UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝදින දාන, සීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ පොහෝ දින දවස පුරා ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාක ශාලාවේදී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී මොරගොල්ලේ සිරිරතන හිමියෝ පින්කම සම්බන්ධීකරණය කරති. පෙරවරු 6 පෙහෙවස් සමාදන්වීම, 6.30 උදෑසන බුද්ධ පුජාව, 8.00 ධර්ම දේශනාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති අක්මීමන ධම්මපාල හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම 9.15 – ගිහි දේශනය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත පි‍්‍රයදර්ශන මහතා, 10.30 දවල් බුද්ධ පුජාව, දවල් 12.00 ජාතක කතාව භාණක, පණ්ඩිත ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව පණ්ඩිත ඉහළහල්මිල්ලෑවේ රතනපාල නාහිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය - මාතෘකාව පුනර්භවය සහ බුදුදහම - සහභාගිත්වය කථිකාචාර්ය දර්ශනපති කිරම විමලතිස්ස හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශාස්ත්‍රපති ඊ. එම්. ධර්මවර්ධන මහතා, 4.00 භාවනාව - පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී මැදින් පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස, කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර වෛත්‍ය වටා ෂඩ්වර්ණ සාධකයක් පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව ධර්මශාලවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන කිරිවෙහෙර චෛත්‍ය මළුවේ පැවැත්වේ. සවස සිල් සමිතියේ මල් පෙරහර බෝධිපූජාව පැවැත්වීම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරයි. රාත්‍රී 7 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවද කිරිවෙහෙර 3 වන මළුව සමීපයේ පහන් 5000 ක අලෝක පුජාවද පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00- 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.15 – 10.00 භාවනාව- ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව - ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව ලේනව මංගල හිමි, 2.00 – 3.30 – ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත මහඔය අනුරුද්ධ මාහිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ගොම්බද්දල දමිත මාහිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ සීල සමාදානය

පෙරවරු - 6.00- 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00- 9.00 භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9.00- 10.00 ධර්ම දේශනාව - ත්‍රිපිටකාචාර්ය දියසෙන්පුර විමල හිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ කපුගොඩ සුනන්ද හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනාව ගයාන් චානුක විදානපතිරණ මහතා , 3.00 - 4.00 ධර්ම දේශනාව - වෑවල සෝමධම්ම හිමි, 4.15 – 5.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 -6.00 ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සී හිමි, 6.00 – 6.30 බෝධි පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00- 7.00 සිල් සමාදන් කරවීම ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00- 9.00 භාවනාව- ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 -10.00 අභිධර්ම දේශනාව - වැලිමඩ පසන්න මානස හිමි, 10.00 -11.00 විශේෂ දේශනාව - පියදාස මුතුගම මහතා, 11.00- 11.15 බුද්ධ පූජාව - ඕපනායක ධම්මවිරාග හිමි, යාලගමුවේ මංගල හිමි, පස්වරු - 12.35 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ – බලංගොඩ බෝධිධම්ම හිමි, මීගොඩ මධුභානී හිමි, 1.00 – 2.00 – ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කඹුරුගමුවේ මහානාග හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත කඳුරුපොකුණේ ධම්මාලෝක හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 5.00 – 6.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාමය

පෙරවරු - 5.30 -6.30 කිරිපිඬු පූජාව, සීල සමාදානය හා අනුශාසනාව - මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 8.30 භාවනාව, 8.30 -9.30 ධර්ම දේශනාව- මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව - තලල්ලේ චන්දකිත්ති හිමි, 10.30 – 11.30 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව - ගම්පහ පාසාදික හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව - ගම්පහ මහානාම හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව - මකුලෑවේ සුදස්සන හිමි සමඟ මහකෙළියේ අරියසීල හිමි, 4.30 – 5.00 කරණීය මෙත්ත සූත්‍ර දේශනාව හා සිල් පවාරණය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.


හුණුපිටිය ශි‍්‍ර විජය සුන්දරාරාමය

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානාධිපති වලවෙල හේමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථක බෞද්ධාරක්ෂක සභාව, වීතදෝෂි සමිතිය, කාන්තා සමිතිය, ශ්‍රී ධර්මාශෝක ධර්ම විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ශීල භාවනා වැඩසටහන් මාලාවක් පෝද දින පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානායේදී පැවැත්වේ. මෙම වැඩසටහන් මාලාව සඳහා අම්බලන්ගොඩ සුමනන්ද හිමි, දේවගොඩ පියරතන හිමි, බුත්කන්දේ රතනජෝති හිමි, වේවැල්දුවේ ධම්මකිත්ති හිමි, තිස්සමහාරාමයේ ධම්මසාර හිමි, හුණුවල පියදස්සි හිමි ඇතුළු ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර , අලුයම 6.30 – 7.30 – උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම,ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 – 9.30 ධර්ම දේශනාව - නිල්මල්ගොඩ සද්ධාවිහාරි හිමි, 9.30 – 10.30 විශේෂ දේශනාව ආසිරි රාජපක්ෂ මහතා, 10.30- 11.00 මෛත්‍රී භාවනාව - වඳුරඹ ඤාණාලෝක හිමි, 11.00 – 12.00 දවල් සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, 12.30 – 1.30 ගිහි දේශනය – ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා පස්වරු 1.30 – 2.00 සක්මන් භාවනාව - ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, 2.00 – 3.00 ජාතක කථා දේශනාව - ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 3.00 – 4.00 කාව්‍යමය ධර්ම දේශානාව - හඟුරන්කෙත ඤාණින්ද පොඩිහාමුදුරුවන් වහන්සේ, 4.00 – 5.00 මහ පිරිත් දේශනාව සහ මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමින් වහන්සේලා, 5.00 – 6.30 සිල් පවාරණය, අෂ්ඨපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව - ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, 6.30 - විශේෂ ධර්ම දේශනය – කථිකාචාර්ය – දම්පහළ රාහුල හිමි, බුදුසරණ පත්‍ර බෙදාදීම බුරුතගොල්ල ඔක්කම්පිටිය හි පදිංචි චමිලා පි‍්‍රයදර්ශනි මෙනවිය


කළුතර බෝධිය

පෙරවරු - 6.15 -7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව වැලිකල පඤ්ඤාකර හිමි, 7.30 – 9.45 ධර්ම දේශනය – ගම්පහ සිරි සීවලි හිමි, 10.00 – 11.30 ධර්ම සාකච්ඡාව - ශේන්බ්ලොක් මහතා, පස්වරු 1.00 – 2.30 ධර්ම දේශනාව, 2.45 – 3.45 ධර්ම දේශනාව - මොරකැටිආරේ ධම්මික හිමි, 4.00 – 5.30 ධර්ම දේශනාව - දිවියගහ යසස්සි නා හිමි , 6.45 – 7.30 පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජාව (පටිගතකළ එකකි) , 7.45 – 8.50 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.00 සිට රූපවාහිනි තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන්කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත සිරිවජිරාරාමාධිිපති තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි, 8.00- 9.00 ජාතකකථා - පිටිපන සාසනරතන හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව- මහාචාර්ය අඟලකඩ සිරිසුමන හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව - ගම්පහ පාසාදික හිමි, 11.00- 11.15 බුද්ධ පුජාව - කුරුණෑගල චරණධම්ම හිමි, පස්වරු 12.30 – 1.15 සෙත් පිරිත් – කඹුරුගමුවේ මහානාග හිමි, 1.15 -2.30 ධර්ම සාකච්ඡාව - මීගොඩ සුඛිත හිමි, 3.00- 4.00 ධර්මානුශාසනාව - රාජකීය පණ්ඩිත. ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර හිමි 4.00 – 5.00 ගිහි දේශක - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගාමිණි රතන ශ්‍රී මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව - වේරදූවේ මහින්ද හිමි, 6.00 – 6.45 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමින් වහන්සේලා


කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය

අලුයම 5.30 ට කිරි ආහාර පූජාව සමඟින් බෞද්ධයා විකාශනය ආරම්භ වීම. පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර පූජාව දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.15 සීල සමාදානය බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව - ගන්තුනේ අස්සජි නා හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව - දිවියාගහ යසස්සි නා හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව – අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 ධම්සභා මණ්ඩපය – ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා, 2.00 – 3.00 භාවනාව - කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව - ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව - රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 5.30 – 6.00 - කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව මහරගම පදුම හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයෙහි පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 8.00 – 9.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත ආඳලුවේ විජිතරංසි හිමි, 9.15 – 10.00 ධර්ම දේශනාව බොරලැස්ගමුවේ නිසේදා දසසිල් මෑණියන්, 11.00 දහවල් බුද්ධ පූජාව පස්වරු 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනාව, 1.00- 2.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි, 2.15 – 5.00 භාවනාව පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් හා අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් විසින් පවත්වනු ලබයි.

පුර පසළොස්වක පොහොය දිනයෙහිදී සිල්වත් පිරිස අතර ධර්ම දානය ලෙස බුදුසරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

පෙරවරු 6.30 සීල සමාදානය සම්බුද්ධ පුජාව හා අනුශාසනාව ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනාව - ආටිගල අමිතදේව හිමි, 10.00 දම් දෙසුම මන්ද්‍රාරම්නුවර පඤ්ඤාජොති හිමි, පස්වරු 1.30 දම්දෙසුම – ශාස්ත්‍රපති මුරුතවෙල සීවලි හිමි, 3.00 දම් දෙසුම ශාස්ත්‍රපති ගතාරේ ප්‍රඥාසාර හිමි, 4.30 අටවිසි බුද්ධ පූජාව හා ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත වෙරළුගොල්ලේ උදයනන්ද හිමි, බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියපලනගේ , තිලංග දියපලනගේ සොහොයුරන් විසිනි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව - තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව, කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 - 12.45 බුද්ධානුස්සති භාවනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 -3.15 ධර්ම දේශනාව තලල්ලේ ධම්මදේව හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 රාත්‍රී ධර්ම දේශනාව (පටිගත කරන ලද දේශනයක්)


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන මේ මස 03 දින අනුරාධපුර වේළුවනගම අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී පෙරවරු 6 සිට පසුදින පෙරවරු 6 තෙක් පැවැත්වේ. මෙම පොහොය වැඩසටහන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජාවද ඇතුළත් ය. පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8 සිට 10.00 දක්වා මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]