UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පංචශීලය රකින්නේ නම් සැමදා වෙසක් සැමරිය හැකියි

පංචශීලය රකින්නේ නම් සැමදා වෙසක් සැමරිය හැකියි

ලක්වාසීන් වන අපට ආගමික හා සංස්කෘතික වටිනාකම් අතින් ඉතාම වැදගත් දින තුනක් පවතී.සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය ඉන් පළමුවැන්නයි. දෙවැන්න වෙසක්පුර පසළොස්වක පුන් පොහෝ දිනයයි. තුන්වැන්න පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයයි.

අපේ‍්‍රල් මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ උණුසුම පහව යනවාත් සමඟම උදාවන්නේ වෙසක් සමයයි. ශ්‍රී ලාංකීය ජාතීන්ගේ ආගමික අනන්‍යතාව මැනවින් පිළිබිඹු කෙරෙන්නේ මේ වෙසක් සමය තුළදීය. ශ්‍රී ලාංකේය ඉතිහාසය රජ සමයේ සිට උත්සවශ්‍රීයෙන් වෙසක් සැමරුම සිදුකළ බව පෙනේ. විශේෂයෙන්ම ආමිස හා ප්‍රතිපත්ති යන දෙඅංශයෙන්ම කැපී පෙනෙන ආකාරයේ වෙනසක් වෙසක් සමය තුළදී දැකගැනීමට හැකිවේ.

එහෙත් වර්තමානයේ වෙසක් අසිරිය වෙසක් සැමරීම් දෙස බලන කළ අපට අපගේම අනන්‍යතාවයන් ගිලිහී ඇති බව පෙනෙන්නට තිබේ. වෙසඟේ අරුත කුමක්දැයි නොදන්නා බවක් ඇතැමුන්ගේ වෙසක් සැමරුම් දෙස බැලීමෙන් අපට පෙනෙන්නට තිබේ.

කාලයක් ඔලුබක්කන් නැටීම මෙන්ම වෙස් මුහුණු දමාගෙන කරන ලද විවිධ විප්‍රකාර මේ වන විට බොහෝ දුරට නැවතී තිබේ. තමන් මනාසේ හික්මීම ඇතිකර ගෙන සමාජයද එම මාර්ගයේ ගමන් කිරීමට ආදර්ශයක් ලබාදීම වෙසක් සමයේ අරමුණ විය යුතුය.

එහෙත් අද වෙසක් සැමරීමේදී දකින්නට ඇත්තේ ඊට වඩා හාත්පසින් වෙනස් වූ රටාවකි.

තරගයට වෙසක් පහන්කූඩු ඉදිකිරීම එක් පැත්තකින් සිදුවේ. අනෙක් පැත්තෙන් තරගයට දන්සල් ලබාදීම සිදුවේ.

මේ දන්සල් ලබාදීම අතීතයේ සිදු කෙරුණේ කුමන අරමුණකින්ද? යන්න වර්තමාන සමාජ පරපුරට අමතක වී තිබේ.

වෙසක් සමයේ විහාරස්ථානවලට හෝ වෙනත් ප්‍රදේශවලට යන මගීන්ගේ විඩා නිවා ගැනීම පිණිස දන්සැල් පැවැත්විණි.

ඇතැම් විට ගමකට හෝ දෙකකට දන්සලක් තිබුණි. ඒ අතර ආහාර දන්සලක් ද පැවැත්විණි. නමුත් අද එක ගමක දන්සල් 10 ක් 12 ක් පැවැත්වේ. ඒ දන්සලේ අරමුණ නොදැනීමේ හේතුවය.

ලංකාවේ තිබෙන සියලුම කෑම වර්ග වලට දන්සල් තිබෙන බව දැන් පෙනෙන්නට තිබේ. පසුගිය වසරේ බයිසිකල්වලට හුළං ගැසීමේ දන්සලක් තිබුණි. නොමිලයේ කොණ්ඩය කැපීමේ දන්සලක් තිබුණි. වෙසක් සමයේ හෝ තමන්ගේ සේවය නොමිලයේ ලබාදීම උතුම් ක්‍රියාවකි. ආදර්ශයකි. එහෙත් දන්සල යන්නෙහි අර්ථය නෙැදැනීම නිසයි දන්සල යන්න සියලු දේ සඳහා යොදා ගනු ලබන්නේ. දන්සල් අද ජනතාවට එක් පැත්තකින් හිරිහැරයක් යැයි සිතෙන තරමට ඒ ආධාර එකතු කරන්නෝ ජනතාව අපහසුතාවයකට පත්කරමින්ද දන්සල් ලබා දීමේදීත් ජනතාව අපහසුතාවයට පත්වේ. පාරේ යන අයට බලෙන් කන්න බොන්න දෙනු ලැබේ. වාහන එන මැදට පැන දන්සල් ලබාදීමේ ක්‍රමය මෙය නොවෙයි.

ලංකාවේ වෙසක් සිරිය නරඹන්න එන විදේශිකයන් පවා මේ නිසා දැඩි අසීරුතාවයට පත්වේ. ඔවුන් ලංකාව කෙරෙහි දැඩි පිළිකුලක් ඇතිකර ගනී. එය අන්තර්ජාතික වශයෙන් අපට එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. වෙසක් දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් ලෙස පත්කර ගැනීමට අපට හැකිවුණි. එහි නියම ප්‍රතිඵල ලබාගත හැක්කේ අප වෙසඟේ නියම අර්ථය පරිදි ක්‍රියාකළහොත් පමණයි.

එසේ නොමැතිව එය තවත් මෝස්තරයක් කර ගැනීම බෞද්ධයන් ලෙස අපට නොගැලපේ. වෙසක් දිනවල මත්වතුර අලෙවි සැල් වසනව.එදිනට අනෙකුත් සැණකෙලි මට්ටමේ සියල්ල නතර විය යුතුයි. මාර්ගයේ හඬ නංවමින් නලා ශබ්ද කරමින් ගමන් කිරීම වැනි හිංසාකාරි පිළිවෙත්වලින් අප දුරස්විය යුතුය. වෙසක් පුන් පොහෝ දිනය කියන්නේ අපගේ හැඟීම් පාලනය කරමින් සිත, කය, වචනය මෙන්ම පංචේන්ද්‍රියන් සංවර කර ගෙන සිටින දිනයක්.

එමෙන්ම වෙසඟේ අර්ථය අප නිසැකවම ලොවට පෙන්විය යුත්තේ එදින පමණක් සිල්වත්ව සිටිමින් නොවේ.

සමස්ත ලංකාවාසීන් සෑම දෙනාම යහපත් ලෙස කල්ගත කිරීමෙන්. අතීතයේ මෙන් යළිත් අප රටට ධර්මද්වීපය යන නම භාවිත කළ හැකි ලෙස අප කටයුතු කළ යුතුයි. ගුණදහම් වර්ධනය කර ගැනීමට නම් පංචශීල ප්‍රතිපදාවට අප යොමුවිය යුතුයි. පංචශීල ප්‍රතිපදාව අප සැමදා ආරක්ෂා කරන්නේ නම් අපට සැමදා වෙසක් සැමරිය හැකිය.


නායං ධම්මො දුප්පඤ්ඤස්ස - මේ ධර්මය ප්‍රඥාව නැත්තාගේ අවබෝධයට නොවේ - දි. නි.3 - දසුත්තර සූත්‍රය

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]