UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහර මංගල්‍යය පසුගිය 02 වැනිදා රාත්‍රී ආරම්භ වූ අතර එහි දී සධාතුක කරඬුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හස්තිරාජයා මත තැන්පත් කළ අයුරු.
ජායාරූප – මහින්ද විතානච්චි
 

වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරස්ථානයේ දී පසුගිය 3 වැනිදා පැවැති ජාතික නිදහස් සමරු රාජ්‍ය ආගමික උළෙලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ අයුරු. විහාරාධිපති රයිගම සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝද මෙහි සිටිති.
ඡායාරූප – සුදත් සිල්වා

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පසුගිය දා ලේක්හවුස් ආයතනයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. එහිදී අමාත්‍යවරයා විසින් ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක් වූ අයුරු.
සමන්ත වීරසිරි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රයෝජනය සඳහා නවීන තාක්ෂණයෙන් යුත් එල්.ඊ.ඩී.විදුලි ආලෝක පද්ධතියක් එකෝසෝල් ආයතනය මගින් පරිත්‍යාග කරන ලදී. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා විසින් විදුලි ආලෝකය විවෘත කරන අවස්ථාවට එක්වු එකෝසෝල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික නෙත්සිංහ, ප්‍රසන්න එදිරිසිංහ, නිමල් ධර්මසිරි, සුසන්ත ගුරුගේ යන මහත්වරු ද මෙහි වෙති.
සුනිල් ගුණවර්ධන,කුණ්ඩසාලේ සමූහ

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය අනුබද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ කලාප අංක 08 මඟින් සංවිධානය කරන ලද විශේෂ ආගමික වැඩසටහනක් ස්වේච්ඡා සංවිධාන රැසක දායකත්වයෙන් මාලිගාගොඩැල්ල උත්තරාම පුරාණ විහාරාධිපති හෙන්ඩිමහර සුමේධ හිමියන්ගේ මෙහෙයවීමෙන් අමාවක හෝ දින දවස පුරා පැවැත්විණ. අලුයම පෙහෙවස් සමාදන් වීමෙන් අනතුරුව භාවනා, ධර්මදේශනා ධර්ම සාකච්ඡා වැඩ සටහන් රාශියක් එහිදී පැවැත්විණි. උඩුගම්පොළ ශ්‍රී සුධර්ශනාරාමවාසී දොඩවල අමිත හිමියන් ධර්ම දේශනාව පැවැත්වූ අවස්ථාව. බර්ටි ලයනල්,උඩුගම්පොළ

 
 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]