UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 අභිධර්මය - අභ්‍යාසය -14

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

අභිධර්මය - අභ්‍යාසය -14

පහත සඳහන් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න

1. බුදුරජාණන් වහන්සේගේ දේශනා කී වැදෑරුම් ද?

2. එම දේශනාවන් හි වෙනස්කම් මොනවාද?

3. මෙම බුද්ධ දේශනාවන් ඇතුළත් වන්නේ කිනම් පිටකයන්ටද?

4. අභිධර්ම පිටකයට අයත් පොත් නම් කරන්න

5. සතර පරමාර්ථ ධර්ම නම් කරන්න

6. අභිධර්මයට අනුව සත්වයන්ට පහළවන සිත් භූමි වශයෙන් තුන් වැදෑරුම් වේ. එම භූමි පිළිවෙළින් නම් කර එක් එක් භූමියට අයත් සිත් සංඛ්‍යා නම් කරන්න.

7. චිත්තය කී වැදෑරුම්ද? ඒවා නම් කරන්න

8. කාමාවචර සිත් යනු මොනවාද?

9. එකොළොස් වැදෑරුම් කාම ලෝකයන් නම් කරන්න

10. රූපාවචර සිත් කොතෙක් තිබේද?

11. චාතුර් භූමික සිත් පහළ වන්නේ කිනම් භූමි වල උපදින අයටද?

12. වට්ඨ චිත්තයැයි හඳුන්වන්නේ කිනම් සිත් වලටද?

13. විවට්ඨ සිත් යනු මොනවාද?

14. කාමාවචර සිත් 54 බෙදීයන අයුරු ලියා දක්වන්න

15. රූපාවචර සිත් බෙදෙන අයුරු ලියා දක්වන්න

16. අරූපාවචර සිත් බෙදී යන අයුරු ලියා දක්වන්න

17. අට වැදෑරුම් ලෝකෝත්තර සිත් බෙදීයන අයුරු දක්වන්න.

18. චාතුර්භූමක සිත් 89 ක් වේ ඒවා බෙදෙන අයුරු දක්වන්න.

පිළිතුරු

1. සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා යනුවෙනි.

2. i. සම්මුති දේශනාවේ සත්ව, පුද්ගල, ස්ත්‍රී, පුරුෂ, දේව, බ්‍රහ්ම, වෘක්ෂ, පර්වත යන ආදී වශයෙන් ලෝක ව්‍යවහාරය නොඉක්මවා වදාළ දේශනාය.

ii පරමාර්ථ දේශනා නම් ලෝක ව්‍යවහාරයේ නොපිහිටා ස්කන්ධ,ධාතු, ආයතන යනාදී වශයෙන් කළ දේශනාය

3. සම්මුති දේශනා විනය පිටකයේ හා සූත්‍ර පිටකයේ ඇතුළත්වන අතර පරමාර්ථ දේශනා අභිධර්ම පිටකයට ඇතුළත් වේ.

4. ධම්මසංගනිප්ප්‍රකරණය
විභංගප්ප්‍රකරණය
පට්ඨානප්ප්‍රකරණය
යමකප්ප්‍රකරණය
පුද්ගල පඤ්ඤත්තිප්ප්‍රකරණය
ධාතුකථාප්ප්‍රකරණය
කථාවත්ථුප්ප්‍රකරණය

5. චිත්ත
චෛතසික
රූප
නිබ්බාන යනුවෙන්.

6. කාමලෝක = සිත් සංඛ්‍යාව 54 යි
රූපලෝක =සිත් සංඛ්‍යාව 15 යි
අරූප ලෝක =සිත් සංඛ්‍යාව 12 යි

7. චිත්තය සිව් වැදෑරුම්ය. එනම්

1.කාමාවචර 2.රූපාවචර 3.අරූපාවචර 4.ලෝකෝත්තර වශයෙන්ය

8. කාමනම් කාම තෘෂ්ණාවය, ඒ කාමතෘෂ්ණාව යම් සිතක අරමුණුූ කිරීම් වශයෙන් හැසිරේද එම සිත කාමාවචර නම් වේ.

9. සදෙව් ලොව =6

මිනිස් ලොව =1
සතර අපාය =4
මුළු ගණන= 11

10. පහළොවකි

11. කාමාවචරලෝක, රූපාවචරලෝක, අරූපාවචර ලෝක ,ලෝකෝත්තර ලෝක යන භූමිවල උපන් අයටය.

12. කාමාවචර ,රූපාවචර, අරූපාවචර, යන සිත් තුන් කොටස එක්වු කළ තෛ‍්‍ර භූමික චිත්ත හෙවත් වට්ඨ චිත්තයැයි කියනු ලැබේ.

13.ලෝකෝත්තර සිත් වලට විවට්ඨ චිත්ත යැයි කියනු ලැබේ.

14.අකුසල සිත් =12 යි
අකුසල විපාක සිත් = 7 යි
කුසල සිත් = 8 යි
කුසල අහේතුක විපාක සිත් =8 යි
කුසල සහේතුක විපාක සිත් = 8 යි
අහේතුක ක්‍රියා සිත් = 3 යි
සහේතුක ක්‍රියා සිත් =8 යි
මුළු ගණන = 54 යි

15.රූපාවචර කුසල සිත් =5 යි
විපාක සිත් = 5 යි
ක්‍රියා සිත් = 5 යි
මුළු ගණන =15 යි

16. අරූපාවචර කුසල සිත් = 4 යි
විපාක සිත් = 4 යි
ක්‍රියා සිත් = 4 යි
මුළු ගණන = 12 යි

17. මාර්ග සිත් = 4 යි
ඵල සිත් =4 යි
මුළු ගණන =8 යි

18. කාමාවචර සිත් =54 යි
රූපාවචර සිත් =15 යි
අරූපාවචර සිත් =12 යි
ලෝකෝත්තර සිත් =8 යි
මුළු ගණන = 89 යි

 

 

 නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 24 වැනි දා අපර භාග 05.17 ට ලබයි. 25 වැනි දා සඳුදා අපරභාග 07.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු මස 24 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 02 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]