UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමි සමරු ජාතික මහෝත්සවය

බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රාජ මහා විහාරස්ථානය සංවිධානය කළ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමි ගුණ සමරු ජාතික උත්සවය මාර්තු මස 02 වන දින පස්වරු 2.30 ට වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉතිරිය»

බුදුහිමියන් උපන් බිමට වැඩම කළ මැදින් පොහොය

මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සැදැහැතියන්ගේ සිත්සතන් බුදු බැතියෙන් ඔදගැන්වෙන සිදුවීමක් නිරායාසයෙන්ම සිහියට නැගෙයි. එනම් බුදුරදුන් විසිදහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරා ස්වකීය ජන්මභූමිය වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි. වෙසක් පොහෝ දිනයෙහි කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්තවීමේ අරමුණ ඇතිව මැදින් පොහෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම තිබේ. ඒවා අතර ඤාතීන් ගේ මානය බිඳ හෙළීම,යමාමහ පෙළහර පැවැත්වීම යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීමට අවශ්‍ය පියවර ගැනීම, කාන්තාවන් ප්‍රථම වතාවට බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පුද්ගල විශේෂතා

අද මැදින්පුර පොහෝ දිනයයි. බුදුරදුන් සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව තමන් වහන්සේගේ පියතුමා ඇතුළු ඤාතීන් හමුවීම සඳහා බුදුරජාණන් වහන්සේ පළමු වරට කිඹුල්වත්නුවරට වැඩම කිරීම මෙන්ම නන්ද හා රාහුල ය

ඉතිරිය»

ධන පරිහරණය පිළිබඳ බුද්ධානුශාසනය

පුද්ගලයෙකු සිය භෞතික අවශ්‍යතා සපුරා ගනිමින් සුඛිත මුදිත මෙලොව ජීවිතයක් ගත කිරීම බුදුසමය කවර හැටියෙකින්වත් පිටුදකින්නේ නැත. ඒ වූ කලී මානව අවශ්‍යතාවකි. එසේ භෞතික වශයෙන් අවශ්‍ය ප්‍රමාණවත් සංවර්ධනයක් නැති වීම දිළිඳුකමයි. එය ගෘහ ජීවිතය ගත කරන්නාට මහ දුකකි. ඉන් අත්මිදෙනු පිණිස අදාළ මගපෙන්වීම්ද බුදුදහමේ ඇතුළත්ය. මිනිසාට නිබඳවම වැළදෙන මහා රෝගය නම් කුසගින්නය. ලොව සියලු සත්වයෝ අහරින්ම යැපෙති. මෙකී මහා රෝගය සුව කරගැන්මටය,ආහාර මෙන්ම සෙසු භෞතික අවශ්‍යතාවයන්ද සපුරා ගැන්මට නොයෙක් නයින් සැපයෙන අතිශයින් මැ ප්‍රායෝගික වූ සදුප දේශයන්ගෙන් බුදුදහම පොහොසත්ය. මූලික අවශ්‍යතා සම්පූර්ණ නොවූ, මෙලොව වශයෙන් තෘප්තිමත් නොවූ පුද්ගලයෙකුට ආධ්‍යාත්මික හා සදාචාරාත්මක දියුණුව ද පරලොව සුගතියද නිර්වාණ සංඛ්‍යාත විමුක්ති ලාභයද උදාකර ගත හැකි යැයි බුදුසමය පිළිගන්නේ නැත. ප්‍රමාණවත් ආර්ථික සංවර්ධනයෙකින් තොරව ආධ්‍යාත්මික සංවර්ධනයක් වෙත ලඟා විය නොහැකි බව බුදුසමය පෙන්වාදෙයි. එම සංවර්ධනය වූ කලී අවශ්‍යයෙන්ම ලෞකික වශයෙන් සැපවත් දිවි පැවැත්මක් උදෙසාය. බුදුන් වදාළ පරිදි තමාට ප්‍රමාණවත් තරම් ධනය ඇතැයි තෘප්තිමත් වීම සැපයෙකි.

ඉතිරිය»

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීමට ගමනාරම්භ කිරීම සිතුවම - සරත් නන්ද කුමාර

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]