UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කල්ලංචිය ශෛලබිම්බාරාමයේදී සද්කාරක සේවාවක්

කල්ලංචිය ශෛලබිම්බාරාමයේදී සද්කාරක සේවාවක්

කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ ප්‍රධාන පැවිදි අනුශාසක මහා විහාර වංශික සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන් සහ කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහ විහාරයේ විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ ශ්‍රී සම්බෝධි ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නා හිමියන්ගේ සහ සම්බෝධි දායක සභාවේත්, බෞද්ධයා මාධ්‍ය ජාලයේත් උපදෙස් පරිදි පින්කම් රාශියක් සංවිධානය කොට ඇත.

බුද්ධ ප්‍රතිමා වහන්සේ 100 නමක් සහ දහම් ග්‍රන්ථයක් පුජා කිරීම, දරු දිරි සහන වැඩසටහන යටතේ පවුල් 50 කට මුදලින් රුපියල් 5000 ක් පරිත්‍යාග කිරීම (එකොළොස් වන අදියර( , මරණයට කැප වූ ගවයින් 150 නිදහස් කර අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත පරිත්‍යාග කිරීම, ආබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු 10 ක් සහ කිහිළිකරු 10 ක් පරිත්‍යාග කිරීම, පාසල් සිසු දරුවන් සඳහා පාසල් උපකරණ 200 ක් (ශිෂ්‍යයන් සඳහා 100/ ශිෂ්‍යාවන් සඳහා 100) (නිල ඇඳුම් සඳහා රෙදිපිළි/ පොත්පත්/ පාසල් බෑග්), අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා වියළි ආහාර සළාක 75 ක් ලබාදීම, කෘෂි කර්මාන්තයේ යෙදී සිටින අය සඳහා අවශ්‍ය කෘෂි උපකරණ 50 පරිත්‍යාග කිරීම, සනීප ආරක්ෂාව සඳහා ජල පෙරන ලබාදීම (ආයතන සඳහා පමණි) ගුවන් විදුලි යන්ත්‍ර සහ මදුරු දැල් ලබාදීම, සාමණේර හිමිවරුන් සඳහා දහම් පොත් සහ සියම් මළු පූජා කිරීම, පෙර පාසල් ළමුන්ට සහ දහම් පාසල් ගුරුවරු සඳහා පරිත්‍යාගයන් සහ තවත් පරිත්‍යාගයන් ලබාදීම.

මාර්තු 08 වන දින පෙරවරු 8.30 සිට 11.30 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්යේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කල්ලංචිය ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයේදී බෞද්ධයා මාධ්‍ය ජාලයේ සහ ශ්‍රී ශෛලබිමිබාමාරාම විහාරස්ථානයේ විහාරාධිපති පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමියන්ගේ සම්බන්ධීකරණය මත එම පින්කම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]