UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය

කොළඹ ගංගාරාම විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය එක්ව සිදු කරනු ලබන වෙසක් පහන් කූඩු සහ වෙසක් නිර්මාණ මැයි 3, 4, 5, 6 දිනවල

අරලියගහ මන්දිරය, ගංගාරාම විහාරස්ථානය බේරේ වැව ආශි‍්‍රත ප්‍රදේශය තුළ මෙම මස 3, 4, 5, 6 දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රීමත් ජේමිස් පීරිස් මාවත, පෙරහර මාවත, නවම් මාවත, මුත්තයියා පාර, ජිනරතන පාර, සීමා මාලකය යන ප්‍රදේශ තුළ දර්ශනීය වෙක් පහන් කූඩු නිර්මාණ, තොරණ, භක්තිගීත සංදර්ශන, බුද්ධ චරිතය ඇසුරෙන් කරන ලද නිර්මාණ සංස්කෘතික අමාත්‍යාංශය සහ තරුණ සේවා සභාව ටවර්හෝල් පදනම මගින් ඉදිරිපත් කරනු ලබන සංස්කෘතික වැඩසටහන් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රධාන පාසල් 18 ක් මඟින් විවිධ නිර්මාණ ඉදිරිපත් කෙරෙනු ඇත. අරලියගහ මන්දිරය ප්‍රධාන උත්සව ශාලාව තුළ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා, මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගැනීමට අවස්ථාව සැළසෙන අතර දුටුගැමුණු රජතුමාගේ භක්ෂ්මාවශේෂ හා පුරාවිද්‍යා කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක්ද පවත්වනු ලැබේ. රාත්‍රී 7ට ආරම්භ වී අලුයම 4 දක්වාම ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වන්දනාමාන කළ හැකි අතර වෙසක් පොහෝ දින 6000 කට ආසන්න සැදැහැවතුන් පිරිසක් සිල් සමාදන් වනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ලේකම් තුමාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම වෙසක් මහෝත්සවය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]