UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උයන්වත්ත ශ්‍රී මේධංකරාරාමය

උයන්වත්ත ශ්‍රී මේධංකරාරාමය

අතොරක් නැතිව ගලා බසින මාමෝ කොමලියගේ පහසින් සශ්‍රීකත්වයට පත් සුන්දර මල් මිටියාවත මල්ගමුව ගම්මානය දඹදෙණි යුගය දක්වා විහිදෙන ඓතිහාසික බිම් කඩෙකි. මහාවංශ කතුවරයාට අනුව දඹදෙණිය දළදා මාලිගාවට මල් සැපයීමට බාරව සිට ඇත්තේ මෙගම වැසියන්ය. ඔවුන් විසින් ඒ සඳහා මල් උයනක් සකස් කළ බව ජනශ්‍රැතියේ එන අතර අද ද ඒ බිම් කඩ උයන්වත්ත නමින් හඳුන්වයි. 1953 වසරේ එවකට මස්නොරුවේ බෝධිසිහ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙම බිමට වැඩමවීමත් සමඟ මෙම භූමිය පුණ්‍ය භූමියක් බවට පත්විය. එතැන් පටන් උන්වහන්සේගේත් සියලු දායක කාරකාදීන්ගේත් නොමසුරු කැපවීම මත තුන් බෝපිහිටි අංග සම්පූර්ණ විහාරස්ථානයක් බටව පත් කළහ. 1994 වසරේ මෙම විාහරස්ථානයේ ආදි කර්තෘ මස්නොරුවේ බෝධිසිහ මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු විහාරාධි-පතිත්වයට පත්වන කෝඳුරුවාවෙල මේධංකර හිමියන් ඇතුළු වර්තමාන පරපුර විසින්ද දර්ශනීය නව විහාර මන්දිරයක් ද ඉදිකරන ලදී. කොළඹ කුරුණෑගල අංක පහ මාර්ගයේ සහ අංක 34 මීගමුව කුරුණෑගල මාර්ගය එකතු වෙන ගිරිඋල්ල නගරයේ සිට මැද්දේපොල මාර්ගයේ කිලෝමිටර් 1.5 පමණ ඉදිරියට පැමිණෙන විට හමුවෙන මෙම පුණ්‍ය භූමියේ ඇති කඳු මුදුන මත ඉදිවෙමින් පවතින අසූඅට රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පද්මාසනයේ වැඩ කටයුතු මේ වනවිට නිමවෙමින් පවතින අතර වෙසක් පුර පසළොස්වක පොහෝදින එහි පත්ඉරු තැන්පත් කිරීම සිදුකිරීමට නියමිතය.

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]