UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැපත පිළිබඳ සතුටයි ආධ්‍යාත්මික සංහිඳියාවයි

සැපත පිළිබඳ සතුටයි ආධ්‍යාත්මික සංහිඳියාවයි

බුදුපියාණන් වහන්සේ මෙම තත්ත්වයෙන් මිදීමට යුද්ධය නමැති මානසික අරගලය තමා තුළ නැතිවිය යුතු බවත් උපශාන්ත විය යුතු බවත් වදාරා ඇත. තවකෙකු පරාජයට පත්වෙලා තමන්ට දියුණුවක් ලැබෙන්නේ නොමැති බවත්, යුද්ධ පවතින්නේ තමා තුළම බවත්ය. තමා විසින් තමා ජයග්‍රහණය කළ යුතු බවත් එය තමා සමඟ තිබෙන සංසාර සටනක් බවයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට පැහැදිලි කර දේශනා කර වදාළහ.

කොසොල් මහ රජතුමා සැවැත්නුවර රාජ්‍ය පාලනය කළ අතර බිම්බිසාර මහ රජතුමා රජගහනුවර රාජ්‍ය පාලනය කළහ. කොසොල් රජතුමාත් බිම්බිසාර මහරජ තුමාත් දෙමස්සිනාලා වූ නිසාම ඔවුන් දෙදෙනා අතර ඥාති සබඳතාවක්ද පැවතිණි. කොසොල් මහ රජතුමාගේ නැගණිය බිම්බිසාර මහරජතුමාගේ බිසව වූවාය. අජාසත්ත රජතුමා තරුණ වයසේ සිටම දරුණු නපුරු අදහස් පැවතුන පුද්ගලයකු වුණා.

ඇතැම් බණ කතා පොත්වල සඳහන් වන පරිදි අජාසත්ත රජතුමා ඉපදීමට සිටින කාලය තුළම නිමිත්ත පාඨකයෝ ප්‍රකාශ කරනු ලැබ තිබුණේ “ඔබේ කුසෙහි සිටින දරුවා උපන්නාට පසුව තමන්ගේ පියා මරණයට පත්කරවන” බවයි. ඒ කියු පරිදිම අජාසත්ත රජතුමා දරුණු ආකාරයට හැසිරෙන්න පටන් ගත්තේය. තමාගේ පිය රජතුමාට පවා කුරිරුකම් කළ පුද්ගලයෙකු වුණා. කොසොල් රජතුමාගේ බෑණනුවන් වූ අජාසත්ත කුමාරයා කොසොල් රජතුමාත් සමඟ පසුකාලීනව යුද්ධයක් ආරම්භ වූහ. මේ රාජ්‍ය දෙක අතර පැවතුණ එක්තරා ගමක් මූලික කරගත් ගැටුමක් එම යුද්ධයට හේතුවක් විය. එම ගමේ අයිතිය ලබාගැනීමේ අරමුණින් කොසොල් රජතුමා තමාගේ අයිතිය වෙනුවෙන් යුද්ධ කළේය. අජාසත්ත රජතුමා තමාට කසීරට අයිති බව ප්‍රකාශ කරමින් එහි අයිතිය සඳහා යුද්ධ කරනු ලැබුවේය.

මෙම රජවරු දෙදෙනා අතර පැවතුණ යුද අරගලය කාලයක් පැවැති අතරම යුද්ධය පවතින කාලය තුළ එක අවස්ථාවක් කොසොල් රජතුමා යුද්ධයෙන් පරාජයට පත් වී අජාසත්ත රජතුමා ජයග්‍රහණය කරනු ලැබුවේය. පරාජයට පත් වූ කොසොල් රජතුමා නැවත වතාවක් කසී රාජ්‍ය තමාගේ රාජ්‍යයට අයිති බව ප්‍රකාශ කරමින් නැවතත් යුද්ධ ප්‍රකාශ කරනු ලැබීය. එම යුද්ධයෙන්ද අජාසත්ත රජතුමා ජයග්‍රහණය කළ අතර කොසොල් රජතුමා පරාජයට පත්විය. එම අවස්ථාව තුළින්ද නොපසුබට වූ කොසොල් මහරජතුමා නැවත වතාවක් සේනාව සංවිධානය කරමින් තමන්ගේ රාජ්‍යයේ අයිතිය වෙනුවෙන් යුද්ධ කළේය. තුන්වන වතාවටත් කළ යුද්ධයේදි කොසොල් රජතුමා පරාජයට පත් විය. අජාසත්ත රජතුමා ජයග්‍රහණය කරනු ලැබූ අතර තුන්වතාවක් යුද්ධ කර පරාජයට පත්වූ කොසොල් මහ රජතුමා බොහොම දුකට පත්වුණා. මම වැනි රජතුමකු පැරදීම නුසුදුසු බවට කොසොල් රජතුමා සිතන්නට පෙළඹුණා.

මම යුද්ධය පරාජයට පත්වුණේ වයසින් බාල පුංචි අයෙකුට මේ අයුරින් තමා පිළිබඳව අසුබ ආකාරයට සිතමින් සිටින රජතුමා මානසික වශයෙන්ද විපරීත විය. රාජ්‍ය තුළ පවතින රාජ්‍ය සිරිය නැතිව ගිය අතර රාජ්‍ය කිරීම තුළින් ලබන සතුට ද අහිමි විය. සිත දුකෙන් පිරීම නිසා ආහාර ගැනීමට පවා පිරියක් නොමැති නිසාම නොකා නොබී ඇඳේ වැතිර සිටියා. කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ ඉතාම සමීපව සබඳතා පවත්වමින් නිතර සාකච්ඡා කරමින් කාලය ගතකරන බුදුපියාණන් වහන්සේට සමීප රජෙකු වූ නිසාම රජතුමා පත්වී ඇති තත්ත්වය භික්ෂූන් වහන්සේලාටත් ආරංචි වූ නිසාම භික්ෂූන් වහන්සේ මෙම කාරණාව බුදුරජාණන් වහන්සේට සැළ කරනු ලැබීය.

බුදුරජාණන් වහන්සේද භික්ෂූන් වහන්සේලා සමඟ රජතුමා හමුවීමට රජමාලිගාවට වැඩම කළ සේක. රජමාලිගාවට වැඩම කළ බුදුපියාණන් වහන්සේ කොසොල් රජතුමා සමඟ සුහද සාකච්ඡාවක යෙදුණි. සුහද කතා බහක යෙදුනු බුදුපියාණන් වහන්සේ යුද්ධය තුළ පවතින සැබෑ තත්වය එයම බවට රජතුමාට පැහැදලි කරමින් දේශනා කළහ. යුද්ධයකදී කිසිවකුටවත් දිනුමක් අත්නොවන බවත් යුද්ධය ජයග්‍රහණය කරන පුද්ගලයා හැමවිට තමාට පරාජයට පත්වූ පුද්ගලයා පිළිබඳව වෛර සිතක් ඇතිකර ගනී. දිනන පුද්ගලයා තමන්ට සතුරන් පිරිසක් එක්කර ගන්නවා. පැරදුණ පුද්ගලයා දිනන පුද්ගලයාට වෛර කිරීමට පටන් ගනී. “ජයං වෙරං පසවති” ජයග්‍රහණය යනු ජයග්‍රහණයක් නොවන තමන්ට සතුරන් වැඩිකර වන අවස්ථාවක් ලෙස ජයග්‍රහණය සැළකිය යුතු බවට වදාරා ඇත. පරාජය ලැබුවත් එය පරාජයක් නොවන බවත් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරගෙනම සිටිනා පුද්ගලයෙකුට එම ප්‍රාර්ථනා කළ ජයග්‍රහණය නොලැබුණ විට ඔහු දුකට පත්වෙමින් ජයග්‍රහණය ලද පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇතිකර ගනී. තමා කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද දුකට පත්වෙන ස්වභාවය ඔබතුමාට පමණක්ම පොදු වූ කාරණාවක් නොවන බවයි. යුද්ධයකට ඉදිරිපත් වන සියලුම පුද්ගලයාටම පොදු වූ කාරණාවක්.

ජයං වේරං පසවති
දුක්ඛං සේති පරාජිතෝ

යන ගාථාව වදාරනු ලැබූ බුදුපියාණන් වහන්සේ මෙම තත්ත්වයෙන් මිදීමට යුද්ධය නමැති මානසික අරගලය තමා තුළ නැතිවිය යුතු බවත් උපශාන්ත විය යුතු බවත් වදාරා ඇත. තවකෙකු පරාජයට පත්වෙලා තමන්ට දියුණුවක් ලැබෙන්නේ නොමැති බවත්, යුද්ධ පවතින්නේ තමා තුළම බවත්ය. තමා විසින් තමා ජයග්‍රහණය කළ යුතු බවත් එය තමා සමඟ තිබෙන සංසාර සටනක් බවයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට පැහැදිලි කර දේශනා කර වදාළහ. බුදුරජාණන් වහන්සේ මෙම කරුණු කාරණා පිළිබඳව රජතුමාට පැහැදිලි කරමින් දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ තමන්ටම දේශනා කළ බණක් බව රජතුමාට සිතිණි. තමාගේ සිතේ තිබුණු ගැටුම් තමාගේ සිතේ තිබුණ අරගල තත්වයන් තමාගේ සිත තුළම පැවතුණ බවට රජතුමාට වැටහී ගියා. රට වෙනුවෙන් තමාගේ රාජ්‍ය පුඵල් කිරීමේ අදහස ඇතිව යුද්ධය කළත් ඇත්තටම ජීවිතය කුමක්ද ? කියන කාරණාව බුදු බණඇසීම තුළින් රජතුමා වටහාගනු ලැබුවා. ලෝකයම දිනුවත්, තමාගේ සිතට සතුටක් නැත්නම් එම දිණුම දිනුමක් නොවේය යන කාරණාව රජතුමාට පසක් වුණා. ගැටුම පවතින්නේ තමා සමඟ බවත් තමාගේ මානසික ජයග්‍රහණය සහ තමන් ලැබූ සැපත පිළිබඳව සතුටු වීම ලැබෙන්නේ අධ්‍යාත්මික සංහිදියාවත් සමඟ කියන කාරණාව රජතුමාට පැහැදිලි වුණා.

හේමමාලා රන්දුනු

 

 
  බක්මස අමාවක පෝය

බක්මස අමාවක පෝය අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදා පූර්වභාග 3.37 ට ලබයි. 19 වැනිදා ඉරිදා පූර්වභාග 0.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 25 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]