මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි ඇතුළු මහ සඟ රුවනෙහි ආශිර්වාද මධ්‍යයේ සිදු කෙරුණු එම පින්කමට අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, අනුරාධපුර දිසා ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි, ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහත්වරු ඇතුළු මිහින්තලේ එ.ජා.ප සංවිධායක කරුණාරත්න හේරත්, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන වරුණ මල්ලවාරච්චි, නාරද සුමනරත්න සුභාෂ් කරුණාරත්න, සහකාර සාමාන්‍යාධිකාරී සුජීව ජයතිලක යන මහත්ම මහත්මීහු ඇතුළු ලංකා බැංකුව, ඩයලොග් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය සහ අබාන්ස් ආයතනවල නිලධාරීහුද එම උත්සවයට සහභාගි වූහ.
 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඉකුත් (30) වැනිදා මිහින්තලා පුදබිමේ උඩමළුවේදී ආරම්භ විය. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍යපාද වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ගේ අනුශාසනා පරිදි අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, පී. හැරිසන්, උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් හා උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ එම්රික් ප්‍රනාන්දු මහතා, බුුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක, ලංකා විදුලිබල මණ්ඩලයේ උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියසිරි ගුණසිංහ මහත්වරු ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් ආලෝක පූජාව විවෘත කළ අයුරු.

"බුදුසරණ" ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් ඉකුත් පොසොන්පුර
පසළොස්වක පෝදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත "බුදුසරණ" පුවත්පත සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව. අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද මෙහි සිටී.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බුදුසරණ පුවත්පත ලේක්හවුස් සභාපති කාවන් රත්නායක මහතා විසින් පිළිගැන්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සමාජසේවා අමාත්‍ය පී. හැරිසන් මහත්වරු හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය එම පුවත්පත බලමින්. .

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිහින්තලා අම්බස්තල සෑ මළුවේදී වන්දනා කරමින්...  මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝද මෙහි වෙති.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ අවසන් දිනය වූ ඉකුත් 3 වනදා ආලෝක පූජාව අනුරාධපුර දිසා ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා විසින් විවෘත කළ අවස්ථාව. මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සහ අනුරාධපුර අතිරේක දිසා ලේකම්වරුන් වන එල්.පී. මදනායක, සමන් බන්දුලසේන, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස්පති රංජිත් පද්මසිරි, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නීති අධ්‍යක්ෂ නීතිඥ සිරිමෙවන් ඩයස් මහත්වරු ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිහුද මෙහි වෙති.

 මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පත මෙහෙයවන ලද දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් මැල්සිරිපුර උස්සාව සිරිධම්මරතන දහම් පාසලේ චතුමිණි විතංගා රත්නායක ශිෂ්‍යාවට මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විසින් ඊට අදාළ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මඟින් පිරිනමන ලද මුදල් තිළිණය සහ ලේක්හවුස් ආයතනය මඟින් පිරිනමන ලද වටිනා සහතික පත්‍රය හා ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පිරිනමන ලද බුදුසරණ කුසලානය මිහින්තලා පුදබිමේදී පිරිනැමූ අවස්ථාව.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් බුදුසරණ පුවත්පත මෙහෙයවන ලද උතුරුමැද පළාතේ කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කථික තරගයේ ජයග්‍රාහක සිසු දරුවන් මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සමඟ සමූහ ජායාරූපයකට පෙනීසිටි අවස්ථාව. අනුරාධපුර දිසා ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි, ලේක්හවුස් නීති අධ්‍යක්ෂ නීතිඥ සිරිමෙවන් ඩයස් මහත්වරු සහ බුදුසරණ කතුවරයා ඇතුළු අමුත්තන්ගෙන් කොටසක්ද මෙහි වෙති.

බුදුසරණ පුවත්පතේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් මිහින්තලා පුදබිමේදී මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් වෙත බුදුසරණ පුවත්පතේ පිටපතක් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව.

ඡායාරූප - අමිල ප්‍රභාත්

 

 
 

  පොසොන් මස අව අටවක පෝය   

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]