UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව සම්මා සම්බුද්ධ ගුණය

බුදු ගුණ භාවනාව - සම්මා සම්බුද්ධ ගුණය

මෙහි හතරවන කොටස දුරුතු පුර අටවක (28වනදා) පත්‍රයේ පළ විය

25. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ විභව තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ රූප තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

27. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ ශබ්ද තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

28. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ ගන්ධ තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

29. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ රස තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ පොට්ඨබ්බ තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

31. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ ධම්ම තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ අතීත තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

33. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ අනාගත තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ වර්තමාන තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

35. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ අජ්ඣත්තික ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

36. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ බාහිර තණ්හාව මහා තණ්හාව, 108 වැදෑරුම් තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! මාගේ නමස්කාරය වේවා!

සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ

සාධු! සාධු! සාධු!

දෙවන කොටස

සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ

භාවනාවේ පූර්ව කෘත්‍යයෙන් පසු මෙසේ සිතන්න

සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක.

1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සාක්ෂාත් කළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉපදීමේ දුක නැති කළ බැවින් “අජාති (ඉපදීමක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

3.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අජර” (ජරාවක් නැති) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “අව්‍යාධි” (ව්‍යාධියක් නැති) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අමත” (මරණයක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අසෝක” (සෝකයක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

7. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අපරිදේව“ (පරිදේවයක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

8. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අදෝමස්ස” (තරහ නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

9.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අනුයාස” (උපායාස නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

10.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “දුද්දස්ස” (සතර මගපල නුවණින් නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

11.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “දුරනුබෝධ” (දුකසේ අවබෝධ) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

12.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අතක්කාවචර” (තර්කයෙන් නොදැන) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

13.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “පණ්ඩිත වේදනීය” (මහා පණ්ඩිත) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

14. ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අනන්ත” (තණ්හාවන්ගේ කෙලවර) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ “අනාසව“ (ආසාව නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ”තණ්හාක්ඛය” (තෘෂ්ණාව නැති) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

17.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “සච්ච” (සත්‍ය බැවින්) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “පාර” (සංසාරයේ පරතෙර) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “නිපුණ” (නුවනට වැටහෙන) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “සුද්ධස” (නිවන දැක ගැනීම) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

21.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අගති” (පඤ්චගති නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “ධූව“ (ස්ථිරව) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

23.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජා ශ්‍රව යන ආශ්‍රව නැත්තාවූ “අනාසව“ (ආසාව නැති) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

ඉතිරි කොටස දුරුතු අව අටවක (ජනවාරි 13වනදා) පත්‍රයේ පළ වේ.

 

 

 දුරුතු පසළොස්වක පෝය

දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 04 වැනිදා ඉරිදා පූර්වභාග 9.23 ට ලබයි. 05 වැනිදා සඳුදා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 13 වැනිදා අඟහරුවාදායි.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 04

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]