UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 “ජපන් ශ්‍රී ලංකා වෙසක් ආසිරි චිත්‍ර තරගය -2015”

“ජපන් ශ්‍රී ලංකා අසිරිමත් වෙසක් දිනය” වෙසක් කලාපයට සමගාමීව 2559 වන ශ්‍රී බුද්ධ ජයන්තිය වෙනුවෙන් ජපානයේ සිංහල බෞද්ධ සංගමය විසින මෙහෙයවනු ලබන චිත්‍ර 2015/05/31 තරගය අසිරිමත් වෙසක් දිනය මාතෘකාව යටතේ පැවැත්වේ. ඒ සදහා ඔබ ඉදිරිපත් කරන නිර්මාණ අතරින් තෝරා ගත් චිත්‍ර ජපානයේ පැවැත්වෙන වෙසක් කලාපය තුළ ප්‍රදර්ශනයට තබන අතර එයට සහතික සහ ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරේ.

මෙම තරගය සඳහා පෙරපාසල් සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල්, දහම් පාසල් සහ පිරිවෙන්, ජාත්‍යන්තර පාසල් ශිෂ්‍යාවන්ට ඉදිරිපත් විය හැකිය.ඔබගේ නිර්මාණය ස්වයං නිර්මාණයක් විය යුතු අතර වෙසක් අසිරි විදහා දක්වන චිත්‍ර විය යුතු අතර අඟල් 18ය 14 ප්‍රමාණයේ කඩදාසියක භාවිතා කළ යුතුය. පැස්ටල් ,දියසායම් , කුඩු සායම්, පෝස්ටර් සායම් වැනි අතේ නොගෑවෙන වර්ණ මාධ්‍යයක් යොදාගත හැකිය. ඔබ විසින් සැකසූ අයදුම්පත්‍රයක් සමඟ ඔබගේ නිර්මාණය විදුහල්පති, ආයතන ප්‍රධානී සහතික කර 2015.05.10 දිනට පෙර වෙසක් අසිරි චිත්‍ර තරගය, පූජ්‍ය හාතියල්වෙල චන්දානන්ද හිමි, ශ්‍රී සුමංගලාරාමය,අම්පිටිගල, අඟුරුවාතොට යන ලිපිනයට ලැබෙන්නට සලස්වන්න.

 

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]