UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදි ආනන්දීය බෞද්ධ සංගමයෙන් සදහම් චාරිකා ගමින් ගමට

ආදි ආනන්දීය බෞද්ධ සංගමයෙන් සදහම් චාරිකා ගමින් ගමට

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ දෙවන සදහම් චාරිකාව අගෝස්තු 25 දින, සවස 3.00 ට, මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ඇහැටුගස්වැව ගම්මානය ආශි‍්‍රත ශ්‍රී සම්බෝධි විහාරස්ථාන පරිශ්‍රයේ දී දේශකයාණන් වහන්සේ පොල්පිටිමූකලාණේ පඤ්ඤාසිරි හිමියන්ය. සැලසුම්කර ඇති සදහම් චාරිකාවන් මෙසේය. පොළොන්නරුව දිස්ත්‍රික්කය – අරලගන්විල, වව්නියා දිස්ත්‍රික්ය - බෝගස්වැව , ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය – පදවි ශ්‍රී පුර ආදියයි.

මෙරට විසූ අභීත සිංහල බෞද්ධ ජනනායතයකු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 ජන්ම දින සංවත්සරය මේ වර්ෂයට යෙදී ඇත. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම ශත සංවත්සරය සමරන මේ අවස්ථාවේ එතුමා අනුව යමින් අපේ ක්‍රම අගයන, බොදු පිළිවෙතට ගරු කරන, සාරධර්ම ගුණ ධර්ම සුරකින සමාජයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාද්වීපයේ ආර්ථික, සමාජ සහ සංස්කෘතික පුනර්ජීවනය ඇති කිරීම සඳහා, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සම ලේකම් මෙන්ම ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ වර්තමාන සභාපති සෙන්පති සුදත් මඩුගල්ල මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වීමට ආදි ආනන්දීය බෞද්ධ සංගමය වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත. එනම් මෙරට විචිත්‍ර ධර්ම කථික ස්වාමීන්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් විවිධ දිස්ත්‍රික්කයන්හි ගම්මාන කිහිපයක් සම්බන්ධ කර ගනිමින් බෞද්ධ දේශනා සංවිධානය කිරීමය. එම කර්තව්‍යයේදී මෙරට වෙනත් ප්‍රධාන බෞද්ධ පාසල් මෙන්ම බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාවගේද සහය ලබාගැනීමට බලාපොරොත්තු වේ. එහි ආරම්භක පියවර වශයෙන් 2014 ජූනි මස 27 වැනි දා පුත්තලම දිස්ත්‍රික්කයේ, තබ්බෝව මහකෝන්වැව, චිත්ත සමාධි විවේකාශ්‍රමයේ දී අවට ගම්මාන රාශියක ජනතාව ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. ඒ සඳහා පොල්පිටිමූකලාණේ පඤ්ඤාසිරි හිමියන්ගේ දේශනයක් පවත්වනු ලැබීය. “ගමින් ගමට” වැඩසටහනේ දෙවන අදියර වශයෙන් මේ මස 25 දින මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ඇහැටුගස්වැව ඇතුළු ගම්මාන රාශියක ජනතා සහභාගිත්වයෙන් ඇහැටුගස්වැව ශ්‍රී සම්බෝධි විහාරස්ථාන පරිශ්‍රයේ දී පොල්පිටිමූකලාණේ පඤ්ඤාසිරි හිමියන්ගේ ධර්ම දේශනයක් පැවැත්වෙනු ඇත.

2014 – 2015 වර්ෂ සඳහා ඉදිරියේ දී පොළොන්නරුව, හම්බන්තොට හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ගම්මාන රාශියක් ආශි‍්‍රතව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද ආදි ආනන්දීය බෞද්ධ සංගමය බලාපොරොත්තු වේ.

ඉදිරි කටයුතු පිළිබඳ විමසීම්,

නිශාන්ත රන්දෙණි (ප්‍රධාන ලේකම්) - 077 222 6707

සුමින්ද හෙට්ටිආරච්චි (උප සභාපති) – 077 739 7256

 

 

 නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 24 වැනි දා අපර භාග 05.17 ට ලබයි. 25 වැනි දා සඳුදා අපරභාග 07.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු මස 24 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 02 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]