UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සී. හේරත් මහතාගේ නිර්දේශයට අනුව, දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ටී.කේ.සී. ද සිල්වා මහතා සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. පරිත්‍යාගශීලියෙකු වෙතොත් දුරකථන 077 5360245 අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


හිඹුටාන, අංගොඩ අංක 230/3 පදිංචි එම්.ඒ. සුසිලා (59) දරු දැරියන් 9 දෙනෙකු ගේ මවකි. ඇය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලීයෙකු වේ නම් දුරකථන අංක 011 2419949, 077 9787117 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


දුන්කන්නාව මානිංගල පදිංචි කේ. දීපා චාන්දනි මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇය සුවපත් කිරීමට නම් “ ඕ පොසිටිව්” රුධිර ගණය සහිත වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෘක්කවේදී විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. මේ සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහයෝය බලාපොරොත්තු වේ. තොරතුරු 071 825 5498, 0777 870842 යන දුරකථනවලින් ලබා ගත හැක.

 


මහනුවර මූලස්ථාන පොලිසියේ රාජකාරී කටයුතුවල නියුතු පොලිස් සැරයන් පී.ආර්. එස්.එස්. බණ්ඩාර (46) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ.

හිදගල්අංග, කොස්හින්න, ගෙලිඔය යන ලිපිනයේ පදිංචි ඔහු තිදරු පියෙකි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ඒ. ඩබ්ලිව්.එම්. වසීල් මහතා දන්වා ඇත. ඒ අනුව වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු සිටීනම් දුරකථන 077 8267700 හෝ 0812 314 467 අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]