UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් පෝදා පින්කම්

කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, වැලිකල පඤ්ඤාකර හිමි, 7.30 – 9.45 ධර්ම දේශනය මැල්සිරිපුර ධම්මකුසල හිමි, 10.00 – 11.30 ධර්ම සාකච්ඡාව මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි, පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනය කහගොල්ලේ සෝමවංශ හිමි. 2.45 – 4.30 ධර්ම දේශනය අක්මීමන ධර්මපාල හිමි, 4.45 – 8.00 ධර්ම දේශනය තපෝවනයේ සුමේධ හිමි, 8.15 – 9.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව (පටිගත කළ එකකි) 9.15 – 11.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 11.15 සිට රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථානය නැරඹීම.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම මධ්‍යස්ථානය

පෙරවරු 6.00 – 7.00 කිරිපිඩු පූජාව සීල සමාදානය අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 8.30 භාවනාව , 8.30 – 9.30 ධර්ම දේශනාව නාමල්ගමුවේ විජයසීල හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව මහකෙළියේ අරියසීල හිමි, 3.30- 4.30 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 4.30 – 5.00 කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 6.00 – 7.30 විශේෂ පට්ඨාන පූජාව.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 - 11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30- 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 – 2.30 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස නාහිමි, 2.30 – 3.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති, තලල්ලේ චන්දකිත්ති මාහිමි, 4.00 – 5.00 ධර්මදේශනය ආචාර්ය මඩිහේ සුගතසිරි මාහිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව. ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ විසින් රචිත සදහම් ග්‍රන්ථයක් මෙදින සියලුම උපාසක උපාසිකාවන්ට දහම් පඬුරක් ලෙස පිළිගැන්වෙයි.


තෙලවල විජය රූපාරාම ධර්මයාතනය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 සිට 7.30 දක්වා උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව හා මෛත්‍රී භාවනාව සිදු කිරීම, දම්පහළ ඤාණරතන නා හිමි, පෙරවරු 8.30 – 9.00 මෛත්‍රී භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 9.30 – 10.30 ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා 10.30 – 11.00 ‘බුදුසරණ’ පුවත්පත බෙදාදීම, 11.00 – 12.00 දහවල සම්බුද්ධ පූජාව, දම්පහළ ඤාණසුධීර හිමි, 12.30 – 2.00 වෙසක් පුර පොහෝ දින පිළිබඳ දේශනය ආසිරි රාජපක්ෂ මහතා, 2.00 – 3.00 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 3.00 – 4.00 වෙසක් ධර්ම දේශනාව නිල්මල්ගොඩ සද්ධාවිහාර හිමි, 4.00 – 5.00 මහ පිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා. 5.00 – 6.30 සිල් පවාරණය සිදු කිරීම හා අෂ්ඨාපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි. රාත්‍රී 7.00 – 8.00 විශේෂ වෙසක් ධර්ම දේශනාව ශාස්ත්‍රපති දම්පහළ රාහුල හිමි.

සිල් දමාදන් වන පිරිසට බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදා දෙනු ලබන්නේ ඔක්කම්පිටිය බුරුතගොල්ල හි පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි.


අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික මහාවිහාරයේ පොහෝ දින අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි, පහළතලාවේ සුමනසිරි හිමි පින්කම සම්බන්ධීකරණය කරති.

පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 – උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව මහාචාර්ය කරගස්වැවේ විමලානන්ද නා හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම 9.15 ගිහි දේශනය, ආචාර්ය ඩබ්.එම්. දේශපි‍්‍රය ගුණසේන මැතිතුමා, 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 10.30 දහවල් බුද්ධ පූජාව, 12.00 ජාතක කතා දේශනාව භාණක, පණ්ඩිත ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි, පස්වරු 01.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී කිරිගල්වැවේ ඥානාලෝක හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 02.45 දම්සබා මණ්ඩපය සහභාගිත්වය දර්ශනපති පණ්ඩිත වැලිවිට සෝරත හිමි, ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මැතිතුමා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා 4.00 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි 5.00 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.00 ට ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.30 උපෝසථ ශීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව, ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.30 වෙසෙසි දෙසුම දර්ශනපති ආනන්ද සිල්වා මහතා, 10.00 ධර්ම දේශනය කන්තලේ සිරිනන්ද හිමි, 11.30 දහවල සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 තෙරුවන් වන්දනාව සහ පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී සඟරුවන සමඟින් සිල් පිරිස, 1.30 පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියවීම විජේසිරිවර්ධන මහතා, 3.00 ධර්ම දේශනය කොහුලියද්දේ දේවානන්ද හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, රාත්‍රී 7.00 බුද්ධ වන්දනාව ධර්මායතනාධිපති ලේනබටුවේ මින්නාලෝක නා මාහිමි ප්‍රධානත්වයෙන් ධර්මායතනවාසී සඟරුවන. සිල් පිරිසට බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදා දෙනු ලබන්නේ ඉඳුනිලා චන්ද්‍රදාස, ඉන්ද්‍රාණි කුරුප්පුආරච්චි, සෝමා කුමාරිහාමි, කාන්ති ලියනගේ, එල්.වී. සමරරත්න, සීතා අබේකෝන්, සෝමා විජේසූරිය, අනුලාවතී යන මහත්මීන්ගේ පූර්ණ දායකත්වයෙනි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව වැලිවේරියේ ගෝතමී දසසිල් මෑණියන් 10.00 – 11.00 ධර්මදේශනය වේරදූවේ මහින්ද හිමි, 11.00 ට දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර සජ්ඣායනය 1.00 – 5.00 භාවනාව නෙළුවේ සරණතිස්ස හිමි, තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට මල් පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාව, බෝධි පූජාව සහ අසූමහා ශ්‍රාවිකා පූජාව ඕපනායක නිරාශා දසසිල් මෑණියන් විසිනි. 4 වැනි දා පෙරවරු 8.00 පස්වරු 5.00 දක්වා එක්දින භාවනාව නෙළුවේ සරණතිස්ස හිමි, සුපුරුදු පරිදි මෙම වෙසක් පුර පසළොස්වක පොහෝ දින සිල්වත් පිරිසට ධර්ම දානයක් ලෙස බුදුසරණ පත්‍රය බෙදා දෙන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ වෙසක් පෝදා පින්කම් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන්කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත මාරපන විජිත හිමියන් විසින් විහාරස්ථ ධර්ම ශාලාවේ දී හා භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ බත් දන්සල පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සැල ද එම ස්ථානයේ පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම සංවිධානය කරයි.


කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය

පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව පිටිගල ගුණරතන හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව දික්වැල්ලේ උපතිස්ස හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 දම්සභා මණ්ඩපය, සාකච්ඡාව දොළොස්වල උදිතධීර හිමි සහ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව බුද්ධංගල ආනන්ද හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය ඉගුරුවත්තේ ධම්ම ගවේෂි හිමි.


බොරැල්ලේ ගෝතමි විහාරය

පෙරවරු 6.00 උපෝසථ ශිලයෙහි පිහිටුවීම, ගතාරේ පඤ්ඤාසාර හිමි, 6.15 බුද්ධ චීවරය පැළඳවීම, 6.45 සම්බුද්ධ පූජාව, අටවිසි කිරි ආහාර පූජාව හා අනුශාසනාව, තෙල් වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනාව ආටිගල අමිතදේව හිමි, 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තල්පත්වැවේ සද්ධාතිස්ස හිමි, 11.00 සම්බුද්ධ පූජාව සහ අටවිසි බුද්ධ පූජාව ශාස්ත්‍රපති අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමි, පස්වරු 1.30 මුරුතවෙල සීවලි හිමි, 3.00 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත කාව්‍ය ශ්‍රී වෙරලුගොල්ලේ උදයනන්ද හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ සීල සමාදානය

පෙරවරු 6.00- 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි. පස්වරු 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය මහාචාර්ය චන්දන ජයරත්න මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 4.15 – 5.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි, 10.00 – 11.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති ඌරුපැලැව්වේ හේමාරාම හිමි, 11.00 – 11.15 බුද්ධ පූජව පැණසිහගම ඛේම හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ ධම්මරක්ඛිත හිමි, බලංගොඩ බෝධිධම්ම හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත බංගලිදේශයේ ධම්මපාල හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව කථිකාචාර්ය දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනය කහගොල්ලේ සෝමවංස නාහිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති හක්මන සිරිසුමන හිමි.


මරදාන ශ්‍රී මහින්දාරාමය

කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාමයේ වෙසක් පොහොය නිමිත්තෙන් මැයි මස 2,3,4 යන දිනයන්හි පින්කම් සිදු කෙරේ.

විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකරණු ලබන මෙම පින්කම්වලට ධර්මදේශනා ,අටවිසි බුද්ධ පූජා, මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීම, වියළි ආහාර පාර්සල් බෙදාදීම, සිසිල් පැන්, ඔසුපැන් දන්සැල් පැවැත්වීම ඇතුළු පින්කම් රාශියක් සංවිධානය කොට ඇත.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී වෙසක් පෝදා වැඩසටහන ශාස්ත්‍රාචාර්ය ගැටමාන්නේ ධම්මකිත්ති, ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිපිටකවේදී වලස්ගල පඤ්ඤාසිරි මහානාහිමි, ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංශ හිමි, දෙහිගස්පේ සිරි විමල, එප්පාවල තිලෝකනාථ හක්මන මධුර ධම්ම, ගම්මැදගම චන්ද්‍රජෝති හඳුගල සමිඳු කඹුරුපිටියේ විමල, කුඩාඔය ප්‍රාසාදික, ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසිත, ශාස්ත්‍රපති රොටුඹ ශාන්ත යන හිමිවරු පින්කම මෙහෙයවති. ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන්, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන වැඩසටහන සංවිධානයේ දී සහාය වෙති. බුදුසරණ පත්‍රය බෙදාදීම පී.ඒ. ගාමිණි කුලතුංග මහතා.


පන්නල ශ්‍රී දේවරාජාරාමය

පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානය වෙසක් පොහොය නිමිත්තෙන් (03) දා දවසපුරා සීල සමාදාන වැඩසටහනක් පැවැත්වේ. විහාරාධිකාරී පන්නල ජාතික පාසලේ ආචාර්ය මොරගොල්ලේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව පින්කම් මාලාව සංවිධානය කර ඇත. සවස අටවිසි බෝධි පූජාවක් පවත්වන අතර මෙදින සිල්සමාදන්වන උවැසි උවැසියන් සඳහා ‘බුදුසරණ’ පුවත්පත නොමිලයේ බෙදාදීමද සිදු කෙරේ.


තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමය

පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය වෙසක් තෙමඟුල නිමිත්තෙන් වෙසක් පොහෝදින (03) දා උදේ 7.00 සිට දවස පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. මෙදින දහසක් පමණ පෙහෙවස් සමාදන් වන අතර ඉන් අනතුරුව බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් සිදුකිරීමට නියමිතය. විහාරාධිපති ගොලහැන් වත්තේ ධම්මරතන විහාරාධිකාරී ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව මෙම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

කෑගල්ල තරුණ බෞද්ධ සංගමය සංවිධානය කරන මෙම වැඩසටහන හෙම්මාතගම සිද්ධාර්ථ හිමියන්ගේ අනුශාස-කත්වයෙන් සිදු කෙරේ. සීල සමාදානය ශාස්ත්‍රවේදී ධර්මවේදි ආයුර්වේද වෛද්‍ය සමරවර්ධන නිශ්ශංක මහතා, පෙරවරු 6.45- 7.00 බුද්ධ වන්දනා හා සැදැහැ ගාථා බී.එම්.එස්.බී. බස්නායක මහතා, 7.00 – 7.45 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා අනුශාසනාව ශාස්ත්‍රපති හෙම්මාතගම සිද්ධාර්ථ නා හිමි, 9.00 – 9.45 ධර්ම උපදේශනය, ශාස්ත්‍රවේදී ඇම්.ආර්. මද්දුම බණ්ඩාර මයා, 9.45 – 10.45 ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී, එස්.එම්.කේ. සිරිවර්ධන මහතා. 11.15 – 12.00 බුද්ධ පූජාව හා දිවා දානය, පස්වරු 12.30 – 1.00 ශිලාවර්ජනය, මෙහෙයවීම, දේශක බී.එම්.එස්.බී. බස්නායක මහතා. 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ආර්. ආර්. සිරිසේන මහතා, 2.00 – 2.45 ගිලන්පස පූජාව, 2.45 – 3.45 ධර්මානුශාසනාව, ශාස්ත්‍රවේදී පන්නල ආනන්ද හිමි, 4.00 – 5.00 ධර්මානුශාසනාව කථිකාචාර්ය ශාස්ත්‍රවේදී යූ.ජී.එම්. බණ්ඩාර උඩගෙර මහතා. 5.00 සිල් පවාරණය


මොරටුව - හොරේතුඩුව

අලුයම 5.00 දහසක් පිරිස සීල සමාදානයෙහි පිහිටුවීම සහ දවස පුරා සීල සමාදානය පැවැත්වීම, පෙරවරු 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍ර පණ්ඩිත් රඹුක්වැල්ලේ සංඝොනන්ද හිමි, 9.00 රූපවාහිනි ධර්ම දේශනාව, 10.00 භාවනාව මහියංගණයේ විශාකා ධම්මසීලා සිල් මාතාව, 11.00 දහවල් සම්බුද්ධ පූජාව, පස්වරු 1.00 ධර්ම දේශනාව ශාස්ත්‍රාචාර්ය අඟුලානේ ඛේමානන්ද හිමි, 2.00 ජාතක කතා ධර්ම දේශනාව කහතුඩුවේ අනුරුද්ධ හිමි, 3.00 ධර්ම දේශනාව මොරපිටියේ හිමරතන හිමි, 4.00 භාවනාව කෝලිත හෙට්ටිගේ මහතා, 5.00 පිරිත් දේශනාව, 6.00 මහා බෝධි පූජාව බුදුරුවගල පඤ්ඤාතිස්ස හිමි.


කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථානය

උදේ 6 ට සිල්සමාදන් කරවීම පෙරවරු 8 ට රූපවාහිනි ධර්මදේශනාව 9 ට දම් දෙසුම උඩුකළකන්දේ අරියරතන හිමි, 10.15 ට වී.ජී.අයි. විතාන මහත්මිය හා රාණි හේවගේ මහත්මිය පවත්වන ධර්මසාකච්ඡාව දවල් 11 ට බුද්ධ පූජාව හා සර්වඥධාතු පූජාව, සවස 2 ට දම්දෙසුම රොටුඹ ආනන්ද හිමි 3.30ට දම්දෙසුම වෑගම ඥානානන්ද හිමි සවස 4.30ට දම් දෙසුම මහනුවර විමලධම්ම හිමි රාත්‍රී 7.00 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව මෙම පින්කම් විහාරස්ථ දායක සභාව හා කුළඟන සමිතිය සංවිධානය කර තිබේ.


අනුරාධපුර දහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ වෙසක් පුන් පොහොය වැඩසටහන අනරාධපුර වේලුවනගම අංක 38 හි පිහිිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දීද දින දෙකක් පුරා පැවැත්වේ. 03 දින පෙරවරු 6.00 ට ඇරැඹි 05 දින පෙරවරු 6.00 ට අවසන් වන මෙම වෙසක් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, සාකච්ඡා, භාවනා සහ බුද්ධ පුජා ද ඇතුළත් වේ.

පුන් පොහොය වැඩසටහනට සහභාගි වන පින්වතුන්ට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ. අනුරාධපුර සදහම් සෙවණ පුන් පාහොය වැඩසටහන මඟින් අරඹන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩපිළිවෙළේ සිවුවැනි අදියර වෙසක් පුන් පොහෝ දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී ඇරැඹේ. මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම්සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් පුස්තකාල පොත් පිරිනමනු ලැබේ.


නුගේගොඩ සිරි ධම්මාරාමය

නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථානයේ වෙසක් මහ පෙරහර මැයි මස 04 වනදින පැවැත්වේ. නුගේගොඩ ව්‍යාපාරික හා වෘත්තීය එකමුතුව, ලයිසියම් ජාත්‍යන්තර පාසල, විහාරස්ථ දහම් පාසල ඇතුළු සංවිධානවල එකමුතුවෙන් මෙම පෙරහැර පැවැත්වේ.


ඇල්පිටිය ජයසුමනාරාමය

ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරස්ථානය ප්‍රමුඛ පංච විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය එක්නැලිගොඩ පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අමුගොඩ සෝමරතන නාහිමියන්ගේ උපදෙස් පරිදි එම විහාරාධිකාරි අමුගොඩ සෝමානන්ද හිමියන් විසින් වෙසක් පින්කමක් සංවිධානය කර තිබේ.


පේරාදෙණිය ගන්නොරුව රජමහා විහාරය

පේරාදෙණිය ගන්නොරුව රාජමහා විහාරයේ වෙසක් පෝය සති වැඩසටහන සුබසෙත දහම් පාසලේ භක්තිගීත වැඩසටහනක්ද විශේෂ බෝධිපූජා මාලාවක්ද අභිනව චෛත්‍යරාජායාණන්ට පිදෙන විදුලි ආලෝක පූජාවකින්ද සිදුකෙරේ. විහාරාධිපති යටිනුවර උප ප්‍රධාන අධිකරණ සංඝනායක අඹන්පොල සුමංගල නා හිමි අනුශාසනා පරිදි පින්කම පැවැත්වේ.


හුණුපිටියේ ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල, හුණුපිටිය, ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි විහාරාධිපති වලවෙල හේමානන්ද, නාහිමි-යන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ‘වීතදෝෂී’ සමිතිය මඟින් කටයුතු සංවිධානය කොට ඇත. අප්‍රේල් 27 වන දින සිට මැයි මස 04 වන දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. මෙම ධර්මදේශනා සඳහා නෙළුවාකන්දේ ඤාණානන්ද කණුගල පඤ්ඤාලංකාර, දෙබත්ගම තිලකරංසි, දළුගම සමිතඥාන යන හිමිවරුන් ඇතුළු ස්වාමීන් වහන්සේලා ගාල්ලේ සුධම්මචාරි දසසිල් මාතාව වැඩම කරනු ඇත. විශේෂ දේශන ය මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා විසින්. 27 හා මැයි 03 වන දින විහාරස්ථ චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කංචුක පූජාවන් ද වෙසක් පොහෝ දින හා පසුදින ශ්‍රී ධර්මාශෝක ධම්ම විද්‍යාලය ඉදිරිපත් කරන වෙසක් කූඩු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක, ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි සූරියවැවේ අනුරුද්ධ හිමියන්ගේ මෙහෙයවීමෙන් මේ මස 03 වනදින කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ.

මෙදින පෙරවරු 9.00 ට ධර්ම දේශනාව වැල්ලගිරියේ විමලසාර හිමි, සවස 1 ට ධර්ම දේශනාව කලවානේ චන්දානන්ද හිමි, සවස 4.30 ට භාවනාව - වෑකඩ භද්‍රා දසසිල් මෑණියන් විසින් සිදුකෙරේ.


පිළියන්දල සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවූ අව්කන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ශ්‍රීපාද ලාංජන අනුරුව නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි 02 සවස 4.00 ට පැවැත්වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ සංවිධානයෙන් සහ ආරාධනයෙන් දිවියාගහ යසස්සී නාහිමියන්ගේ සහ කොළන්නාවේ සිරි සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පින්කමට නිවාස හා ඉඳිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා, හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා, නියෝජ්‍ය අධිකරණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා, ප්‍රතිපත්ති සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා, පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක, සුනිල් ජයමිණි, ලෙනාඩ් කරුණාරත්න යන මහත්වරුන්ද සහභාගි වීමට නියමිත ය.


කලවාන ශ්‍රී හස්තිවනාරාම වෙසක් කලාපය

2559 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරනු වස්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කර්යාලයේ අනුග්‍රහය ඇතිව මිනුවන්ගොඩ කලවාන ශ්‍රී හස්තිවනාරාම විහාරස්ථානය සහ ශ්‍රී හස්තිවනාරාම බෝසත් වෙසක් කලාප සංවිධායක කමිටුව, එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් මේ මස 03 සිට 07 දක්වා කලවාන ශ්‍රී හස්තිවනාරාම විහාරස්ථානය හා ඒ අවට ප්‍රධාන වෙසක් කලාප 08 කට වෙන්කර බෝසත් වෙසක් කලාපයක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇති බව විහාරාධිපති හුණුමුල්ලේ ධම්මකිත්ති හිමියන් දන්වාසිටියි.


බියගම පුණ්‍යවර්ධනාරාමය

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිතිකරගෙන ධර්ම දේනා, ධර්ම සාකච්ඡා , භාවනා ආදී වැඩසටහන් රැසක් දවස පුරා බියගම පුණ්‍යවර්ධනාරාමයේ දී දහම් පාසල් දරු දැරියන් සහ ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වේ. එදින ධර්මදානයට "බුදුසරණ" පිරිනැමේ.


රත්මලාන බෝධිරුක්ඛාරාමය

රත්ූමූලාන බෝධිරුක්ඛාරාමයේ සිරි සුජාතා කුළූඟන සමිූතිය මෙහෙයවීමෙන් ප්‍රදේූශූවාසීන්ගේ අනුග්‍රහයෙන් 68 වන වරූටත් පවත්ූවන කිරිපිඬු පූජා පෙරූහර විහාරාධිපති රත්මලානේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි මැයි මස 2 වනදා පැවැත්වේ.

එදින පස්වරු 6.00 ට සධාතුක කරූඬුව රන්සිවි ගෙයි තැන්ූපත් කිරීම  LOLC අධිපති ඉෂාර චින්තක මහූතාගේ හා එම මහත්මියගේ සුරූතින් සිදුකෙරේ. රාත්‍රී 7 සිට පෙරහර වීදී සංචාරය කොට, වෙසක් පොහෝ දින පෙරවරු 7.00 ට කිරිපිඬු සහිත බුද්ධ පූජාව පැවැත්වන අතර දවස පුරා ධර්ම දේශනා , භාවනා වැඩසටහන්, බෝධි පූජා ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වේ.


පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති විහාරය

පිළියන්දල නව විකල්ප මාර්ගයේ ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත ඓතිහාසික කතරගම කිරිවෙහෙර වහන්සේගේ අනුරූ ත්‍රිපිටක මහා සෑයට මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය මේ මස 24 වැනිදා පෙරවරුවේදී සිදුකෙරේ. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ සුරතින් මුල්ගල ප්‍රතිෂ්ඨාපනය සිදුකෙරේ.

ත්‍රිපිටක මහා සෑය පිළිබඳ විශේෂ දේශනය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් විසින් ද නව අරහාදි බුදුගුණ මහා සත්‍යක්‍රියාව ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල වැඩ බලන මහානාහිමි විසින් ද සිදුකෙරේ.

විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි නා හිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධශාසන රාජ්‍ය පරිපාලන, පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ සහ ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ත්‍රිපිටක මහසෑය සංවර්ධන සමිතියේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.


ඇල්පිටිය ජයසුමනාරාමය

ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරස්ථානය ප්‍රමුඛ පංච විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය එක්-නැලිගොඩ පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අමුගොඩ සෝමරතන නාහිමියන්ගේ උපදෙස් පරිදි එම විහාරාධිකාරි අමුගොඩ සෝමානන්ද හිමියන් විසින් වෙසක් පින්කමක් සංවිධානය කර තිබේ. මැයි මස 03,04 සහ 05 යන දිනවල එම විහාරස්ථාන පැවැත්වෙන දාන, සීල, භාවනා, ශබ්ද පුජා අටවිසි කිරිපිඬු බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ධජ පූජා, අටවිසි ආහාර බුද්ධ පූජා, අෂ්ඨ පරිෂ්කාර පූජා ආදිය පිරිනැමේ.


නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානය

නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානය ආශි‍්‍රතව ප්‍රදේශයේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන,ආයතන හා සියලුම දායකයින් සංවිධානයෙන් මැයි මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා බණ වැඩසටහන, පහන් පූජාව, භක්ති ගීත, නාට්‍ය හා බෞද්ධ වැඩසටහන්, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බත් දන්සැල, බීම දන්සැල්, බෞද්ධ චිත්‍රපට, දිනපතා බල්බ් 50000 අලෝක පූජා ආදී පින්කම් රැසක් පැවැත්වීමට ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ළිඳවැවේ අනුරුද්ධ හිමියන්ගේ අනුශාසකත්වයෙන් කටයුතු යොදා ඇත.


ගල්කිස්ස නාලන්දාරාමය

පෙරවරු 6.00 පිරිස උපෝසථ සීලයෙහි පිහිටුවීම, විහාරාධිපති අතුරලියේ ආනන්ද නා හිමි, 6.30 කිරිපිඬු බුද්ධ පූජාව, 7.30 සම්බුද්ධ පූජාව, 8.30 ධර්ම දේශනය බම්බලපිටිය වජිරාරාමවාසී මීගොඩ සුඛිත හිමි, 9.30 තෙරුවන් ගුණ සිහිකිරීම, අම්බලන්තොට රතනවංශ හිමි, 10.15 ධර්ම දේශනය ශාස්ත්‍රපති රත්නපුරේ ඤාණරක්ඛිත හිමි, 11.30 සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 මරණයට නියම වූ ගවයන්ට අභය දානය දීමේ පින්කම, 12.30 සෙත් පිරිත් දේශනය, නාලන්දා පිරිවෙන් කුඩා ස්වාමීන්වහන්සේලා, 1.00 භාවනාව දෙහිඅත්තකණ්ඩියේ තිලෝකානන්ද හිමි, 2.00 රාජකීය පණ්ඩිත කිරිපිටියේ සුවණ්ණ හිමි, 3.15 ධර්ම දේශනය යටිනුවර විජිතසිරි හිමි, 4.00 ධර්ම දේශනය පරිවෙණාධිපති කොහොලානේ වසුබන්ධු හිමි, 5.00 ධර්ම දේශනය හෙවස්සේ නන්දාරාම නාහිමි, 6.30 අටවිසි බුද්ධ පූජාව සහිත බෝධි පූජාව.

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]