UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ ධර්ම දානයට

 බුදුසරණ ධර්ම දානයට

සෑම පුර පසළොස්වක පොහෝ දිනකම බුදුසරණ පුවත්පතේ පිටපත් මිලදී ගෙන පෙහෙවස් සමාදන්වන සිල්වතුන් අතරේ ධර්ම දානයක් ලෙස බෙදාදීම බොදුනුවන් අතර ප්‍රචලිත ධර්මදාන පින්කමකි. වෙසක් පොහෝ දින ද පරිත්‍යාගශීලින් විසින් මෙසේ බුදුසරණ ධර්ම දානය ලෙස පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී සිටිති. පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේදී (28) අපවෙත වාර්තා වී තිබු ධර්මදාන පින්කම් වලින් කිහිපයක් මෙසේය.

තැපැල් මූලස්ථානය

තැපැල් සේවා අමාත්‍යාංශයේ කේ. එල්.ඩී. එන්. පියල්, යුරාජ් සොයිසා, අජිත් ද සිල්වා, හර්ෂණී ගමගේ, මොනිකා කළුබෝවිල සහ හර්ෂනී ඔබේසේකර යන මහත්ම මහත්මීන් විසින් තැපැල් මූලස්ථානයේ වාර්ෂික වෙසක් ධර්ම දේශනාව නිමිත්තෙන් මෙවර බුදුසරණ වෙසක් කලාපය ධර්ම දානය පිණිස නොමිලේ බෙදාදීමට කටයුතු යොදා තිබේ.


සීනිගොඩදී සහ කතරගම – කිරිවෙහෙර අසලදී

සීනිගොඩ මව්පිය පූජා උපහාර අටවිසි බුදුමැදුර වැඳ පුදාගැනීම පිණිස වෙසක් සතිය තුළ පැමිණෙන සෑම දෙනාටම වෙසක් බුදුසරණ පත්‍රය බැගින් පූජා කිරීමට සහ කතරගම කිරිවෙහෙර දී සිල්වතුන් වෙත වෙසක් බුදුසරණ පත්‍රය බැගින් පූජා කිරීමට වතුගෙදර සීනිගොඩ අංක 10 ශී‍්‍ර ශාන්ති සුවසරණ හි පදිංචි මව්පිය පූජා උපහාර අටවිසි බුදු මැදුරේ නිර්මාතෘ පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා මහතා කටයුතු සලසා ඇති බව කියති. මෙම පින්කම මෙවර පැවැත්වූයේ 27 වැනි වර්ෂ පූර්ණ බුදුසරණ පත්‍ර පූජාවයි.

මෙම පූජා කටයුතු වලින් අපේක්ෂා වනුයේ 1985 මැයි 14 අනුරාධපුර ශ්‍රී මහ බෝධිය අසලදී මියගිය දයාබර මෑණියන් වන ඇස්.කේ. රැන්සි නෝනාට සහ දයාබර පියාණන් 1964.12.14 මියගිය පී.ජී චාර්ලිස් ද සිල්වා සහ 1992.04.19 මියගිය විදුහල්පති පී.ජී. ද සිල්වා දයාබර ලොකු අයියා ඇතුළු මියගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රර්ථනා කිරීමය. මේ පින්කමට අමතරව දකුණු වතුගෙදර ටී.ඒ.කේ. ද සිල්වා ඉදිකර ඇති බුද්ධ මන්දිරයට මුදල් ආධාර පිරිනැමීමක් සිදුකිරීමත් අසරණ දරුවකු හට පාසල් උපකරණ ප්‍රදානයක් සිදුකිරීමටත් චන්ද්‍රපාල මහතා කටයුතු සලසා ඇති බවද කියයි.


කැකිරාව

කැකිරාව පුවත්පත් අලෙවි නියෝජිත සංජීව ෆාමසි සහ පොත්හල අධිපති කේ.එච්. වීරසිංහ මහතා සහ එම මහත්මිය විසින් කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථාන රාශියකදී බුදුසරණ පුවත්පත් 1000 ක් ධර්ම දානය ලෙස පෙහෙවස් සමාදන් වූ අයට පිරිනමන බව කියයි. 31 වරටත් ධර්ම දානය ලෙස මෙම පොහෝ දින මලව, ඔරුගල්සෑය රජමහා විහාරය, කැකිරාය බෝධිරාජරාමය, නීකිණියාව පුරාණ රජමහා විහාරය, සඳගල්පාය රජමහ විහාරය, කිණිහිරිකන්ද රජමහා විහරය, මල්දෙණිපුර මෙත්තාරාමය, මල්දෙණිපුර විසුද්ධාරාමය, මහකැකිරාව විහාරය, තිබ්බටුවැව බෝධිරුක්ඛාරාමය, සූරියගම ශ්‍රී සුමංගලාරාමය, ඇලගමුව ශ්‍රී දේවතිස්ස රජමහ විහාරය, නාමල්පුර විශුද්ධාරාම ටැම්පිටිි විහාරය, හා කිණිහිරිගම ශ්‍රී ජයසුමනාරාමය වන විහාරස්ථානවල දී සිදුකෙරේ.


දලුග්ගලකන්ද චිත්ත විවේකාශ්‍රමය

පස්යොදුන් රට මතුගම බෝපිටියේ ඓතිහාසික දලුග්ගලකන්ද චිත්ත විවේකාශ්‍රමයේ වාර්ෂික වෙසක් සීල සමාදානයට සහභාගිවන උපාසක උපාසිකාවන් 200 කට අධික පිරිසකට බුදුසරණ පුවත්පත බෙදාදීම චිත්ත විවේකාශ්‍රමයේදී සිදුකෙරේ. මාධ්‍යවේදී ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතාගේ අදහසකට අනුව “සැම හිත සුව පිණිස” තේමාව යටතේ නාවින්න සාහිත පොත් පියස මඟින් මෙම ධර්ම දානමය පින්කම සිදුකරයි.


ඇල්පිටිය

බුදුසරණ පත්‍ර 500 ක් හා දිනමිණ වෙසක් කලාප බෙදාදීමක් මෙවර ඇල්පිටිය ඉඹුලපිටිය සමූහ ව්‍යාපාරයේ අධිපති ජිනසේන හොරවල විතාන මහතා ඇතුලු දූ දරුවන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි. තම මිය ගිය දෙමාපියන් හා ඤාතීන්ට පින් පතා පුරා වසර 27 ක් කරගෙන යනු ලබන බුදුසරණ පත්‍ර බෙදාදීම හා වෙසක් කලාප ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල උවැසි උවැසියන් හට බෙදාදීම මෙවරද සිදු කෙරේ.

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]