UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංකුඹුර ශ්‍රී සමාධි දහම් පාසල

අංකුඹුර ශ්‍රී සමාධි දහම් පාසල


ආදිකර්තෘ අංකුඹුරේ
පියදස්සී නා හිමි

වත්මන් විහාරාධිපති
හලියද්දේ සාරානන්ද හිමි

දරුවන් ගුණ ධර්මවලින් පෝෂණය කිරීමේ භාරධූර වගකීම ඉටු කළ හැකි වන්නේ දහම් පාසල් අධ්‍යාපනය තුළින් පමණකි. දහම් පාසල් අධ්‍යාපනය මඟින් බලාපොරොත්තු වනුයේ විෂයානුබද්ධ කරුණුවලින් දරුවා පෝෂණය කරනවාට වඩා, උතුම් මිනිස් ගුණ දහම් වලින් දරුවාගේ හදවත පෝෂණය කිරීමයි. බෝධීන් වහන්සේ, බුදු පිළිම වහන්සේ අභියස භික්ෂූන් වහන්සේගේ මඟ පෙන්වීම ඔස්සේ අකුරු කරන දරුවා වැරැදිවලින් වෙන් වීමටත්, සංවරශීලී අයකු බවට පත් වීමටත් හේතු වෙයි. පාසලත්, පෞද්ගලික පන්තියත් දහම් පාසලත් අතර ඇති වෙනස මෙයයි. පන්ති කාමරයකට සීමාවී තිබෙන අධ්‍යාපනය පන්සලේ දී බෙහෙවින් වෙනසකට පත් වෙයි. පස් පව්වලින් වැළකී, වෛරය, ක්‍රෝධය, පළි ගැනීම් වැනි බියකරු චේතනාවන් ගෙන් වෙන්ව, උතුම් මිනිසකු බිහි වන්නේ දහම් පාසල් අධ්‍යාපනය තුළින් පමණකි. හෙතෙම අනෙක් දරුවන්ට වඩා හික්මීමක් ඇති, සමාජයට වැඩදායක දරුවකු බවට පත් වෙයි.

එවන් උදාර පරමාර්ථ රැසක් අරමුණු කරගෙන ආරම්භ කරන ලද දහම් පාසලක් පිළිබඳ හඳුන්වා දීමට අදහස් කරමු. “අංකුඹුර” යනු පූජාපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඓතිහාසික ගමකි. එම ගම්මානයෙහි පිහිටා ඇති බුද්ධ වර්ෂ 440 සමය නොහොත් ‘වට්ටගාමිණී අභය’ (වළගම්බා) රාජ සමයට අයත් විහාරස්ථානයකි අංකුඹුර රාජ මහා විහාරය. දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානයේ අතීතයේ සිටම විවිධ සමාජ සේවාවන් රැසක් සිදු වෙයි. ඒ අතර “ශ්‍රී සමාධි” නමින් දහම් පාසලක් ද ආරම්භ විය. ‘අංකුඹුරේ පියදස්සී’ හිමි මෙහි ආදි කර්තෘවරයන් වහන්සේ වූහ. අනතුරුව අංකුඹුරේ ආනන්ද, අංකුඹුරේ මේධානන්ද, යන ස්වාමීන් වහන්සේලා ප්‍රධානාචාර්ය ධුරය දරමින් කටයුතු කරන ලදී. එසේම වත්මන් විහාරාධිපති හලියද්දේ සාරානන්ද හිමි, රජ මහා විහාර පරිවෙණාධිපති උලපනේ විජිතානන්ද යන හිමිවරු ද මෙහි උන්නතිය සඳහා කැප වූහ. මුරුද්දෙණියේ මේධානන්ද හිමියෝ වත්මන් ප්‍රධානාචාර්ය වශයෙන් කටයුතු කරති.

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවෝ

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවෝ

ආරම්භයේ සුළු ශිෂ්‍ය පිරිසක් සිටිය ද, වර්තමානය වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 480 ක් පමණ මෙහි දහම් අධ්‍යාපනය ලබති. සීල භාවනා වැඩසටහන් මෙහෙයවීම, රෝහල්වල රෝගීන්ට සත්කාර කිරීම වාර්ෂිකව වන්දනා, අධ්‍යාපන චරිකා යාම, වසරක් පාසා ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීම, වාර්ෂික ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම වැනි කටයුතු ද සිදු කරනු ලබයි. දහම් පාසලෙහි කටයුතු කිරීමේ දී දායක සභාව ඇතුළු අනෙකුත් ස්වේච්ඡා සංවිධානවලින් ලැබෙන පිටුබලය අතිමහත්ය.

විහාරාධිපති, පූජාපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, අංකුඹුර පරාක්‍රම විද්‍යාලයේ ආචාර්ය හලියද්දේ සාරානන්ද හිමියන්, ගෞරව ශාස්ත්‍රවේදී උලපනේ විජිතානන්ද හිමි, වත්මන් ප්‍රධානාචාර්ය මුරුද්දෙණියේ මේධානන්ද හිමි, හදුන්ගමුවේ ධම්මානන්ද හිමි, යන හිමිවරුන් සමඟ ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් නිස්සරණාධ්‍යාසයෙන් කරනු ලබන සේවය අති විශිෂ්ටය. ඔවුන්ගේ කැපවීම මත බෝසත් දරු පිරිසක් සමාජයට දායාද කිරීමේ භාග්‍යය උදාවී ඇත. ඒ අනුව පූජාපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ පවත්වනු ලබන දහම් පාසල් අතරින් ශ්‍රේණි විභාග මෙන්ම අනෙකුත් විභාගවලින් ද, සිසු නිපුණතා තරගවලින් ද, ඉහළ දස්කම් දක්වන, ගුණදම්වලින් පෝෂිත සංවරශීලී සිසු පිරිසක් බිහිකිරීමට අංකුඹුර රාජ මහා විහාරස්ථ ශ්‍රී සමාධි දහම් පාසලට හැකියාව ලැබී ඇත.

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]